ඉතා රහසිගත ලෙස 2005 වසරේදී අරඹන ලද මෙම ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කෙරුනු ඔසාමා බෝනික්කන්ගේ විශේෂත්වය වන්නේ තාප සංවේදී ද්‍රව්‍යයකින් තැනුණු මොවුන්ගේ මුහුණු පරිසර උෂ්ණත්වය ඉහළ යාමත් සමග ඒවායේ මතුපිට පෘෂ්ඨය දියවී රතු හා කළු පැහැ මිශ්‍රිත යක්ෂ ස්වරූපයක් ගැනීමයි. දීප්තිමත් කොළ පැහැයෙන් බබළන ඇස් ඒ මුහුණේ බියකරු ස්වරූපය තවදුරටත් වැඩිකිරීමට හේතු වී තිබිණි. ළමුන් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ද අල් ඛයිඩා ත්‍රස්ත ජාලයෙන් හැකිතාක් ඈත් කර තැබිමට සී.අයි.ඒ. ආයතනය අනුගමනය කළ මෙම රහසිගත ව්‍යාපෘතිය ඔසාමා බෝනිකි ව්‍යාපෘතිය සඳහා සී.අයි.ඒ.ආයතනය සමග එක්ව ක්‍රියා කළ ප්‍රකට සෙල්ලම් බඩු නිර්මාණ ශිල්පියෙකු වන “ඩොනල්ඩ් ලෙවින්ව” ඒ සඳහා තෝරා ගනු ලැබුවේ චීන නිෂ්පාදක ජාල සමග ඔහු පැවැත්වූ සමීප සබඳතාවය නිසායි. ඔසාමා බෝනික්කන්ගේ නිෂ්පාදන කටයුතු චීනයේදී සිදු කිරීමට නියමිතව තිබිම මීට හේතුවයි.
කලක් කොරියානු හමුදාවේද සේවය කිරීමෙන් ලද අත්දැකීම් ඇති ලෙවින් විසින් හමුදා රණවිරුවන්ට උපහාර පිණිස “හස්බ්‍රෝ” සමාගම වෙනුවෙන් නිර්මාණය කළ “ට්..ජෝ” නමැති සෙල්ලම් බෝනික්කා එකල අතිශය ජනප්‍රිය වූයේ හස්බ්‍රෝ සමාගමට ඇ.ඩොලර් බිලියන පහක ලාභයක් ගෙනෙමිනි. බෝනික්කන් නිර්මාණයෙහි සුවිශේෂී
හැකියාවක් තිබූ ලෙවින් පිළිකා රෝගයට ගොදුරු වී පසුගිය මැයි මාසයේදී මිය යන කල අසූනව වන වියේ පසුවිය.
ව්‍යාපෘතිය ආරම්භයේදී ඔසාමා බෝනිකි තුනක් මුලින්ම නිර්මාණය කෙරුනු අතර ඒවා සියල්ල සම්ප්‍රදායික දිගු ලෝගුවෙන් සැරසුණු ඒවාය. නිශ්චිත වශයෙන් බෝනික්කන් කී දෙනකු මෙම ව්‍යාපෘතිය යටතේ නිර්මාණය වූවා දැයි කීමට නොදන්නා නමුදු එබඳු බෝනික්කන් තොගයක් පාකිස්තානයේ කරච්චි නුවරට නැව් මගින් යැවූ බව කියැවේ. අවම වශයෙන් එක් ඔසාමා බෝනික්කෙකු හෝ තවමත් වොෂිංටනයේ සී.අයි.ඒ. මූලස්ථානයේ සුරක්ෂිතව තබා ඇති බවට විශ්වාස කෙරේ.

0 comments:
Post a Comment