මීළඟ ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට නිල වශයෙන් ආරාධනයක් ඉදිරිපත් වී තිබේ.
පසුගිය 24දා කොළඹ නව නගර ශාලාවේ පැවැති මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රමුඛ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මඟින් සංවිධානය කළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ විද්වත් කතිකාවක් නම් උත්සවයේදී මේ ආරාධනය ඉදිරිපත් වී ඇත. මේ උත්සවයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් සහ නියෝජිතයෝ රැසක් සහභාගි වී සිටියහ.
මේ අනුව ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබූ මාදුළුවාවේ සෝභිත හිමියන්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුළු පොදු අපේක්‍ෂක ලැයිස්තුවට ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ නමද ඇතුළත් වී තිබේ.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ සූදානමක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමත් සමඟ විපක්‍ෂයේ නිර්පාක්ෂික පොදු අපේක්‍ෂකයකුගේ අවශ්‍යතාව දැඩිව මතුවී තිබේ. එම අවශ්‍යතාව සඳහා හිටපු අගවිනිසුරුවරිය ගැළපෙන බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි. එසේම ඇය අගවිනිසුරු ධුරයෙන් ඉවත් වීමත් සමඟ පසුගිය 24දා වන තෙක් කිසිදු ප්‍රසිද්ධ දේශපාලන රැස්වීමකට සහභාගි නොවීමද කැපී පෙනෙන කරුණක් බව එම විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

.jpg)

0 comments:
Post a Comment