facebook like

වාදපිටියට ආරාධනා ලැබුනේ මට.. ආවානම් හරීන්ට ගහන්නේ මං

පසුගියදා දෙරණ රූපවාහිනියේ පැවති වාදපිටිය වැඩසටහනට ආරාධනා ලැබී තිබුනේ තමන්ට බවත් එදා එන්න ලැබුනානම් හරීන් ගුටිකන්නේ තමන්ගෙන් බවත් ඌව පළාත් සභවේ හිටපු මහ ඇමති ශසින්ද්‍ර රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ හදපානගල උල්කන්ද මහආරගම මාර්ගයේ වැඩ ආරම්භ කිරීමට සමගාමීව පැවති ජන හමුවේදී අදහස් පල කරමිනි.

‘හරීන් එක්ක සාකච්ඡවකට එන්න කියලා ආරාධනය ලැබිලා තිබ්බේ මට.හරීන්ගේ වෙලාවට කතරගම පෙරහර තිබුණ නිසා මට යන්න බැරිවුණා.නැත්නම් හරීන් ගුටි කන්නේ මගෙන්.

එක්සත් ජාතික පක්ෂයට ජනතා විමුක්ති පෙරමුණට මහ ඇමති අපේක්ෂකයෙක් හොයා ගන්න විදිහක් නැහැ. මම අභියෝග කරා පුළුවන් නම් මාව පරද්දවලා පෙන්නන්න කියලා. පොඩි එකා පරද්දලා එපැයි මහ මැතිවරණයක් දිනන්න. හොයලා හොයලා අන්තිමේදී බදුල්ලෙන් ඔච්චරමයි හොයා ගන්න පුළුවන් වුණේ. එකත් පාර්ලිමේන්තුවෙන් අස්කරලා පළාත් සභාවට දාන්න හදන්නේ. කුණුහරුප කියන වැඩක් කරන්න බැරි. බොළද මිනිහෙක්ව මේ පළාත් සභාවේ මහ ඇමති කරන්න තරම් ඌවේ ජනතාව මෝඩ නැහැ.

වගකීමෙන් වැඩ කරන්න බැරි කොන්ද පණ නැති බොළද කතා කියන මිනිස්සු මේ පළාත් සභාවට අවශ්‍ය නැහැ. එවැනි අය පළාත් සභාවට යවන්නෙත් නැහැ. ජනතාව ඊට වඩා බුද්ධිමත්. අනාගතය ගැන හොදට හිතලා බලලා තීන්දු තීරණ ගන්න ජාතියක් තමයි ඌව වෙල්ලස්ස ජනතාව කියන්නේ. ඌවට අභියෝග කරන්න කවුරුවත් නැහැ’ යයිද ඒ මහතා වැඩිදුරටත් කීය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive