අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ආනයනික ධාන්‍ය මත අය කෙරෙන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩුකරන බව වෙළඳ අමාත්‍යංශය පවසයි.
ඒ අනුව, ආනයනික පියලි නොකළ මයිසූර් පරිප්පු සඳහා කිලෝ ග්‍රෑමයට රු. 5 ක්ව පැවති බද්ද රු. 2 දක්වාත්, පියලි නොකළ හා පියලි කළ වටානා පරිප්පු සඳහා පිළිවෙලින් කිලෝ ග්‍රෑමයට රු. 22 හා රු. 25 ක්ව පැවති බද්ද රු. 15 හා රු. 18 දක්වාත්, මුං ඇට සඳහා කිලෝ ග්‍රෑමයට රු. 102 ක්ව පැවති බද්ද රු. 70 දක්වා ද, කවුපි සඳහා කිලෝ ග්‍රෑමයට රු. 100 ක්ව පැවති බද්ද රු. 70 දක්වා ද, පියලි නොකළ හා පියලි කළ කොණ්ඩ කඩල සඳහා පිළිවෙලින් කිලෝ ග්‍රෑමයට රු. 12 හා රු. 15 ක්ව පැවති බද්ද රු. 7 හා රු. 10 දක්වා ද, කුරක්කන් සඳහා කිලෝ ග්‍රෑමයට රු. 100 ක්ව පැවති බද්ද රු. 70 දක්වා ද අඩු කර ඇත.
.jpg)





0 comments:
Post a Comment