facebook like

කවුද හරි මල්ලි -- උපුල් ජෝශප් ප්‍රනාන්දු

"පක්‍ෂයේ තනතුරු දරනකොට අගමැතිකම් කරන්න අමාරුයි..."
- බැසිල් රාජපක්‍ෂ


"අගමැතිකම දුන්නොත් කරල පෙන්වන්නම්..."
- මෛත්‍රිපාල සිරිසේන


බැසිල් කියන්නේ මහින්දට ලේවලින් සහෝදරයාය. මෛත්‍රිපාල කියන්නේ මහින්දට දේශපාලනයේ සහෝදරයාය. මහින්ද විපක්ෂ නායක වුණේ, අගමැති වුණේ මෛත්‍රි නිසාය. මහින්දව ජනාධිපති කෙරෙව්වේ බැසිල්ය. දැන් මේ ලේ නෑකමට සහෝදරයා වූ බැසිල් සහ දේශපාලන නෑකමට සහෝදරයා වූ මෛත්‍රි අතර අගමැතිකමට වචන හුවමාරුවක් ඇති වී තිබේ. අගමැතිකම දුන්නොත් කරල පෙන්වන්නම් යැයි මුලින් කිව්වේ මෛත්‍රිපාලය. පක්‍ෂයේ ප්‍රධාන තනතුරු දරනකොට අගමැතිකම් කරන්න අමාරු යැයි බැසිල් කීවේ ඊට පසුවය.


"කවුද හරි...?"
හරි කවුද කියල හොයන්න බැසිල් ගෙනාව පොයින්ට් එක විභාග කරල බලන්න ඕනෑය. බැසිල් කිව්වේ ජේ.ආර්. පක්‍ෂයේ මහලේකම්ට, භාණ්ඩාගාරිකට මැති ඇමැතිකම් කිරීම, අගමැතිකම් කිරීම තහනම් කළ බවය. කතාව නම් ඇත්තය. හැබැයි ජේ.ආර්. ඒ වෙනුවට අගමැතිකම දුන්නේ අගමැතිකම හිමි විය යුතු පක්‍ෂයේ නොම්මර දෙකටය. ඒ ප්‍රේමදාසටය. ඔහු අගමැතිකම පක්‍ෂයේ දෙවැනියාට දීලා දෙවැනි පෙළට තව නායකයන් තුන්දෙනකු හැදුවේය. ඒ ලලිත්, ගාමිණී සහ රොනීය. මේ නිසා ජේ. ආර්.ගේ කාලයේ පක්‍ෂ මහ ලේකම්කම කැපිලා පෙනුණේ නැත. එය නිලධාරි තනතුරක් පමණක් විය. ප්‍රේමදාස මෙය වෙනස් කළේය. ප්‍රේමදාස පක්‍ෂ ලේකම් රන්ජන් විජේරත්නව දේශපාලනයට ගෙනැවිත් ආණ්ඩුවේ ලොකුම තනතුරක් වන රාජ්‍ය ආරක්‍ෂක ඇමැතිකම දුන්නේය. ප්‍රේමදාස ආණ්ඩුවේ මුල් කාලයේ නොම්මර දෙක ලෙස කැපිලා පෙනුණේ රන්ජන්ය. හේතුව ප්‍රේමදාස අගමැතිකම දුන්නේ වියපත් විජේතුංගටය. ප්‍රේමදාස විජේතුංගව දැම්මේ ආරක්‍ෂාවටය. එතකොට නොම්මර දෙක ලෙස කැපී පෙනී ආවේ රන්ජන්ය. ඒක ප්‍රේමදාසටවත් නතර කළ නොහැකි විය.

අන්තිමේදී අගමැතිකම නොදුන් තරහට ලලිත්ලා, ගාමිණීලා ගිහින් වැටුණෙත් රන්ජන් ළඟය. රන්ජන් ඝාතනය වූවාට පසු ප්‍රේමදාස මහ ලේකම්කම දුන්නේ සිරිසේන කුරේටය. කුරේ ඒ වෙනකොටත් ප්‍රේමදාසට ලොකුම ඇමැතිකම වන නිවාස ඇමැතිකම කරමින් සිටියේය. ලලිත්ලා, ගාමිණීලා පක්‍ෂයෙන් ඉවත් කළාට පසු නොම්මර දෙක ලෙස හැදිලා ආවේ කුරේය. ඒකටත් හේතුව 'ඩෙෆ් ඇන්ඩ් බ්ලයින්ඩ්' නොහොත් අඳ-බිහිරි යැයි කී විජේතුංග අගමැතිකමේ සිටීමය. මේ වගේ අගමැතිවරු සිටියදී නොම්මර දෙක ලෙස හැදිලා එන්නේ පක්‍ෂ මහ ලේකම්ය.

ප්‍රේමදාස ඝාතනය වුණාට පසු ජනාධිපති ධුරයට පත් විජේතුංග කුරේව ලේකම්කමේ තියාගන්න බය වුණේ ඒකය. ඔහු අගමැති ලෙස කට පුරා නොම්මර දෙක කියල කියන්න පුළුවන් රනිල්ව පත්කරල ලේකම්කමට ගාමිණී විජේසේකරව පත් කළේය. 1994 මහ මැතිවරණය වන තෙක් ඔහු නිලධාරියෙක් පමණක් වුවත් පසුව මන්ත්‍රි විය. ප්‍රේමදාසගේ කාලයේ සිට පක්‍ෂ මහලේකම්කම, අගමැතිකම අභිභවා ආණ්ඩුවේත්, පක්‍ෂයේත් නොම්මර දෙක බවට පත්කර ඇති වග පෙනුණ රනිල් මහලේකම්කමට තමාට විශ්වාසවන්ත ගාමිණී අතුකෝරාලව පත් කළේය. ඔහු 2000දී ගාමිණීව අයින් කළේ ගාමිණී ඒ වන විටත් නොම්මර දෙක බවට පත්ව සිටි නිසාය. ඔහු ගාමිණීට බය විය. ගාමිණී වෙනුවට ඔහු නිලධාරියෙක් පක්‍ෂ ලේකම් කළේය. එයින් පක්‍ෂ ලේකම්කම යටපත් විය. 2000 මහ මැතිවරණයට පසු නියෝජ්‍ය නායක වූ කරු සහ ගාමිණී පක්‍ෂයේ නොම්මර දෙකට පාක්‍ෂිකයන් විසින්ම අභිෂේක කොට තිබිණි. 2001 මහ මැතිවරණයට ගාමිණී ඡන්ද සටන දියත් කළේ රනිල් ජනාධිපති වුණොත් අගමැති ගාමිණී කියලාය.


මේ, විධායක ජනාධිපති ක්‍රමය යටතේ යූ.ඇන්.පී.යේ මහලේකම්වරු, අගමැතිකමටත් වඩා බලවත් කළ ඉතිහාසය ය. 1994 පොදු පෙරමුණ බලයට පත්වූ විට වුණෙත් මේකමය. 1994 ජනාධිපති වූ චන්ද්‍රිකා අගමැති ධුරයට පත්කළේ රෝද පුටුවෙන් ගිය බණ්ඩාරනායක මැතිනිය ය. මේ නිසාම නොම්මර දෙකට ඇමැතිවරු අතර සටනක් විය. චන්ද්‍රිකා ජනාධිපති වන විට මහ ලේකම් වූයේ ධර්මසිරි සේනානායකය. මැතිනියට පසු අගමැති වීමේ වුවමනාවක් ඔහුට තිබිණි. අනෙක ඔහු ආණ්ඩුවේ ප්‍රබල මාධ්‍ය ඇමැති ධුරය දැරීය. ධර්මසිරි අගමැතිකම බලාපොරොත්තුවෙන් හිටියත් ඔහු හදිසියෙන් මිය ගියේය. මහ ලේකම්කම නොම්මර දෙක වීමට කෙටි පාරක් බව තේරුම්ගත් එස්.බී., ධර්මසිරිගෙන් පසු මහ ලේකම්කමට හිමිකම් කීය.

එස්.බී. එක්ක තරඟ කළේ මෛත්‍රිය. ඒ වේලාවේ මෛත්‍රිට සහාය දුන්නේ මහින්දය. කෙසේ හෝ එස්.බී. දින්නේය. එස්.බී. මහලේකම් වූයේ සමෘද්ධිය සහ ක්‍රීඩා වැනි ප්‍රබල ඇමැති ධුරද දරද්දීය. මැතිනියගේ මරණයෙන් අගමැති වූ රත්නසිරිද විජේතුංග කෙනෙක් වීම එස්.බී.ගේ මතුවීමට හේතුවිය. ඒත් 2000 මහ මැතිවරණයට පසු චන්ද්‍රිකා එස්.බී. මහලේකම්කම හරහා නොම්මර දෙකට තටු ගහන බව දැක තටු කපා දැම්මාය. ප්‍රතිඵලය එස්.බී. එ.ජා.ප.යට ගොස් ආණ්ඩුව වැටීමය. ඉන්පසු මහලේකම් වූයේ මෛත්‍රිය. මෛත්‍රි මහලේකම් වී බැබළෙන්න ගියේ නැත. ඔහුට බබළවන්න ඕනෑ වුණේ මහින්ද රාජපක්‍ෂවය. මෛත්‍රි මහින්දව විපක්‍ෂ නායක කළේ මහලේකම්කම ප්‍රයෝජනයට ගෙන චන්ද්‍රිකාට බලපෑම් කරලාය.

ඒ වගේම 2004 මහ ඡන්දයට පසු චන්ද්‍රිකා මහින්දව අගමැති කළේත්, මෛත්‍රිගේ ඉල්ලීමක් මතය. පක්‍ෂයේ මහලේකම්කම දුර්වල වී 1978 ජේ.ආර්. ප්‍රේමදාස පත් කළාට පසු 1993 විජේතුංග රනිල්ව පත් කළාට පසු අගමැති ධුරය ප්‍රබල වූයේ මහින්ද අගමැති වූ විටදීය. යළි මහලේකම්කමින් අගමැතිකමට නොම්මර දෙක මාරු විය. මහින්ද අගමැති ලෙස නොම්මර දෙක බවට පත්විය.


2005 මහින්ද ජනාධිපති වූ විට අගමැති ධුරය දුන්නේ ප්‍රේමදාස විජේතුංගට දුන්නා වගේ, චන්ද්‍රිකා මැතිනියට දුන්නා වගේ රත්නසිරිටය. රත්නසිරිගෙන් පසු අගමැතිකම දුන්නේ කන් ඇහෙන්නේ නැති දි.මු. ජයරත්නටය. හැමෝම හිතුවේ මහින්ද මෛත්‍රිට අගමැතිකම දෙයි කියලාය. 2010 මහ මැතිවරණයට මෛත්‍රිගේ ඡන්ද සටනේ තේමාව වූයේ "මෛත්‍රි යුගයක් අරඹමු" යන්නය. 2010දී තමාට අගමැතිකම දෙයි යැයි මෛත්‍රි බලාපොරොත්තු වුණත් මහින්ද දුන්නේ නැත. මේ නිසාම මේ ආණ්ඩුවේත්, පක්‍ෂයේත් නොම්මර දෙක ලෙස අභිෂේක ලබලා ඉන්නේ මෛත්‍රිය. ඒක හරියටම රන්ජන්, කුරේ අභිෂේක ලැබුවා වගේය.
"බලන්නකෝ මහින්දගෙන් පස්සේ එන්නේ මෛත්‍රි..."


මේ හැමෝම කියන කතාවය. මහින්ද මෛත්‍රිව එතැනට පත්කළේ අගමැතිකම දීලා නොව නොදීය.
"හො¼දයි දැන් මහින්ද මෛත්‍රිව අගමැති කළොත්...?"
කතා දෙකක් නැත. නොනිල නොම්මර දෙක නිල නොම්මර දෙක වෙනවාය.


"බැසිල් ඒකට කැමැති නැද්ද...?"
බැසිල් එහෙම කියන්නේ නැත. බැසිල් නොකියා කියන්නේ මෛත්‍රි අගමැති වෙනවා නම් මහලේකම්කමෙන් අයින් වෙන්න ඕනෑ වගේ කතාවක්ය. හැබැයි මෛත්‍රි අගමැති වී මහලේකම්කමෙනුත් අයින් වුණත් නොම්මර දෙක මෛත්‍රිගෙන් ආපසු ගන්නවා බොරුය.
"හොඳයි එතකොට බැසිල් මහලේකම් වුණොත්...?"


එතකොට නම් නොම්මර දෙක තකට තකය. 'මල්ලි හරි මල්ලි' කිය කියා මහින්දට තියෙන්නේ යන එකය.
හැබැයි අගමැතිකමට මහලේකම්කම දන් දෙන්න තරම් මෛත්‍රි මෝඩ නැත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive