facebook like

නීතීඥ සංගමයේ සභාපති මරන්න ආණ්‌ඩුවේ කාට හරි ඕනෑද

නීතිඥ සංගමයේ සභාපතිවරයා මරා දමන්න ආණ්‌ඩුවේ සිටින කිසිවකුට හෝ අවශ්‍ය නම් එය ද සිදුකර අවසන් කරන්න යෑයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (25 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ස්‌ථාවර නියෝග 23/2 යටතේ විශේෂ ප්‍රකාශයක්‌ කළ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපුල් ජයසූරිය මහතා ආරක්‍ෂාව ඉල්ලා ඇතත් මෙතෙක්‌ ආරක්‍ෂාව සපයා නැතැයි ද කීය.

ජයසූරිය මහතා පසුපස ආ යතුරු පැදියේ අංකය ඩබ්ලිව්. පී. යූ. බී. 4072 සහ ත්‍රිරෝද රථය 207 - 5314 අංක කාණ්‌ඩ එකතු කළ විට 13 ලැබෙන බවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ කියා ඇතත් ත්‍රිරෝද රථයේ අංකය එකතු කළ විට 13 නොලැබෙන බව ද විපක්‍ෂ නායකවරයා කීය. එවැනි අංක නිකුත් කිරීම අත්හිටුවා ඇතැයි කොමසාරිස්‌වරයා ප්‍රකාශ කළ ද 13 අගය ලැබෙන අංකය සහිත වාහන ඕනෑ තරම් මහමඟ ගමන් කරන බව ද කී විපක්‍ෂ නායකවරයා කොමසාරිස්‌වරයා වැරදි තොරතුරු ලබා දී ඇතැයි කීය.

මෝටර් රථවාහන ප්‍රවාහන කොමසාරිස්‌වරයා පාර්ලිමේන්තුව නොමඟ යවන වැරදි තොරතුරක්‌ ලබා දී ඇත්ද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා කථානායකවරයාගේ අවධානය යොමු කරවන බව මුලසුනේ සිටි නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතා ප්‍රකාශ කළේය.

ස්‌ථාවර නියෝග 23/2 යටතේ රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට අගමැතිවරයා පිළිතුරු දීමෙන් අනතුරුව ඉහත සංවාදය ඇති විය. විපක්‍ෂ නායකවරයා මෙසේද කීය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා හල්ස්‌ඩෝෆ් හි සිට පැමිණෙමින් සිටි අවස්‌ථාවේදී සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන පරිදි පැළඳි හිස්‌ ආවරණ සහිතව යතුරු පැදියකින් පැමිණි සැක සහිත පුද්ගලයන් දෙදෙනකු එතුමා ලුහුබැඳ ආ බවට කුරුඳුවත්ත පොලිස්‌ ස්‌ථානයට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර ඇත.

මෙම යතුරුපැදිකරුවන් හල්ස්‌ඩෝෆ් හි සිට ජයසූරිය මහතා පැමිණි ගලදාරි හෝටලය දක්‌වා ලුහුබැඳ පැමිණ ඇති අතර, මෙම ප්‍රදේශය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පිහිටි අධි ආරක්‍ෂිත ප්‍රදේශයක්‌ වුවද, එතුමා එහි ගත කළ පැය එකහමාරක පමණ කාලය තුළ ද හෝටලයෙන් පිටත රැඳී සිට ඇත.

ඉන්පසු ජයසූරිය මහතා කොළඹ 07 ශ්‍රීමත් අර්නස්‌ට්‌ ද සිල්වා මාවතේ පිහිටි කාර්යාලයක්‌ වෙත ගොස්‌ ඇති අතර, මෙම යතුරුපැදිකරුවන් එම ස්‌ථානයට ද එතුමා හඹා ගොස්‌ එහිද පැය දෙක තුනක කාලයක්‌ රැඳී සිට ඇත.

මෙම යතුරුපැදිකරුවන් ත්‍රිරෝද රියක සිටි පුද්ගලයන් දෙදෙනකු සමඟ ද කතාබස්‌ කරමින් සිට ඇත.

යතුරුපැදියේ අංකය ඩබ්ලිව්. බී. යූ. බී. 4072 වූ අතර, ත්‍රිරෝද රියේ අංකය 207 - 5314 විය.

යතුරුපැදිකරුවන් දෙදෙනා 2014 ජූලි 15 හා 2014 ජූලි 17 යන දෙදින තුළම ජයසූරිය මහතාගේ නිවස නිරීක්‍ෂණය කර ඇති අතර, මේ සම්බන්ධයෙන් තලංගම පොලිස්‌ ස්‌ථානය වෙත පැමිණිල්ලක්‌ කර ඇත.

කෙසේ වුවද බලධාරීන් විසින් මෙම සැක සහිත පුද්ගලයන් හෝ ඔවුන්ගේ වාහන සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක්‌ සොයා ගැනීමට අපොහොසත් වී ඇත. පැහැදිලිවම මෙම යතුරු පැදිය හෝ ත්‍රිරෝද රථය සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පදනම තුළ කිසිදු තොරතුරක්‌ නොමැත.

එනමුදු විශ්මයජනක ලෙස මෙම වාහනවල අංකවලට ආසන්නයේම වූ පෙර හා පසු අංක දරන වාහනවල තොරතුරු දෙපාර්තමේන්තුව සතුව ඇත. මෙම අංක අතර පවත්නා මෙම හිඩැස පිළිබඳව කිසිදු කරුණු පැහැදිලි කිරීමක්‌ සිදුකර නොමැත.

මේ අතරම මෙම සිදුවීම පිළිබඳව නීතිපතිවරයා විසින්ම ද පොලිස්‌පතිවරයා වෙත ලිතව දැනුම් දී ඇත.

(අ) මෙම සිදුවීමට අදාළ පරීක්‍ෂණයේ වර්තමාන තත්ත්වය කෙසේද?

(ආ) වාහන අංක අතර මෙවැනි හිඩැසක්‌ පැවැතීමට හේතුව කුමක්‌ද?

යන්න අග්‍රාමාත්‍යතුමාගෙන් විමසීමට කැමැත්තෙමි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive