facebook like

තරුණියකට අතවර කළ සපුගස්‌කන්ද පිරිපහදුවේ සේවකයෝ.....ඇමැති සරණ ගුණවර්ධනගේ ගොලයෝ නෙවෙයිලු

සපුගස්‌කන්ද තෙල් පිරිපහදු සේවක නිවාස සංකීර්ණයේ නිවසක සිටි දෙමළ තරුණියක පෙරේදා (22 වැනිදා) පෙරවරුවේ පැහැරගෙන ගොස්‌ පිරිපහදුවේ වෙනත් නිවසක සිරකර ගෙන ඇයට අතවර කළ බව කියන එම තෙල් පිරිපහදුවේම සේවකයන් තිදෙනකු සපුගස්‌කන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් මෙම තරුණියට විෂ සහිත යමක්‌ පානය කිරීමට දී ඇයගේ ජීවිතයට හානියක්‌ කිරීමට උත්සාහ කර ඇති අතර සිහිසුන් තත්ත්වයෙන් ඇය තෙල් පිරිපහදුවේ නිවසක නාන කාමරයේ වැටී සිටියදී පොලිසිය මගින් සොයාගෙන ඇත්තේ පෙරේදා සවස්‌ කාලයේදීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සේවකයන් තම ආධාරකරුවන් නොවන බවයි.

සැකකරුවන් තමන් විසින් තෙල් සංස්‌ථාවට බඳවා ගත් සේවකයන් නොවන බව පවසන නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට කටයුතු කරන බවද කියා සිටියේය.

මෙහිදී අතවරයට ලක්‌වූ 25 හැවිරිදි තරුණිය රාගල ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ඇය තෙල් සංස්‌ථාවේ සේවකයකුගේ නිවසක මෙහෙකාර සේවයට පැමිණ ඇත්තේ මීට කලකට උඩදීය.

තෙල් සංස්‌ථාවේ සේවක නිල නිවාස සංකීර්ණයේ නිවසක සේවය කරමින් සිටියදී මෙම තරුණිය සැකකරුවන්ගේ ග්‍රහණයට නතුවි ඇත්තේ පෙරේදා පෙරවරු 9.00 ට පමණය.

සිද්ධිය වන අවස්‌ථාවේ එම නිවස හිමි සේවක මහතා ඔහුගේ බිරිඳ සහ දරුවන් නිවසේ සිට නැත. නිවසට කඩාවැදී ඇති සැකකරුවන් තරුණියට මරණීය තර්ජන එල්ලකර ඇය නිවසින් පිටතට ඇදගෙන ගොස්‌ තිබේ.

පසුව තෙල් සංස්‌ථා භූමියේම වෙනත් සේවක නිවසකට තරුණිය රැගෙන ගොස්‌ ඇති මෙම සැකකරුවන් එහිදී ඇයට අතවර කර ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

අතවරයට පත්වූ තරුණිය පොලිසියට පවසා ඇත්තේ කිසියම් පානයක්‌ ඇයට ලබාදී ඉන්පසු මොවුන් විසින් අතවර කළ බවයි.

විෂ සහිත පානය ගැනීමෙන් පසු තමන්ට සිහි නොමැති වූ බව පවසන තරුණිය එක්‌ සැකකරුවකු මුලින් තමන්ට අතවර කරන බව මතකයේ තිබෙන බවද ප්‍රකාශ කර තිබේ.

තරුණිය සේවය කළ නිවසේ හිමිකරුවන් ඇය අතුරුදන්ව ඇති බව දැනගෙන ඇත්තේ පෙරේදා සවස 3.00 ට පමණය.

පසුව මේ පිළිබඳව සපුගස්‌කන්ද පොලිසිය වෙත පැමිණිලි කළ නිවැසියන් තරුණිය පිළිබඳව සොයා බලා ඇත.

එහිදී සපුගස්‌කන්ද තෙල් පිරිපහදුවේ සේවක නිවසක නාන කාමරයේ වැටී සිටි තරුණිය සොයා ගැනීමට හැකිවී තිබේ. ඒ වන විටත් ඇය පියවි සිහියෙන් සිට නැත.

මේ පිළිබඳව නිවැසියන් සපුගස්‌කන්ද පොලිසිය වෙත දැනුම් දීමෙන් පසු එහි පැමිණි පොලිස්‌ නිලධාරීන් තරුණියගේ මුහුණට වතුර ඉස ඇයට පියවි සිහිය ගෙන පොලිසියට රැගෙන ගොස්‌ තිබේ.

අතවරයට ලක්‌වූ බව කියන තරුණිය වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා වෛද්‍යවරයකු වෙත ඊයේ (23 දා) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

තරුණියගේ කටඋත්තරය මත පරීක්‍ෂණ ආරම්භ කළ පොලිසිය තෙල් සංස්‌ථාවේ සේවකයන් තිදෙනකු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේය.

ාසඩ්සබ් -

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive