facebook like

පන්දුව දමා ගැසීමේ චෝදනා ලැබූ සචිත්‍රගේ ක්‍රිකට් ඉරණම කුමක් වේවි ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එංගලන්තයේ සාර්ථක සංචාරයක් නිම කිරීමේ ප්‍රීතිය එතරම් දිගු කලක් භුක්තිවිඳීමට ඉඩ නොලැබුණේ දකුණු  අප්‍රිකානු පිල හමුවේ එක්දින තරගාවලිය දෙකට එකක් ලෙස පරාජය වූ බැවිනි. එම පරාජයේ  කටුක අත්දැකීම් මැකීයන්නටත් පෙර තවත් අකරතැබ්බයකට මුහුණ දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට සිදුව ඇත.  ඒ ශ්‍රී ලංකාව බොහෝ  බලා‍පොරොත්තු තබා සිටි තරුණ දඟපන්දු  යවන්නෙකු වන සචිත්‍ර සේනානායකගේ පන්දු යවන ඉරියව්ව සැක සහිත බව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය ප්‍රකාශ කිරීමත් සමගය.
ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ පන්දු යැවීම ජාත්‍යන්තරයේ අභියෝගයට ලක්වූ පළමු  අවස්ථාව  මෙය නොවේ. මෙරට බිහි වූ කීර්තිමත් පන්දු යවන්නන් වූ රොමේෂ් රත්නායක, මුත්තයියා මුරලිදරන් වැනි ක්‍රීඩකයන්ට පවා මෙවැනි චෝදනා එල්ල වී ඇත. එහෙත් ඒ සෑම අවස්ථාවකදීම එකී චෝදනාවලින් නිදහස් වීමට එම ක්‍රීඩකයන්ට හැකි විය.
සචිත්‍රගේ පන්දු යැවීම සම්බන්ධව අයි.සි.සී.යෙන් එල්ල වී ඇති චෝදනාව අනුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව  පිළිබඳ වඩාත් පුළුල් පරීක්ෂණයකට  මුහුණ දීමට ඔහුට ඉදිරියේ දී සිදුවනු ඇත. අයි.සි.සී. යේ දැනට බල පවත්වන නීති රීති අනුව පන්දු යවන්නෙකුට පන්දුව දමා ගැසීමක් (chuck)කිරීමට නොහැක. පන්දුව දමා ගසන්නේ දැයි තීරණය කිරීමට පැහැදිලි නිර්ණායකයක් දැනටමත්  අයි.සි.සී. ආයතනය හඳුන්වා දී ඇත. ඒ අනුව යම් ක්‍රීඩකයෙකු පන්දු යවන විට ඔහුගේ පන්දු යවන අත උරහිස් මට්ටමට පැමිණි පසු  අතින් පන්දුව මුදා හරින තෙක් අත නැමී දිග හැරිය හැකි ප්‍රමාණය 15 0 කි.
යම් ක්‍රීඩකයෙකුගේ අත එම අවස්ථාවේදී අංශක 15 0 කට වඩා නැමී දිග හැරෙන්නේ නම් ඔහු පන්දුව දමා ගසන (chuck) බව තීරණය කරනු ලබයි. මෙම තත්ත්වය තීරණය කිරීම හිතන තරම්  පහසු නැත. ඒ සඳහා අධි වේග  කැමරා, සියුම් විද්‍යුත්  සංවේදක වැනි උපකරණ රාශියක් භාවිත කරයි.
ඊට අමතරව ක්‍රීඩකයාගේ අස්ථි පද්ධතිය (X කිරණ ඡායා රූපයක මෙන්) නිරීක්ෂණය කිරීම්ද සිදුකරනු ලබයි. මෙතරම්   දියුණු  පරීක්ෂණ සිදුකරනුයේ  සෑම ක්‍රීඩකයෙකුම පන්දු යවන විට සුළු  වශයෙන් අත නැවීම සිදුවන බැවිනි. එහෙත් අංශක 15 0 ඉක්මවා අත නමා පන්දු දමා ගැසීම  ඒ සෑම ක්‍රීඩකයෙකු ගෙන්ම සිදු නොවෙයි.
ඕස්ට්‍රේලියානු විනිසුරු ඩැරල් හෙයාර් විසින්  මුත්තයියා  මුරලිදරන් හට මෙවැනිම චෝදනාවක්  එල්ල කරන ලද මුත් මුත්තයියාගේ අත ස්වභාවයෙන්ම මදක් නැමී ඇති බැවින් අයි.සි.සී. දංගෙඩියෙන් ගැලවීමට තරම් මුත්තයියා වාසනාවන්ත විය.
මන්ද යත් උපතින්ම අතේ යම් කිසි නැමීමක් සහිත අතේ අස්ථි විකෘති වූ පුද්ගලයන්ද සිටිනා  බැවිනි. එවන් ක්‍රීඩකයන්ට ක්‍රිකට් තහනම් කළ  නොහැක. පාකිස්තානයේ හිටපු වේග පන්දු යවන සොයිබ් අක්තාර්ද පන්දුව දමා ගැසීම පිළිබඳ  චෝදනාවන්ට ලක්වූවෙකි. එහෙත් පරීක්ෂණවලින් තහවුරු  වූයේ ඔහුගේ  අත නොපිටට නැමීම  උපතින්ම  පිහිටා  තිබූ තත්ත්වයක් බවයි.
ඒ අනුව මුත්තයියා මෙන්ම සොයිබ් අක්තාර් ද පන්දුව දමා ගැසීමේ චෝදනාවෙන්  නිදහස් විය. ඒ අධිවේග කැමරා  විද්‍යුත් සංවේදක X කිරණ   පරීක්ෂණ ආදිය යොදා සිදු කෙරෙනා අධි තාක්ෂණික පරීක්ෂණ ගණනාවකින් පසුවය.  යම් ක්‍රීඩකයෙකුගේ අත උරහිස  මට්ටමට පැමිණීමෙන් පසු පන්දුව  අතින් මුදා හරින තුරු අත නැවී පවතින්නේ  නම් එයද  දමා ගැසීමක් නොවේ. පන්දුව දමා ගැසීම යනු උරහිස් මට්ටමට අත  පැමිණි පසු පන්දුව මුදා හරින තුරු අත නැවී  දිග හරින සීමාව අංශක 15 0 ක කෝණයක් ඉක්මවා යෑමයි.
තමාට එල්ල වන චෝදනාවලින් නිදොස් වීමට සචිත්‍ර විසින් කළ යුතුව ඇත්තේ තම පන්දු යැවීමේ ඉරියව්ව  යළි හදාරමින්  නිවැරදි කර ගැනීමයි.  මේ සඳහා ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන් සහ තාක්ෂණ විශේෂඥයන්ගේ  සහය නිසැකව ලැබෙනු ඇත. ඉන්පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අයි.සී.සී.යෙන් සචිත්‍රගේ පන්දු යැවීම පරීක්ෂා කර බලන මෙන් ඉල්ලා  සිටිනු ඇත.
එහිදි Bowling action review process සංකීර්ණ ක්‍රියාවලියට මුහුණ දීමට ඔහුට සිදුවේ. ඉන් තමාගේ නිවැරදි  බව ඔහු ඔප්පු කර සිටියහොත් ඔහුට ජාත්‍යන්තර තරගවල පන්දු යැවීමට අවසර ලැබෙනු ඇත. එහෙත් එහිදී යළි යළිත් මෙම චෝදනාවම එල්ල වුවහොත් ඔහුට තරග තහනමක් පැමිණ වීමට ඉඩ තිබේ.
බොහෝ දුරට  සචිත්‍රගේ පන්දු යැවීමේ ඉරියව්වේ යම් වෙනසක් සාමාන්‍ය රූපවාහිනී දසුනකින් පවා දැකගත හැක. විශේෂයෙන් ඔහු අසම්මත අයුරින් යවනා කෙටි පන්දුවේදී මෙකී වෙනස යම් තරමක් පැහැදිලිව දැකගත හැක. එහෙත් මෙම ලිපියේ පෙර සඳහන් කළ සංකීර්ණ පරීක්ෂණවලින් තොරව සචිත්‍ර පන්දුව දමා ගසන බව කිසිවෙකුටත් පැවසිය නොහැක.
