facebook like

ඥානසාර හිමිගේ ෆේස් බුක් ගිණුම අත්හිටුවලා - මෙහෙම ගියොත් අබසරණයිලු? (video)

වෛරීය ප්‍රකාශ හා සංකේත අන්තර්ගත බැවින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ෆේස් බුක් ගිණුම ඉවත්කිරීමට තීරණය කළ බව ෆේස් බුක් බලධාරීන් විසින් නිවේදනය කර තිබේ.

ඥානසාර හිමියන්ගේ එකී ක්‍රියාකලාපය ෆේස් බුක් සමාගමේ ප්‍රජා ප්‍රමිති උල්ලංඝණය කරන බැවින් ඒ පිළිබඳ බොහෝ දෙනා වාර්තා කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එකී නිවේදනයේ සඳහන්ය.

කෙසේ වෙතත් මේ පිළිබඳ අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් කියා සිටියේ අවස්ථා ගණනාවකදී තම ෆේස් බුක් ගිණුම්වලට යම් යම් අඬතෙට්ටම් කරමින් සිට අවසාන වශයෙන් එය මේවන විට සම්පූර්ණයෙන්ම ඉවත්කිරීමට කටයුතු කර ඇති බවයි.

තමන්ගේ ෆේස් බුක් ගිණුම පමණක් නොව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වෙනත් රටවල සිට පවා ජාතිකවාදී පදනමකින් තමන් සමග කටයුතු කරන බොහෝ දෙනෙකුගේ ෆේස්බුක් ගිණුම් මේවන විට අත්හිටුවීමට ක්‍රියා කර ඇති බව ඥානසාර හිමියන් සඳහන් කරයි.

ලංකාවේ මෙන්ම විදේශයන්හි සිටද ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදී සංවිධාන විසින් දිගින් දිගටම තමන්ට එරෙහිව ෆේස් බුක් බලධාරීන්ට කරන ලද වාර්තා කිරීම් හේතුවෙන් මෙලෙස තම ගිණුම් අක්‍රීය කිරීමට කටයුතු කර ඇති බව උන්වහන්සේ අවධාරණය කළේය.
රට තුළ ජාතික හැඟීමෙන් කටයුතු කරන පුවත්පත් කර්තෘවරුන්ට, මාධ්‍යකරුවන්ට, මාධ්‍ය ආයතන හිමිකරුවන්ට ද මෙම මුස්ලිම් අන්තවාදීන් විසින් දිගින් දිගටම තර්ජන එල්ල කරන බවත්, ඒ නිසාම සත්‍යය තත්ත්වය ජනතාව හා බෙදාහදා ගනු ලැබුවේ ප්‍රධාන වශයෙන්ම සාමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස් බුක් මගින් බවත් ඥානසාර හිමියන් පෙන්වාදෙයි.

ෆේස් බුක් බලධාරීන් දන්වා ඇති පරිදි තමන් කිසිසේත්ම කිසිදු ජනවර්ගයකට හෝ ආගමකට එරෙහිව වෛරීය ප්‍රකාශ සිදුකිරීමක් හෝ ආගමික සංඥා පළකිරීමක් කර නොමැති බවත්, තමන් පෙනී සිටියේ අන්තවාදයට එරෙහිව බවත් උන්වහන්සේ සඳහන් කළේය.

ලෝක ධර්මයට අනුව මේවන විට ධර්මය යට ගොස් අධර්මය රජ කරන යුගයක් උදාවී ඇති බැවින් මෙවැනි අකටයුතුකම් සිදුවන බව ඥානසාර හිමියන් කියා සිටියේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ෆේස් බුක් බලධාරීන්ට ඊ-මේල් පණිවිඩ මාර්ගයෙන් කරුණු දැක්වීමට තමන් විසින් දැනටමත් උපදෙස් ලබාදී ඇති බවත්, ඊට ප්‍රතිචාර දක්වමින් ඒ පිළිබඳව තව දුරටත් සොයාබලන බව එම බලධාරීන් විසින් දන්වා ඇති බවත් උන්වහන්සේ කියා සිටියේය.

තතු කෙසේ වුවද සයිබර් අවකාශය වාරණය කිරීමට හැකියාවක් නොමැති බැවින් වෙනත් උපාය උපක්‍රම මගින් තම මතය ජනතාව අතරට ගෙනයාමට දිගින් දිගටම කටයුතු කරන බවත්, මේ ආකාරයට ගියොත් අවිහිංසාවාදී සියලු සමාජයන්ට අබසරණම වන බවත් ඥානසාර හිමියන් වැඩිදුරටත් සඳහන් කළේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive