facebook like

පටු දේශපාලන වාසි තකා සමහරු රටත් ජාතියත් පාවා දෙනවා

අලුත්ගම ප්‍රදේශයේදී පසුගියදා ඇති වූ ගැටුම්කාරී තත්ත්වයන් පිළිබඳ පැවැති මාධ්‍ය දැනුවත් කිරීමකදී. ඥානසාර හිමියෝ මෙසේ ද කීය.
 මෙම සිදුවීම වන විට මාත් එම ප්‍රදේශයේ හිටියා වැරදි ප්‍රචාර ඇති කළත් බොදුබල සේනාව මෙම සිදුවීමට සම්බන්ධ නැහැ. ප්‍රදේශයේ බණකට වැඩිය ස්වාමීන් වහන්සේ නමකට හේතු විරහිතව අන්තවාදී කණ්ඩායමක් විසින් එල්ල කළ ප්‍රහාරයක් මුල් කරගනිමින් මෙම සිදුවීම ඔවුන් විසින්ම ඇති කළ දෙයක්. නිරායුධ කණ්ඩායමකට අවිහිංසක සංඝයා වහන්සේලාට සිදුකරන මෙම ප්‍රහාරයන් අප
පිළිකුළෙන් හෙළාදකිනවා. මේ සිදුවීමෙන් දෙපාර්ශ්වයේම 40කට ආසන්න පිරිසක් රෝහල් ගත කළා. ස්වාමීන් වහන්සේලා දෙනමක් රෝහල් ගත වෙලා. එහෙත් පහර කෑමට ලක් වූ ස්වාමීන් වහන්සේ අපවත් වී නැති බව මම වගකීමෙන් කියනවා.
පසුගිය කාලය තුළ කළුතර, හසලක, බදුල්ල, කුරුණෑගල, ආදී ප්‍රදේශවල මෙවැනි සිද්ධි ගණනාවක් සිදුවුණා. අන්තවාදීන් විසින් සිදුකරන මෙම සිදුවීම් පිළිබඳව අප මීට අවුරුදු හතරකට කලිනුයි රජයට අනතුරු ඇඟෙව්වේ. මෙවැනි සිදුවීම්වලට රටේ සිටින සාම්ප්‍රදායික ජන කොටස් විරුද්ධයි.
 ‍පොසොන් දවසේ බණකට වැඩිය ස්වාමීන් වහන්සේ නමකට බණකට වඩිනවා කියද්දීත් අතින් පයින් පහර දී හිංසා කළා. මේක බුද්ධ චීවරයට කළ නිගාවක්. අපි බොහොම ඉවසුවා. මේ සිද්ධිය සාමකාමී කිරීමට. අපි බොහෝ වෙහෙසුණා. ඊයේ දිනයේදීත් මාවනැල්ල, බදුල්ල ප්‍රදේශවල ඇතිවීමට ගිය නොසන්සුන් තත්ත්වයක් අපි සමනය කළා.
පරිනත භාවයක් නැති ‍පොලිස් නිලධාරීන් නිසා මේ තත්ත්වය තවත් වැඩිදියුණු වුණා. එකම රටක නීති දෙකක් තිබෙන්න බැහැ. නීතිය කාටත් ‍පොදු විය යුතුයි. මේ තත්ත්වය දැන්ම සමනය නොකළහොත් තව අවුරුදු 20 ක් 30ක් යන විට කුමක් සිදුවෙයිද. සමහර අන්තවාදී නායකයන් මේවා වැරදි විදිහට ජාත්‍යන්තරයට මුදා හැරලා තිබෙනවා. පටු දේශපාලන වාසි තකා ඔවුන් රටත් ජාතියත් පාවා දෙනවා. අන්තවාදී නායකයෝ මේ සිදුවීම කල්තියා දැනසිටි බවට ඔහු කළ ප්‍රකාශයෙන් හෙළි වුණා. ඔහු සම්බන්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි. අපි අසත්‍ය තොරතුරු ප්‍රකාශ කරනවානම් කාට හෝ පුළුවන් මානව හිමිකම් කඩකරලා කියලා නඩු දාන්න. අපි සත්‍ය ප්‍රකාශ කරන්නේ අපි ආගමික සහජීවනය උපරිමයෙන් දකින ජාතියක්. ඒ නිසා තමයි රට තුළ පන්සල්වලට වඩා පල්ලි හදන්න ඉඩදීලා තිබෙන්නේ.
 බොදුබල සේනා සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමි, මහනුවර බොදුබල සේනා සංවිධායක ලියන්වල ශාසනාරතන හිමිද, ආචාර්ය නිලන්ත විතානගේ මහතා ඇතුළු ස්වාමීන් වහන්සේලා රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive