facebook like

ඇඟිලි ගැසීම් නවත්වනවා නම් විදෙස් පුහුණුකරුවෙක්ම ඕනෑ නැහැ

1997-2007 වකවානුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවකු ලෙස දක්‍ෂතා දැක්වූ රසල් ආනල්ඩ් වර්තමානයේදී ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයකු ලෙස කටයුතු කරයි. මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරගාවලිය මෙන්ම 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව විවිධ වූ අදහස් ඔහු මව්බිම පුවත්පතට පළ කළේ මෙසේය.

එංගලන්ත දේශගුණය හා එංගලන්ත තණතීරුවල ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකාව වැනි රටකට දුෂ්කර කාර්යයක් බව පෙන්වා දුන් ආනල්ඩ් ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් පැමිණි ගමන් මග සාර්ථක බවද පැවැසීය.


"මේ තියෙන කාලගුණ තත්ත්වය ශ්‍රී ලංකාවට හොඳයි. ඉදිරියේදීත් මේ තත්ත්වයම පැවතුණොත් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලියත් හොඳින් කරයි. ඒ වගේම තණතීරුව වේළිලා ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ට සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන් වේවි. එංගලන්තයේ ප්‍රසිද්ධ කියමනක් තියෙනවා "මැච් එක පටන් ගන්න ඉස්සර වෙලා තණ තීරුව බලන්න එපා උඩ බලන්න කියලා" යනුවෙන් ආනල්ඩ් අදහස් විය. විස්සයි-20, එක්දින තරගාවලිය මෙන්ම ටෙස්ට් තරගාවලියේදීත් මේ වනවිට සාර්ථක ප්‍රතිඵල පෙන්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස මාවන් අතපත්තුම පත්කළ යුතුද යන්න විමසා සිටි අවස්ථාවේදී ආනල්ඩ් පැවැසුවේ "ලංකාවේ හොඳ පුහුණුකරුවෝ ඉන්නවා. ඔවුන්ගේ උපායශීලී ක්‍රමෝපාය හොඳයි. ඒත් ලංකාවේ කෙනෙක් පාලනය කළාම අභ්‍යන්තර ඇඟිලි ගැසීම් වැඩියි. මේ නිසා විදේශීය කෙනෙක් පාලනය කරනවා නම් ඒ අභ්‍යන්තර ඇඟිලි ගැසීම් සිදුවෙනවා අඩුයි. මේ තත්ත්වය පාලනය කරන්න පුළුවන් නම් විදේශීය පුහුණුකරුවකුගේ සේවය අපට අවශ්‍ය වන්නේ නැහැ"


බට්ලර්ගේ සිදුවීම සම්බන්ධයෙන් ඔබ දරන්නේ මොන වගේ මතයක්ද?මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම කළේ ගොඩක් හොඳ කාර්යයක්. ඒකෙ වැරැද්දක් මම දකින්නේ නැහැ.ඔහුට අවස්ථා දෙකක් අපි දුන්නා. මයිකල් හෝල්ඩින් කිව්වා වගේ 2015-2016 වෙනකම් බට්ලර්ට වෝනින් (අවවාද) දිදී ඉන්න බැහැනේ. ඒක ක්‍රිකට් ජීවගුණයට (Spirit) හානියක් වුණා කියලා කොහෙත්ම කියන්න බැහැ. ඒක ක්‍රිකට් ක්‍රීඩාවේ උපායශීලී (Tacticaly) දෙයක්.ඒ වගේම ඒක එකපාරටම සිදුවුණු දෙයක් නෙවෙයි. ඉංගී්‍රසිවලින් කිව්වොත් “It’s a Clever cricket” යනුවෙන් පෙන්වා දුන් ආනල්ඩ් සචිත්‍රගේ පන්දු යැවීම විමර්ශනය භාජන කිරීම කුමන්ත්‍රණයක් නොවන බවද කීය. 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මේ ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුද යන්න විමසීමේදී ඔහු පැවැසුවේ ලංකාවේ ඉදිරි අරමුණු මෙන්ම ජේ‍යෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනකුම කණ්ඩායමේ සිටීම ඉතා හොඳ බවයි.


"හැබැයි Options (විකල්ප) තියෙනවා. අෂාන් ප්‍රියංජන, චන්දිමාල්, ළහිරු තිරිමාන්න වගේ තරුණ ක්‍රීඩකයන් අපට ඉන්නවා. මම හිතන්නේ සමබරතාව තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට තියෙන ලොකුම ප්‍රශ්නය. පිතිකරුවන් කී දෙනාද, වේගපන්දු යවන්නන් කී දෙනාද දඟ පන්දු යවන්නන් කී දෙනකු කණ්ඩායමට සිටිය යුතුද කියලා දැන් ඉඳලම ප්ලෑන් කරනවා වගේම අංක 7 ස්ථානයට තුන් ඉරියව් ක්‍රීඩකයකු ගේන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

විචිත්‍ර වීරසිංහ එංගලන්තයේ සිට..

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive