ඉතා සුළු පිරිසකගේ අමනෝඥ ක්‍රියාවක් නිසා බේරුවල උණුසුම් තත්ත්වය ඇතිවූ බව වැටහෙනවා' යැයි අගමැති දි.මු. ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කළේය.
තමා පෙරේදා (16දා) බේරුවල ප්‍රදේශයේම සංචාරය කර එහි ජනතාව මුණගැසුණු බවත් සිංහල මුස්ලිම් පොදු ජනතාව ඉතා මිත්‍රශීලීව කතා කළ අතර සිද්ධිය ගැන සෑම දෙනාම කනගාටුව ප්‍රකාශ කළ බවත් අගමැතිවරයා කීවේය.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශ ලේකම්වරයා සපයන ලද තොරතුරු ඇසුරෙන් අගමැතිවරයා සිය වාර්තාව ඉදිරිපත් කරන බව පවසා මෙසේද කීවේය.
පොසොන් පොහොය දින 2014.06.12 ධර්ම දේශනයක් සඳහා වැඩම කරවන ලද අයගම සමිත ස්වාමින් වහන්සේ ගමන් කළ වාහනයේ රියැදුරු සමඟ ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් මුස්ලිම් අයකු විසින් උන්වහන්සේට පහරදීමක් මුල් කරගෙන මෙම සිද්ධිය ඇති වී ඇත. මෙම පහරදීමට සම්බන්ධ සැකකරුවන් තුන් දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලදී.
රෝහල්ගත කළ සමිත ස්වාමින් වහන්සේ රෝහලින් බැහැර කළ දින එනම් ජුනි 16 වැනි දින මෙම ස්වාමින් වහන්සේ පිළිගැනීමට ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටි උත්සවයකට ඉඩ ලබා දෙන ලදී. මෙම උත්සවය අවසානයේ මෙම හිමියන් උන්වහන්සේ වැඩ සිටින දර්ගා නගරය කුරුඳුවත්ත විජයාරාම විහාරස්ථානය වෙත ගමන් කිරීමට තිබෙන මාර්ගය දර්ගා නගරයේ ප්‍රධාන මුස්ලිම් පල්ලිය ඉදිරියෙන් වැටී ඇති බැවින්, මෙම ගමන පිළිබඳ අදාළ පල්ලියේ පූජකවරුන්ද දැනුම්වත් කර අවහිරතාවකින් තොරව මෙම කාර්යය ඉටු කිරීමට අදාළ පාර්ශ්වන් එකඟ විය. එසේ වුවත් ස්වාමින් වහන්සේ රැගත් වාහන මෙම මාර්ගයේ ගමන් කිරීමේදී යම් කිසි පිරිසක් විසින් මෙම වාහනවලට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා මෙම තත්ත්වය පැන නැඟී ඇත.
මේ සිද්ධියෙන් ප්‍රදේශයේ ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් සිංහල හා මුස්ලිම් වැසියන්ගේ දේපොළවලට හානි සිදුවී ඇති අතර, මෙම ගැටුම හේතුවෙන් පොලිස් නිලධාරීන් 06 දෙනකුද, මාවරලේ සුදම්ම හිමි නමැති භික්‍ෂුන් වහන්සේ නමක්ද, සිංහල සහ මුස්ලිම් දෙපාර්ශ්වයේම 44 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ඉන් දෙදෙනකු ජීවිතක්‍ෂයට පත්වී ඇත. මෙම සිද්ධිය සිදුවූ විගසම අලුත්ගම, බේරුවල ප්‍රදේශවල මහජන දේපොළ හා ජීවිත ආරක්‍ෂා කිරීමට පොලිසිය හා විශේෂ කාර්ය බළකාය යොදවන ලදී.
මේ ප්‍රදේශයේ වාතාවරණය සාමකාමී තත්ත්වයට පත්ව ඇති බව කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා සහ කළුතර පොලිස් අධිකාරිවරයා විසින් අද දින මා වෙත වාර්තා කරන ලදී.
ආගමික හා ජාතිවාදී හැඟීම් දේශපාලකයකුට තිබිය යුතු නැහැ. තමාගේ ආගම හා ජාතිය ගැන සාධාරණව කල්පනා කිරීමටත් අන් අයගේ ජාතිය හා ආගම ගැන ඒවගේම සාධාරණව කල්පනා කිරීමටත් හැකි විය යුතුයි. මෙවැනි සිදුවීම් ලෝකයේ හැම තැනකම සිදු වෙනවා. මේ එවැනි සිද්ධියක් පමණයි. ඒ නිසා මේක ගණන් ගත යුතු සිද්ධියක් නොවේ.