සචිත්‍ර සේනානායක ශ්‍රී ලංකා පිලට වසර දෙක තුනක සිට ක්‍රීඩා කරයි. එහෙත් ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ඊට වඩා පැරණිය. 2011 වසරේ ශ්‍රී ලංකා ඒ පි‍ලේ ක්‍රීඩකයෙකු ලෙස  සචිත්‍ර එංගලන්තයට ගිය අවස්ථාවේ දීද ඔහුට මෙම චෝදනාව එල්ල වූ අතර, එවර තත්ත්වය මෙතරම් දුර දිග නොයන ලදී. ඉන් අනතුරුව ඔහු අයි.පී.එල්. තරගාවලිය මෙන්ම බිග්බෑෂ් තරගාවලියද නියෝජනය කර  ඇත.
ඒ තරග පැවැතියේ ශ්‍රී ලංකා විනිසුරුවන් ඉදිරියේ නොවේ. එහෙත් ඒ කිසිදු අවස්ථාවක ඔහුට පන්දුව දමා ගැසීම ගැන චෝදනා එල්ල නොවූ බව රහසක් නොවේ.
එසේ නම් හිටි හැටියේ පන්දුව දමා ගසන චෝදනාව කරළියට ගෙන ඒම පිටුපස අතුරු කතාවක්ද තිබිය යුතු බව තවදුරටත් රහසක් නොවේ. එංගලන්තය සමග පැවති සිව්වැනි එක්දින  තරගය නිමාවට මතවූයේ එක රැයකින් සචිත්‍රගේ  නම ලොව පුරා පතුරවමිනි. ඒ ඉතා දිගු  කලක් ක්‍රිකට් නීති ‍පොත්වල පුස්කමින් තිබූ නීතියක් යළිත් ලෝකයට මතක් කර දෙමින්  එංගලන්ත පිතිකරු  ජෝස් බට්ලර් දවා ගැනීමට ඔහු සමත් වීම නිසාය. වන්කාර්ඩ් ක්‍රමය ලෙස හඳුන්වන  මෙම ක්‍රමය කිසිසේත්  අලුත්  දෙයක් හෝ මින් පෙර භාවිතා නොකළ දෙයක්  නොවේ.  ලෝකයට ක්‍රිකට් කියාදුන්  සුද්දන්ට ක්‍රිකට් නීති මතක් කරදෙන්නට ඉදිරිපත්වූ සචිත්‍රට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට සිතා එංගලන්තය කටයුතු කරනා බව බොහෝ දෙනෙකුගේ මතයයි.
සචිත්‍රට මේ චෝදනාවෙන් ගැලවීමට බොහෝ දුරට හැකියාව ඇතැයි අප විශ්වාස කරන්නෙමු. එහෙත් ගැටලුව ඉන් විසඳෙන්නේ නැත. ක්‍රීඩකයන්ගේ මෙවැනි ඉරියව් දේශීය තරගවලදී නිරීක්ෂණය නොවන්නේ මන්දැයි ගැටලුවකි. එනිසා පාසල් ක්‍රිකට් තරග  සහ අන්තර් සමාජීය තරගවලදී ක්‍රීඩකයන්ගේ ඉරියව් පිළිබඳ තරග විනිසුරුවරුන් සහ ක්‍රීඩා පුහුණුකරුවන් සැලකිලිමත්වීම ඉතා වැදගත් වෙයි.  ඊට අදාළ  දැනුවත් කිරීම් සහ    තාක්ෂණික පහසුකම් සපයා දීම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී උනන්දු විය යුතුය. නොඑසේ නම් තහනම් උත්තේජක හෝ  තරග පාවා දීමෙන් වන හානියට වඩා වැඩි  හානියක් මෙවැනි වැරදි ඉරියව් නිසා සිදුවිය හැක.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive