උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා විසින් සරසවි සිසුන්ට පරුෂ වචනයෙන් දොස් කීම පිළිබඳව බස්‌නාහිර පළාත් සභාවේ හිටපු ඇමැති ලෝරන්ස් මාදිවෙල මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලිපියක් යවා ඇත. එහි මෙසේ සඳහන් වේ.
ඔබතුමාගේ අමාත්‍ය මණ්‌ඩලයේ සාමාජිකයකු වන උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා විසින් පසුගිය දිනක විද්යුත් හා මුද්‍රිත මාධ්‍යයන් හරහා විශ්වවිද්‍යාල සිසුන් "පිස්‌සෝ, බූරුවෝ, මෝඩයෝ සහ නරි යන ඉතාමත් පහත් මට්‌ටමේ වචන භාවිත කරමින් හඳුන්වාදුන් ආකාරය පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරවීම පිණිස මෙය ලියා එවමි.
විශ්වවිද්‍යාලවලට තේරීපත්වී ඉගෙනුම ලබන්නේ පිස්‌සෝ, බූරුවෝ, මෝඩයෝ හෝ නරි නොවෙති. ඔවුන් ඇත්ත වශයෙන්ම උගත් තරුණ, බොහෝ දුරට අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ය. මේ රටේ වැඩ කරන ජනතාවට වෘත්තීයමය ප්‍රශ්න කොතෙකුත් ඇතිවන්නා සේම විශ්වවිද්‍යාල සිසුන්ටද අධ්‍යාපනික වශයෙන් විවිධ ප්‍රශ්න ඇතිවිය හැකිය. එවැනි අවස්‌ථාවලදී වැඩ කරන ජනතාව උද්ඝෝෂණවලට පමණක් නොව වැඩ වර්ජනවලට පවා එළැඹෙන අවධියක විශ්වවිද්‍යාල සිසුන් තම ප්‍රශ්න වෙනුවෙන් උද්ඝෝෂණ කිරීම වරදක් නොවේ. සේවකයන් වැඩ වර්ජන හා උද්ඝෝෂණ කරන විට අදාළ කිසිම ඇමැතිවරයකු ඔවුන් පිස්‌සන්, බූරුවන්, මෝඩයන් හෝ නරි ලෙස හඳුන්වා මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කළේ නැත. එපමණක් ද නොවේ. වත්මන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මීට වසර ගණනාවකට පෙර විශ්වවිද්‍යාල සිසුවකුව සිටියදී සෙසු සිසුන් සමග එක්‌වී මෙවැනි උද්ඝෝෂණවලට සහභාගි වී නැතුවා නොවේ. එහෙත් එවකට සිටි අධ්‍යාපනය භාර අමාත්‍යවරුන් සිසුන්ට පිස්‌සෝ, බූරුවෝ, මෝඩයෝ හා නරි යෑයි කියා ඇති බවක් අසන්නට නැත. එවන් තත්ත්වයක් යටතේ මේ රටේ අනාගතය භාර ගැනීමට සිටින උගත් තරුණ තරුණියන්, ඔබතුමා විසින් පත් කරන ලද උසස් අධ්‍යාපන ඇමැතිවරයා විසින්ම මෙලෙස ඉතාමත් පහත් අන්දමින් හඳුන්වා දීම මොනතරම් අධම ක්‍රියාවක්‌ද යන්න ඔබතුමාටද වැටහෙනු ඇත.
වසර ගණනාවක් තිස්‌සේ මෙරටට වධදුන් කුරිරු යුද්ධය නිමාවට පත්කර ජනතාවට බියෙන් සැකෙන් තොරව නිදහසේ ජීවත්වීමට අවස්‌ථාව සලසා දීමෙන් ඔබතුමා ඉටුකළ අනගි විශිෂ්ට මෙහෙවරට අදාළ අමාත්‍යවරයාගේ මේ ක්‍රියාවෙන් සිදුවී ඇත්තේ තදබල හානියකි. එබැවින් මෙවැනි අනුවණ ක්‍රියාවන් ඉදිරියේදී සිදු නොවීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ඔබතුමාගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

0 comments:
Post a Comment