facebook like

ඩුබායි ගිය කතක් එල්ලී මැරේ................ලංකාවේ පුද්ගලයෙකු කප්පම් ඉල්ලීමක්

ගෘහ සේවිකාවක් වශයෙන් ඩුබායිහි සේවයට ගොස් සිටි කාන්තාවක් සේවයේ නියුතුව සිටි නිවසේ කාමරයක බාල්කයක එල්ලී ඉකුත් 14 වනදා සිය දිවි නසාගෙන තිබේ.වසරකට ඉහතදී  ඩුබායිහි ගෘහ සේවිකාවක් වශයෙන් සේවයට ගිය අංක 58, පංවැල්ල, මහපොතාන ,කහටගස්දිගිය ලිපිනයේ පදිංචිව සිටි තිදරු මවක් වූ දිනපාලගේ ස්වර්ණතිලකා යන අය ගෙල වැළලාගෙන මෙසේ සිය දිවි නසාගෙන තිබේ.

සිය දිවි නසාගත් බව කියන කාන්තාව 2013 ජූලි මස 22වනදා මෙරටින් ගෘහ සේවිකාවක් ලෙස ඩුබායි බලා පිටත්ව ගිය බව පවුලේ ඥාතීන් පැවසූහ. ඉකුත් 14වනදා සවස ඇය සේවයේ නියුතුව සිටි නිවසේ ඇයට වෙන් කර දී තිබූ කාමරයේ බාල්කයක එල්ලී මිය ගොස් සිටියදී නිවෙස හිමිකරුවන් විසින් ඇගේ සිරුර සොයාගෙන ඒ පිළිබඳව ඩුබායි පොලීසිය වෙත පැමිණිලි කර ඇති බව වාර්තා විය'

මියගිය කාන්තාවගේ වැඩිමල් පුත්‍රයා වන මහපොතාන, කහටගස්දිගිලිය පදිංචි කේ.ගයාන් පුෂ්පකුමාර (29) මහතා කියා සිටියේ මව 2013වසරේ ජූලි මසේ 22වනදා ගෘහ සේවිකාවක් වශයෙන් ඩුබායිහි සේවයට ගිය බවයි. මව 28හැවරිදි ගුරුවරියකගේ නිවසේ සේවය කළ බවත් ඇයට කිසිදු කරදරයක් නොතිබුණු බවද පැවසුවේය.

මව අවසන් වතාවට එවන ලද මුදල් වලින්  නිවස කපරාරු කළ බවත්මව සියදිවි නසා ගන්නට පැයකට පමණ කලින් තමන්ට දුරකථන ඇමතුමකුත් ලබා දුන් බවද පැවසීය'යාබද නිවසේ වැඩ කරන ලංකාවෙ තරුණියක් මව බාල්කයක එල්ලී සිය දිවි නසාගෙන ඇති බව දැන්වූ බවද ඔහු පැවසුවේය'ලංකාවේ පදිංචිව සිටින පුද්ගලයෙකු සෑම මසකම දුනරකථන ඇමතුමක් ලබා දී කප්පම් ඉල්ලීම හේතුවෙන් දිවි නසාගෙන ඇති බවත් ඒ සම්බන්ධව සවිස්තරාත්මක ලිපියක් ලියා ඇති බවද ඔහු පැවසුවේය'

මව මියගිය බව දැනගත් පසු ඇය විදේශ ගත වූ අනුරාධපුර නගරයේ පිහිටි ඒජන්සියට ගොස් මේ පිළිබඳව පවසා මවගේ දේහය ලංකාවට රැගෙන ඒමට කටයුතු කරන ලෙස අප ඉල්ලා සිටිත් ඒජන්සියේ කළමණාකරු පැවසුවේ ඩුබායිහි තම එජන්සියේ නියෝජිතවරිය පිළිකා රෝගයකින් මිය ගොස් ඇති නිසා මේ සම්බන්ධයෙන් කිසිම කටයුත්තක් කර දීමටනොහැකි බව ඔහු පැවසූ බව ගයාන් මහතා පැවසීය'

මිය ගිය මවගේ දේහය සහ ඇය ලියූ බව කියන ලිපි කඩිනමින් මෙරටට ගෙන්වා දෙන ලෙස ඉල්ලමින් මිය ගිය කාන්තාවගේ දරුවන් කොළඹ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යංශයයෙන් ඉල්ලීමක් කරති'

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive