ඉදිරියේදී පැවැත්වීමට නියමිත චැම්පියන්ස් ලීග් පන්දුවාර විස්‌සයි/20 ක්‍රිකට් තරගාවලියේදී තමන් මුම්බායි ඉන්ඩියන්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා විස්‌සයි/20 නායක ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන ඈෂ්ලී ද සිල්වා මහතාට විද්යුත් තැපෑලක් යොමු කරමින් මාලිංග සිය තීරණය පිළිබඳව දැනුම් දී තිබේ.
ඒ අනුව මාලිංගට මුම්බායි ඉන්ඩියන්ස් පිලට ක්‍රීඩා කිරීමේදී ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 24 කට හෙවත් ලක්‍ෂ 240 කට ආසන්න මුදලක් හිමිවනු ඇත. කෙසේ වෙතත් මෙම තරගාවලියේදී මාලිංග ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගවදිනු ලබන සදර්න් එක්‌ස්‌ප්‍රස් පිලට ක්‍රීඩා කිරීමට තීරණය කළේ නම්, මුම්බායි ඉන්ඩියන්ස් පිල සමග එළැඹ සිටින ගිවිසුම කඩ කෙරෙනු ඇත. ඒ අනුව මාලිංගට එහිදී රුපියල් මිලියන 34 කට ආසන්න මුදලක් අහිමිවනු ඇති බවද සඳහන් වේ.
මෙවර විස්‌සයි/20 තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා සිටින්නේ ලසිත් මාලිංග විසින් නායකත්වය ලබාදුන් සදර්න් එක්‌ස්‌ප්‍රස් කණ්‌ඩායම වේ. එමෙන්ම පසුගියවර පළමු කණ්‌ඩායම් 4 අතරට පිවිස සිටින මුම්බායි ඉන්ඩියන්ස් පිලද එම තරගාවලිය නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා සිටීම මත තමන් ක්‍රීඩා කරනු කණ්‌ඩායම තීරණය කිරීමේ අයිතිය ලසිත් මාලිංගටම හිමිවී තිබේ.
මේ පිළිබඳව වූ අවසන් දැනුම් දීම ඊයේ (29 දා) සිදු කිරීමට නියමිත වූ අතර එහිදී මාලිංග ගනු ලැබූ තීරණය ක්‍රිකට් බලධාරීන් වෙත දැනුම් දී තිබේ.
මෙහිදී මුම්බායි ඉන්ඩියන්ස් පිල මෙන්ම සදර්න් එක්‌ස්‌ප්‍රස් පිල සුදුසුකම් ලැබීමේ තරග වටය නියෝජනය කරමින් ප්‍රධාන තරගාවලියට අවතීර්ණ වීමට නියමිත වන අතර එහිදී එම කණ්‌ඩායම් දෙක අදාළ තරග වටයේ දී තරග වැදීමද විශේෂත්වයක් වේ.
ඉකුත් වසරේÊපැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී මෙවැනිම විශාල ගැටලුවකට සුපිරි පිතිකරු කුමාර් සංගක්‌කාර මුහුණ දුන් අතර එහිදී ඔහු කඳුරට මෙරූන්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තීරණය කරන ලදී.
චමිල කරවිට

0 comments:
Post a Comment