facebook like

Facebook ගිණුම අත්හිටුවන්නයි පෙත්සම් ලක්‍ෂ 50ක් ගහලා..

බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සහ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ෆේස්බුක් ගිණුම් අවලංගු කරන ලෙස ඉල්ලමින් ඇමෙරිකාවේ ෆේස්බුක් සමාගමට පැය 24ක් තුළ ලක්ෂ 12කට ආසන්න පැමිණිලි සංඛ්‍යාවක් ලැබි ඇතැයි වාර්තා වේ.

එසේම බොදු බල සේනා සංවිධානය නමින් පවත්වාගෙන යනු ලබන ෆේස් බුක් ගිණුම් අත්හිටුවන්නැයි ලක්ෂ 50කට ආසන්න පැමිණිලි සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇති බවද සඳහන්ය.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසුවේ වෛරීසහගත ප්‍රකාශ ඉදිරිපත් කිරීම හේතුවෙන් තම ගිණුම් අවලංගු කරන බව තමාට ෆේස්බුක් බලධාරීන් විසින් දැනුම් දී ඇති බවයි.

තම ෆේස්බුක් ගිණුම්වලට යම් චෝදනා එල්ල කරමින් සිට අවසානයේ එය මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කර ඇති බව උන්වහන්සේ පැවසූහ.

එක්තරා අන්තවාදී කල්ලි කිහිපයක් විසින් බංග්ලාදේශයේ සහ තවත් රටවල් කිහිපයක සහයෝගය ඇතිව සංවිධානාත්මකව මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇති බවත් මේ සම්බන්ධයෙන් තමන් ෆේස්බුක් නිලධාරීන් දැනුවත් කර ඇති බවත් ඥානසාර හිමියෝ පෙන්වා දුන්හ.

එසේම මේ වන විට ජාතික ප්‍රශ්න උදෙසා හඬ නගන ඒවා වාර්තා කරන ඇතැම් පුවත්පත් කර්තෘවරුන්ට මාධ්‍යවේදීන්ට මෙන්ම මාධ්‍ය ආයතනවලටද මෙම අන්තවාදී කණ්ඩායම් තර්ජනය කරන බව උන්වහන්සේ සඳහන් කළහ.

මෙසේ හිංසාකාරීව කටයුතු කරන තාක්ෂණික ක්‍රියාකරුවන් සම්බන්ධයෙන් ඉදිරියේදී සොයා බලන්නට කටයුතු කරන බවත් නව ෆේස්බුක් ගිණුමක් මේ වනවිටත් ආරම්භ කර ඇති බවත් ඥානසාර හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive