තමනට පාසැල් යන කාලේ බට බැඳ තිබූ නම ‘පාන් බාගේ’ යයි විදුලි බල හා බලශක්ති ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
ඇය මෙසේ සඳහන් කලේ බෙන්තර ඇල්පිටිය ශ‍්‍රි.ල.නි.ප. කාන්තා බල මණ්ඩල සම්මේලනය අමතමිනි.
ඇමතිවරිය එහිදී මෙසේද කීවාය.
‘මම අනුලා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ දවල් කෑමට අරන් ගියේ පොල් සම්බෝලයි පානුයි. ඒ නිසා ළමයි මට පාන් භාගේ කියා කීවා. මේ රටේ විදු ලිය නැති ගෙවල් තව ටිකයි තියෙන්නේ. එම ටිකටත් විදුලිය දෙන්න දැන් මුදල් වෙන් කරලා තියෙනවා.
අද සිංගප්පූරුව වගේ ලංකාවත් නැගිටිනවා. ලබන අය වැයෙන් කාන්තාවන්ගේ ජීවන තත්ත්වය නැංවීම සඳහාම වෙන් වුණු බැංකුවක් නිර්මාණය කරනවා. නැවත මේ රට ආපස්සට හරවන, දෙවැනි ඊළමක් බිහි වීමට ඉඩ දෙන කොන්ද පණ නැති නායකයකුට මේ රට භාර දෙන්න එපා’

0 comments:
Post a Comment