facebook like

කිළිටි දේශපාලනය ගැන කතාවක් සිනමාවෙන් කියන්නට ඉන්දීය ජාතික කොඩියෙන් විළි වසාගත් --- Mallika-Sherawat

කිසියම් රටක ජාතික සංකේත අතුරින් ජාතික කොඩියට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. සෙසු බොහෝ ජාතික සංකේත මෙන් නොව රටක් නියෝජනය කෙරෙන සෑම අවස්ථාවකදීම ප්‍රමුඛස්ථානය ලැබෙන්නේ එයටය. විවිධ උත්සව අවස්ථාවලදී ජාතික කොඩියට අගෞරව වන අන්දමින් කටයුතු නොකරන්නැයි වගකිවයුතු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ එබැවිනි. හමුදා සෙබළුන් මව්බිම වෙනුවෙන් දිවි පුද කළ සියලු විටම ඔවුනට කරන ගෞරවයක් වශයෙන් ඔවුන්ගේ මෘතදේහය සහිත පෙට්ටිය මත ජාතික කොඩිය අතුරනු දැකිය හැකිය. නමුත් මෑත දිනකදී ජාතික කොඩිය මෙයට වඩා ඉඳුරාම වෙනස් දෙයක් සඳහා යොදාගත් පුවතක් අසන්නට ලැබිණි. නමුත් ඒ අපේ රටෙන් නම් නොවේ. ඒ අපට අසල්වැසි ඉන්දියාවෙනි. එම පුවත මෙසේ ඔබ වෙත විස්තරාත්මකව ගෙන ඒමට අප අදහස් කළේ එම සිද්ධියට කාන්තාවක මුල්ව සිටින බැවිනි.
මෙසේ ඉන්දීය ජාතික කොඩිය වෙනත් අරමුණක් වෙනුවෙන් යොදා ගත්තේ ඉන්දියානු නිළියක වන මල්ලිකා ෂෙරාවත්ය. ඇය ඉන්දියානු නිෂ්පාදනයක් වූ ඇම්බැසඩර් රථයක නැගී සිය නිරුවත් සිරුර ඉන්දීය ජාතික කොඩියෙන් වසා ගනිමින් ප්‍රචාරක ‍පෝස්ටරයක් සඳහා පෙනී සිටියාය. ඒ ‘ඩර්ටි ‍පොලිටික්’ නම් චිත්‍රපටයක් වෙනුවෙනි. මෙම ‍පෝස්ටරයේ පසුබිමින් රාජස්ථාන් ප්‍රාන්තයේ ව්‍යවස්ථාදායක ගොඩනැගිල්ල දිස්වෙයි. ඇයගේ එක් අතක සංයුක්ත තැටියකි.
‘ඩර්ටි ‍පොලිටික්ස්’ සඳහා රංගනයෙන් දායක වීමෙන් අනතුරුව ඇය පිළිබඳ වෙනත් දෘෂ්ටිකෝණවලින් කතාබහ කරන්නට පටන්ගෙන ඇති බැව් පෙනේ.
“මේ කතාවෙන් කියැවෙන්නේ දේශපාලනඥයකු සමග සම්බන්ධයක් ඇති හෙදියක් ගැනයි. නමුත් තමාව දූෂණය කළ මේ දේශපාලනඥයාට එරෙහිව නැගී සිටින්නට තරම් ඇයට ධෛර්යයක් තියෙනවා.  අවසානයේ ඇය මැරුම් කනවා. ඔහුගේ වැරදි ක්‍රියා සියල්ල ගැන තොරතුරු ඇය ළඟයි තිබෙන්නේ” මල්ලිකා තමා නිරූපණය කළ චරිතය පිළිබඳ එසේ සිය අදහස් පළ කළාය.
‘භන්වාරි දේවි’ නම් සැබෑ චරිතයක් මත පදනම්ව මෙම චිත්‍රපටය නිර්මාණය කොට තිබේ. එම සැබෑ කතාව සැකෙවින් මෙසේය:
වින්නඹුවක වූ භන්වාරි දේවි 2011 වසරේදී එක්වරම අතුරුදන් වන අතර 2012 වසර මුලදී ඇගේ මළසිරුර හමුවිය. දේශපාලනඥයකු සමග සම්බන්ධයක් පැවැත්වූ ඇය එක්තරා සංයුක්ත තැටියක් ඉදිරිපත් කරමින් තමාට මුදල් නොදුනහොත් එම තැටිය මාධ්‍යයට ලබා දෙන බැව් එම දේශපාලනඥයාට පවසමින් සිටියාය. මෙම තර්ජනය කිරීමෙන් වැඩි දවසක් ගතවන්නට පෙර ඇය අතුරුදන් විය. ඇගේ සැමියා මෙහිදී චෝදනා කරන්නේ අදාළ දේශපාලනඥයන්ටය.
Mallika-Sherawat1මෙම ‍පෝස්ටර් නිර්මාණය කළ පුද්ගලයන් බලා‍පොරොත්තු වූවා සේම මේ සම්බන්ධව ප්‍රබල ජනතා විරෝධයක් නැගෙන්නට විය. විශේෂයෙන් රාජස්ථාන් ප්‍රාන්තයෙන් මෙයට නැගුණු විරෝධය සුළුපටු නැත. ක්‍රිකට් තරගයක් පරාජය වූ විට ක්‍රීඩකයන්ගේ නිවෙස්වලට ගල් ගසන්නට පෙළඹෙන ක්‍රීඩාලෝලීන් සිටින රටක ජාතික කොඩියෙන් ගැහැනියකගේ නිරුවත වසා ඇති ‍පෝස්ටරයක් දකින මිනිසුන්ගේ ආවේග පිළිබඳ අමුතුවෙන් විස්තර කළ යුතු නැත. ඉන්දීය දේශපාලනයේ දූෂණ හා අක්‍රමිකතා

