කඳාන හපුගොඩ සාන්ත මරියා විදුහලේ 10 වසර අධ්‍යාපනය ලබමින් සිටියදී ඉකුත් (6) දින දුම්රියට පැන සියදිවි හානිකරගත් සෙව්මිණි අපේක්ෂා සිසුවියගේ මරණයට එම විදුහලේ ගුරුවරියන් දෙදෙනකු වගකිවයුතු බව ප්‍රකාශ කරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ගුරුවරියක් පැමිණිලි කර තිබේ.
පැමිණිලි අංක සීඒ/05/14/06/4642 යටතේ එම පැමිණිල්ල කර ඇති අතර, ඒ අනුව පෙරේදා (16) ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මිය මියගිය දැරියගේ දෙමාපියන් කැඳවා මූලික සාක්ෂි සටහන් කරගෙන ඇත. මෙහිදී දැරියගේ මව වන මාරී අල්විස් මහත්මිය පිටු 3ක සාක්ෂි සටහනක් ලබාදී ඇත. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රකාශකයකු පවසා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකාරිය මගින් ඉදිරියේදී පුළුල්ව විමර්ශන කටයුතු ආරම්භ කරන බවය.සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලීසියද සාක්ෂි සටහන් කරගනිමින් පරීක්ෂණ කටයුතු සිදු කෙරෙයි

0 comments:
Post a Comment