ජනපති බොලිවියා ගියා බොදු බල සේනා බේරුවල ගියා - විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ
"මුස්ලිම් නායකයො ජනාධිපතිතුමා හම්බවෙන්න බලාගෙන ඉන්නවා. ජනාධිපතිතුමා බොලිවියා ගියා... බොදු බල සේනා බේරුවල ගියා" යැයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17දා) පැවැසුවේය.
එසේ පැවැසූ විපක්‍ෂ නායකවරයා ආණ්ඩු පක්‍ෂයේ ඉදිරිපෙළ අසුන්ගෙන සිටි රවුෆ් හකීම් ඇමැතිවරයා දෙසට අත දිගු කරමින් 'මේගොල්ලො ජනාධිපතිතුමා එනකම් බලා ඉන්නවා' යැයිද කීවේය.
ස්ථාවර නියෝග 23/2 යටතේ විපක්‍ෂ නායකවරයා බේරුවල සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් මෙසේද කීවේය.
ජුනි 15 වැනි දින බේරුවල ප්‍රදේශයේදී ඇතිවූ සිද්ධිය නිසා උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳ මම මේ ගරු සභාවේ අවධානය යොමුකරවීමට කැමැතියි.
ඊට දින කිහිපයකට පෙර අලුත්ගම වෙළෙඳසලකට පහරදීමේ සිද්ධියක් හා භික්‍ෂුන් වහන්සේ නමක් ගමන් කළ වාහනයකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එහෙත් එබඳු සිදුවීම් යළි ඇති නොවන පරිදි ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට ඒවා උසිගන්වනසුලු පරිසරයක් රජය නිර්මාණය කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට ජාතිවාදය ඇවිස්සී විශාල වශයෙන් දේපොළ හානි හා මේ වන විට ජීවිත හානිද සිදුවී ඇති බවයි අපට දැනගැනීමට හැකිවී තිබෙන්නේ.
ජුනි 15 වැනිදා අලුත්ගමදී බොදු බල සේනා සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වා තිබෙනවා. මෙම රැස්වීමට පිටස්තර ප්‍රදේශවලින් බස් රථවලින් සෙනඟ කැඳවා තිබෙනවා. තවද එම රැස්වීමේ කතා මඟින් ජාතිවාදය අවුළවා තිබෙනවා. අනතුරුව පෙළපාළියක් ලෙස මෙම පිරිස මුස්ලිම් ජනතාව ජීවත් වන දර්ගා නගරය හරහා ගමන් කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ ප්‍රධාන ස්වාමින් වහන්සේ රජය දැනුම්වත් කර මෙම ප්‍රශ්නය ප්‍රදේශයේ සිංහල, මුස්ලිම් ජනතාවට සාමකාමීව විස¼දා ගැනීමට හැකියාවක් තිබෙන බවත් ජාතිවාදය අවුස්සන මේ ක්‍රියාදාමයට ඉඩනොදෙන ලෙසත් ඉල්ලා තිබෙනවා.
එහෙත් රජය විවිධ පුද්ගලයන්ට නීතිය අතට ගැනීමට ඉඩදී නිහඬව බලා සිටීමේ පිළිවෙතක් අනුගමනය කර තිබෙනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් නිදහස් අධ්‍යාපනය රැකගැනීමට රැස්වීම් තබද්දී, පෙළපාළි යද්දී මහජනයාට පීඩා වන්නේ යැයි කියා උසාවි නියෝග ගෙන ඒවා නවත්වන රජය මෙහිදී නැවැත්වීමට පියවර ගත්තේ නැහැ.
මෙම සිද්ධිය ගැන පූර්ණ වාර්තාවක් අපේක්‍ෂා කරන අතර අදාළ සිදුවීම ඇතිවී පැතිරීමට ඉඩදී රජය බලා සිටියේ කවර හේතු නිසාදැයි අගමැතිතුමාගෙන් විමසා සිටීමට කැමැතියි. එමෙන්ම මීට වගකිවයුතු සංවිධාන, නායකයන්, පුද්ගලයන් කවුරුන්ද යන්නත් ඔවුන් සම්බන්ධයෙන් ගත් නීතිමය ක්‍රියාමාර්ග මොනවාද යන්නත් වැඩිදුරටත් දැනගැනීමට කැමැතියි.
මාවනැල්ලේදී ඊයේ (17දා) සිදුකිරීමට නියමිතව තිබූ සත්‍යග්‍රහයක් ගැන දැන්වීමක් මට ලැබුණා. ඒක නතර කරන්න. බේරුවල ප්‍රදේශයේ ඊයේ දහවල් 12.00ටත් කඩ තුනක් පුච්චලා තිබෙනවා. පක්‍ෂ නායක රැස්වීමක් පවත්වා අප කළ යුතු දේ තීරණය කරමු.
ආරක්ෂාව ගැන නිශ්චිත සහතිකයක් ඕනෑ - විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ
යෝජනාවට ඡන්දය දීමට තීරණය කිරීමට පෙර අලුත්ගම විනාශයට අලාභ වන්දි ගෙවීම හා සිද්ධියට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳවත් දැනගත යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතා පැවැසුවේය.
මා මුස්ලිම් කොංග්‍රසයේ නායකයා ලෙස කතා කිරීමට නැඟී සිටින්නේ මුළුමහත් ප්‍රජාවම අසරණභාවයට පත්වී ඇති අවස්ථාවකයි. මේක අප හැමදෙනාගේම ප්‍රශ්නයක්.
ඇත්ත වශයෙන්ම මානව හිමිකම් කොමිසමේ මහ ලේකම්වරිය අප රට ගැන යම් ද්වේෂයකින් කතා කළා වියහැකියි. යම් ආගම් හා ජාතීන් වෙනුවෙන් ප්‍රචණ්ඩත්වයෙන් ක්‍රියා කරනකොට අපට පුළුවන්ද මේකට විරුද්ධ වෙන්න?
සිංහල බෞද්ධ කොටස් විසින් වෙනත් කණ්ඩායම්වලට කරන ප්‍රහාර ගැන මුස්ලිම් පල්ලිවලට පහරදීම් ගැන ඒ වාර්තාවේ හෙළා දැක තිබෙනවා. වීඩියෝ දර්ශන පහක් තිබෙනවා. දර්ගා නගරයේ සිදුවීම් ගැන විසඳුමක් නැහැ. වෙනත් ආගම්වලට කරන හිරිහැර ගැන නීති ගෙනා යුතුයැයි අප කියනවා. ඒ ප්‍රදේශයේ සියලු බෞද්ධ ජනතාව කුපිත කරවන කතා ලෝකයම දකිනවා.
මේ රටේ තවත් අඳුරු කාල පරිච්ඡේදයක් ඇතිවීමටද යන්නේ. මේ වැරැදිවලට එරෙහි කුමන නීතිමය ප්‍රතිපාදනද තියන්නේ. සිවිල් හා දේශපාලන සම්මුතියට අප එකඟවී තිබෙනවා.
විරුද්ධවාදීන්ට බිළී බාගන්න අපි බබ්බු නොවේ. නිශ්චිත සහතික කිරීමක් අපට අවශ්‍යයි අපේ ජනතාවගේ ආරක්ෂාව ගැන. බොහොමයක් මිනිසුන් ඇඳුම පිටින් දැන් පාරට වැටිලා. තොගේටද සිල්ලරටද මැරෙන්න කියා විරවංශ මන්ත්‍රිතුමා ඇහුවා. තොගේට ගිනි තබා තිබෙනවා අලුත්ගම. දැන් ඒකට වගකියන්නෙ කවුද?
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ එම රැස්වීම පැවැත්වීම සඳහා උසාවියට ගිහින් තහනම් නියෝගයක් ගන්න පොලිසියේ උසස් නිලධාරියකුට දැනුම් දුන් බව වෙල්ගම ඇමැතිතුමා මට කීවා. එවැන්නක් වෙලා නැහැ. ආරක්ෂාව දෙන බව එම නිලධාරියා කියා තිබෙනවා.
රජය අහිංසක මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව සැලැසීමට කටයුතු කිරීම අවශ්‍යයි. අප ඡන්දය දීම ගැන තවම තීරණය කර නැහැ. ඊට පෙර සිදුවූ විනාශයට අලාභ වන්දි ගෙවීම ගැන රජයේ ස්ථාවරය දැනගත යුතුයි. සිද්ධියට සම්බන්ධ තැනැත්තන් අත්අඩංගුවට ගැනීම ගැනත් මින් ඉදිරියට මෙවැනි ක්‍රියා කරන අයට එරෙහිව රජය ගන්න පියවර ගැනත් අපට පැහැදිලිව කිව යුතුයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හා විමල් වීරවංශ මහතා එකිනෙකාට විරුද්ධ බව කියනවා. නමුත් සමහර දේවලින් සමානකම් තිබෙනවා. මුස්ලිම්වරු සවුදි අරාබියෙන් සල්ලි ලැබෙන අන්තවාදීන් ලෙස දකින හීනයක් තිබෙනවා. හැබැයි කිසිම සහතිකයක් නැහැ. කාන්තාවන්ගේ ඇඳුම ගැන නම් කියයි.
බොදුබල සේනාව මේවගේ කතා හැම තැනම කියනකොට අපේ බුද්ධි අංශ බුදියාගෙන ඉන්නවාද? එල්.ටී.ටී.ඊ. සංවිධානය විනාශ කළ බුද්ධි අංශයට බැරිද මේ සල්ලි එන තැන් හොයාගන්න. පහත් නින්දිත වැඩවල යෙදෙන ස්වාමින් වහන්සේ අත්අඩංගුවට ගන්න බැරිද?

.jpg)

0 comments:
Post a Comment