"පහරදීමක් කළොත් පෙරළා පහර දෙන්න" යැයි තමා ප්‍රකාශ කළ බවට පවසමින් රජයේ මැති ඇමැතිවරුන් හා රාජ්‍ය මාධ්‍ය විසින් ගෙන යනු ලබන ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍යයක් හා තමා එය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
එවැනි ප්‍රකාශයක් කර ඇත්නම්, එය ඔප්පුකර පෙන්වන ලෙසට ආණ්ඩුවට අභියෝග කරන අනුර දිසානායක මහතා සඳහන් කෙළේ තමා පමණක් නොව තම පක්ෂයේ කිසිවකු කිසිම විටෙක එවැනි ප්‍රකාශයක් කර නොමැති බවත් හා මෙම මඩ ප්‍රචාර හා අවලාදවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට ක්‍රියාකරන බවයි.
සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව සියලු ජනයා තමන්ගේ අනාගතය, රටේ අනාගතය ජවිපෙ සමඟ ර¼දාපවත්වා ගනිමින් සිටින බවට රටේ මුල් බැසගෙන තිබෙන විශ්වාසය පලුදු කිරීමේ කූට උත්සාහයක ආණ්ඩුව නිරතව ඇති බව පවසන ඒ මහතා රටේ ඇතිවී තිබෙන තත්ත්වය හා ආණ්ඩුව විසින් ජනතා විමුක්ති පෙරමුණට එල්ල කරන ලද අවලාද පිළිබඳව විශේෂ පැහැදිලි කිරීමක් කරමින් වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.
අද අපේ රටේ නැවත ජාතිවාදයේ ගිනිදැල් ඇවිළෙන්නට පටන්ගෙන තිබෙනවා. එම තත්ත්වය තමයි පසුගියදා බේරුවලදී සහ අලුත්ගමදී පෙන්නුම් කළේ. උඳු වපුරා තල බලාපොරොත්තු වෙන්න එපා. වපුරන දේ තමයි අපට අස්වැන්න ලෙස ලැබෙන්නේ. පසුගිය කාලය පුරා විවිධ ජාතිවාදයන් රට තුළ ගොඩනැඟෙමින් තිබුණා. මුස්ලිම් ජාතිවාදය, දෙමළ ජාතිවාදය, සිංහල ජාතිවාදය වර්ධනය වෙමින් තිබුණා. කිසිදු ජාතිවාදී ප්‍රවණතාවකට අපේ රට අඟලක් හෝ ඉදිරියට ගන්න පුළුවන්කමක් නැහැ. අප විසින් කළ යුත්තේ මේ සියලු ජාතිවාදී ප්‍රවණතාවන්වලට එරෙහිව ජාතික සමඟියේ කොඩිය අත්පත් කර ගැනීමයි.
අපි අවුරුදු 30ක අනවරත යුද්ධයකින් බැටකාපු ජනතාවක්. මේ මාතෘභූමියත්, ජනතාවත් සුරක්ෂිත වන්නේ ජාතික සමඟිය ආරක්ෂා කරන ප්‍රමාණයට පමණයි. ඒ නිසා අප මේ මොහොතේත් ඉල්ලා සිටින්නේ කිසිදු සිදුවීමකට කලබලයට පත්නොවී කිසිදු ජාතිවාදී ගැටුමකට මැදිහත් නොවී ජාතික සමඟිය වෙනුවෙන් පෙනී සිටින ලෙසයි. ආණ්ඩුව දිගින් දිගටම කටයුතු කරමින් සිටින්නේ, මේ තත්ත්වය සමනය කිරීමේ දිශාවට නොව ගිනිදැල් වර්ධනය කිරීමේ දිශාවටයි. බොහෝ අවස්ථාවලදී ආණ්ඩුව තමන් සිදුකළ යුතු අත්‍යවශ්‍ය මැදිහත්වීම් අත්හැර දමා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි අපේ රට අද අඳුරු ඛේදවාචකයකට මුහුණ දී සිටින්නේ.
එනිසා ඔබ ජාතික සමඟිය වෙනුවෙන් පෙනී සිටින ලෙසත් කිසිදු ජාතිවාදයකට යට නොවෙන ලෙසත් අප යළි යළිත් අපේ රටේ ජනතාවට අවධාරණය කරනවා. මේ තත්ත්වයන් උපයෝගී කරගෙන ආණ්ඩුවෙන් ආණ්ඩුවේ රැකවරණය ලබන ආණ්ඩුවේ මුදල්, යානවාහන මත පෝෂණය ලබන යම් යම් පිරිස් අපේ පක්ෂයටත්, පෞද්ගලිකව මටත් අවලාද රැල්ලක් නිර්මාණය කර තිබෙනවා.
දිල්හාන් විමල්ක

0 comments:
Post a Comment