කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් 175 දෙනකුගේ පමණ සහභාගිත්වයෙන් ඊයේ (30 දා) දහවල් එම රෝහල් නිල නිවාස පරිශ්‍රයේ පැවැත්වීමට ගිය රැස්‌වීමට කඩා වැදුණු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අධිකරණ වාරණ නියෝගයට ලක්‌ව සිටින හිටපු විධායක කමිටු සාමාජිකයන් පිරිසක් හා රැස්‌වීමට සහභාගි වූ වෛද්‍යවරුන් පිරිසක් අතර ගුටි බැට හුවමාරුවක් සිදුව තිබේ.
විනාඩි 40ක් පමණ පැවැති මෙම ගුටිබැට හුවමාරුව පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සමථයට පත්වූ බව ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
සිය සේවා ගැටලු විස¹ ගැනීම සඳහා ගත යුතු ඉදිරි පියවර සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 25 දෙනකු ඇතුළු වෛද්‍යවරුන් 175 දෙනකුගේ සහභාගීත්වයෙන් මෙම රැස්‌වීම පැවැත්වීමට සූදානම් කර තිබිණි. එහෙත් රැස්‌වීම ආරම්භයේදීම එම ස්‌ථානයට කඩාවැදුණු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු විධායක කමිටු සාමාජිකයන් 12 දෙනකු පමණ රැස්‌ව සිටි වෛද්‍යවරුන්ට අසභ්‍ය වචනයෙන් බැණ වැදී ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන්ගේ කමිස කොලර්වලින් අල්ලා පහර දීමට පටන් ගැනීම හේතුවෙන් දෙපිරිස අතර ගුටිබැට හුවමාරුවක් හට ගත් බව එම රැස්‌වීමට සහභාගි වූ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් පැවසීය.
රැස්‌වීමට කඩා වැදුණු වෛද්‍යවරුන් පිරිස එම ස්‌ථානයේ තිබූ වීදුරු ද කඩා බිඳ දමා ඇති අතර එම රැස්‌වීම පැවැත්වීමට ඉඩ නොදෙන බවට තර්ජනය කළ බව එම වෛද්‍යවරයා කීවේය.
පසුව වෛද්‍යවරුන් දෙපිරිස අතර ඇරඹි ගුටි බැට හුවමාරුව සමථයට පත් කිරීමට පොලිස් නිලධාරීන්ට මැදිහත්වීමට සිදුවූ බව හෙතෙම අවධාරණය කළේය.
රැස්‌වීමට බාධා කළ වෛද්‍යවරුන් පිරිස එම ස්‌ථානයෙන් ඉවත් කිරීමට පොලිස් නිලධාරීන් විසින් පියවර ගෙන තිබිණි.
අනතුරුව රැස්‌වීමට සහභාගි වූ වෛද්‍යවරු රෝහලේ ස්‌නායු ශල්‍ය ඒකක ශ්‍රවණාගාරයේදී දැඩි පොලිස් ආරක්‍ෂාව මධ්‍යයේ සිය රැස්‌වීම පැවැත් වූහ.
මෙහිදී එම ශ්‍රවණාගාරය අවට පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ආරක්‍ෂාව සඳහා යොදවා තිබූ බවද වාර්තා විය.

0 comments:
Post a Comment