දේශපාලනඥයන් විසින් වසා දමන්නට උත්සාහ කරන අයුරු මෙම චිත්‍රපටයෙන් නිරූපණය කෙරෙන බැව් පැවසේ. කේ.සී. බොකාඩියා අධ්‍යක්ෂණය කොට ඇති මෙහි මල්ලිකා ෂෙරාවත් සමග ජැකී ෂෙරොෆ්, අනුපම් කේර්, ඕම් පූරි සහ අතුල් කුල්කාර්නි යන සුපිරි නළුවන්ද දායකවී ඇත. මල්ලිකා ෂෙරාවත් ‘ඩර්ටි ‍පොලිටික්’ සඳහා කෑන්ස් සිනමා උළෙ‍ලේදී ඉහළ ප්‍රචාරණයක් ලබා දෙන්නට කැපවී ක්‍රියා කළාය.
ඉන්දීය ජනතාවගේ ආවේග කුපිත කරවන්නට සමත් මෙම ‍පෝස්ටරය සඳහා පෙනී සිටි මල්ලිකා ෂෙරාවත් යනු බොහෝ සිනමා නිර්මාණ සඳහා දායක වුවද මුල් සමයේ ඉතා ජනප්‍රියත්වයට පත් නිළියක නොවේ. 1976 ඔක්තෝබර් 24 වැනිදා ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ කුඩා ගම්මානයක උපන් ඇගේ මුල් නම වූයේ ‘රීමා ලම්බා’ය. ඇය සිනමාවට පැමිණෙන විට ‘රීමා’ නමින් වෙනත් නිළියක් සිටි බැවින් ඇයට මුල් යුගයේදීම තම නම වෙනස් කරන්නට සිදුවිය. ඒ සඳහා ඇය ‘අධිරාජිනිය’ නම් අරුතැති ‘මල්ලිකා’ යන්න තෝරා ගත්තාය. ‘ෂෙරාවත්’ යනු ඇගේ මවගේ විවාහයට පෙර නම විය. ඇය සිය මවගේ නම මේ සඳහා තෝරාගන්නට ප්‍රධාන හේතුවක් වූයේ සිනමා කර්මාන්තය හා එක්වන විට පවු‍ලේ පිරිස සහ ඥාතීන් ඒ සඳහා විරෝධය පළ කළද මව පමණක් සහයෝගය ලබා දුන් බැවින් යැයි ඇය පවසයි. මල්ලිකා දිල්ලි සරසවියෙන් දර්ශනය පිළිබඳ උපාධියක්ද ලබා ඇත. කුඩා ගම්මානයකින් පැමිණි තමන්ට සිනමාවේදී බොහෝ බාධක එල්ලවූ බව පවසන්නීය. මුල්සමයේ ඇය පෙනී සිටි සිනමා නිර්මාණවලින් ඇයට එතරම් ජනප්‍රියත්වයක් ලැබුණේ නැත. නමුත් ‘කවාහිෂ්’, ‘මර්ඩර්’ වැනි චිත්‍රපටවල සිදුකළ ආන්දෝලනාත්මක රඟපෑම් නිසා බොහෝ දෙනෙක් ඇය පිළිබඳ කතා කරන්නට පටන් ගත්හ. එම චිත්‍රපටවලින් අනතුරුව ඇය බොහෝදෙනකු විසින් හඳුන්වනු ලැබුයේ ‘ලිංගික සංකේතයක්’ ලෙසිනි. ‘ප්යාර් කේ සයිඩ් ඉෆෙක්ට්’හි ඇය කළ අනුරාගී රංගනය නිසා ඇයට බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ද හිමිවිය. ඉන්පසු ඇය රංගනයෙන් දායකවූ ‘ආප්කේ සුරෝර් - ද රියල් ලව් ස්ටෝරි’, ‘ඩබල් ධමාල්’ වැනි චිත්‍රපට අතිසාර්ථකත්වයට පත්විය.
“පුංචි ගමකින් ආපු මට මේ ලැබිලා තියෙන ජනප්‍රියත්වය වුණත් ඇති කියලයි මට හිතෙන්නේ. මගේ ගමේ හැටියට මම දැන් බොලිවුඩ්වල ඉන්න ලොකු නිළියක්” මල්ලිකා එසේ පවසන්නීය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive