අලුත්ගම ගැටුමින් මියගිය මුස්ලිම් ජාතිකයකුගේ දේහය අවසන් කටයුතු සඳහා රැගෙන යද්දී කිසිවකුත් නොසිතූ පරිද්දෙන් එම අවමඟුල් පෙරහරට ගල් ප්‍රහාරයක් එල්ල වන්නට විය. ගල් ප්‍රහාරය ආවේ කොහෙන්ද, ගැහුවේ කවුද කියා සොයාගන්නට නොහැකි වුවත්, යළිත් දෙබරයට ගල් ගසා ගැටුමක් සාදා ගන්නට කාට හෝ අවශ්‍යතාවක් තිබුණු බව කාට කාටත් පැහැදිලිව පෙනෙන්නට විය.
එහිදී එක් මුස්ලිම් තරුණයකු වහාම නාමල්ට දුරකතන ඇමතුමක් දීමට කටයුතු කළේය.
"නාමල් මහත්තයා... කවුද අපිට ගල් ගහනවා නාමල් මහත්තයා... අපේ නැතිවෙච්ච අයගෙ අවසන් කටයුතු කරන්න දෙන්නෙත් නෑ. අපි මුස්ලිම් අය වුණත් නාමල් මහත්තයාගෙ නිල් බළකායත් එක්ක සිංහල අයයි, දෙමළ අයයි ඔක්කොම එකතු වෙලා වැඩ කළා. ඇයි දැන් අපිට මෙහෙම ප්‍රශ්න...?"
නාමල්ට ඇමතුම ගත් නාමල්ගේ නිල් බළකායේ මුස්ලිම් තරුණයා කියා සිටියේ එවැන්නකි.
ඒ මුස්ලිම් තරුණයාගේ කතාව නාමල්ගේ ඔළුවටම වැදුණේය. නිල් බළකායේ ප්‍රධානියා වශයෙන්, තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ නිර්මාතෘ වශයෙන්, තරුණ මන්ත්‍රිවරයකු වශයෙන් නාමල් ඒ මොහොතේම එක්තරා තීන්දුවකට එළැඹුණේය. ඒ වෙන මොකක්වත් නොව හිත් බිඳීමකට ලක්ව සිටින සිංහල-මුස්ලිම් ජනතාව අතර ජාතික සමඟිය ඇති කරන්නටත්, ආගමික සහජීවනය ඇති කරන්නටත් තමන්ට හැකි දේ කරන්නටය.
සියලු ජාතීන් හා ආගම් අතර විශ්වාසය මත පදනම් වූ ආගමික සහජීවනය සහ සංහිඳියාව ගොඩනැංවීම සඳහා වූ 'විශ්වාසයේ ආගමික සමුළුව' හම්බන්තොට, රුහුණු මාගම්පුර මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ ආරම්භ වූයේ නාමල්ගේ ඔළුවට ආ ඒ අදහසට අනුවය. හම්බන්තොටින් පටන් ගන්නා මේ සමුළුව රට පුරාම අරගෙන යන්නටත් නාමල් මේ වන විට තීන්දු කොට හමාරය.
නාමල්ට මේ කටයුත්තට අතගහන්න තියෙන ලොකුම සුදුසුකම වුණේ වෙන මොකක්වත් නොව නිල් බළකාය හදද්දී පක්‍ෂ භේද, පාට භේද, ජාති භේද, ආගම් භේද සත පහකට ගණන් නොගෙන හැමෝම ඒකට එකතු කරගැනීමට නාමල් ගත් තීන්දුවය. එතැනදී නාමල්ට ගොඩක් උදවු කළේ දමිළ ජාතික තරුණ මන්ත්‍රිවරයකු වූ ශ්‍රී රංගාය.
"රංගා කියන්නේ කොටියෙක්. විශ්වාස කරන්න එපා..."
සමහරු රංගාට චෝදනා කරමින් රංගා ගැන නාමල්ට එහෙමත් කීහ. හැබැයි නාමල් ඒවා විශ්වාස කළේ නැත. මොකද වැඩකාරයන් තෝරා ගැනීමේදී නාමල්ට හොඳ ඉවක් තිබීම ඒකට හේතුවය. රටේ ජාතික සමඟියට වින කටින කොටි කවුද සංහිඳියාව රකින ලාංකේය පුරවැසියන් කවුද කියන එක දැනගන්න නාමල්ට රනිල්ට වගේ මැසචුචෙට්ස් විශ්වවිද්‍යාලයේ උපාධි ගන්න ඕනෑ නැත.
කොහොමහරි රංගාගේ සහාය ලබාගත් නාමල්ට කෘතගුණ සලකන්න රංගාත් අමතක කළේ නැත. ආණ්ඩුවෙන් ඇමැතිකම් නොගත්තත් 18 වැනි සංශෝධනයේදී නාමල්ලා එක්ක එකතුව රංගා අත් ඉස්සුවේ ඒකට කළගුණ සලකන්නටය.
නාමල් මේ විදිහට ජුනි මාසයේ බේරුවල ගැටුම් බේරන්න මැදි වෙද්දී සිහියට එන්නේ 83 කළු ජූලිය වෙලාවෙදී කරකියා ගන්න කිසිම දෙයක් නැතිව අන්ත අසරණ වෙලා හිටිය ජේ.ආර්. කරපු දේය. මොකද 83 ජාතිවාදී අරගලය ජේ.ආර්. කිසිසේත්ම බලාපොරොත්තු වූ දෙයක් නොවේ. රට වටේ ගැටුම් ඇවිළී යද්දී ජේ.ආර්. සිටියේ මොකක්ද වුණේ කියලවත් අදහාගන්න බැරි තත්ත්වයකය. ජේ.ආර්. කොච්චර අසරණ වෙලා හිටියද කියනවා නම් තමන්ගේ ඇමැති මණ්ඩලයේ සගයන් විතරක් නොව හමුදාව, පොලිසිය පවා විශ්වාස කරන්න බැරි තත්ත්වයක ජේ.ආර්. සිටියේය.
අනෙක් අතට මේ විදියට ගියොත් කිසියම් පිරිසක් කුමන්ත්‍රණයකින් ආණ්ඩුවේ බලය අල්ලයි කියන බයද ජේ.ආර්.ගේ හිතේ හොල්මන් කළේය. ගැහැනියක් පිරිමියෙක් කරන්න විතරක් බැරි විධායක බලයක් හා හයෙන් පහක ආණ්ඩු බලයක් අතේ තියාගෙන ජේ.ආර්. කරන්නේ මොකක්ද කියලා ඒ වෙලාවේ දස අතේ කල්පනා කළේය.
අන්තිමේදී ජේ.ආර්. තීන්දු කළේ තම පවුලේ කෙනකුට ප්‍රශ්නය විසඳන එක භාර දෙන්නටය. හැබැයි ඒකට තිබ්බ ලොකුම කොස්ස ජේ.ආර්. පවුල්වාදය තදින්ම පිළිකුල් කරන්නකු බවට ප්‍රසිද්ධව සිටීමය. ජේ.ආර්. පවුල්වාදය කොච්චර හෙළා දැක්කාද කියනවා නම් ශ්‍රී ල.නි.පයේ බණ්ඩාරනායක පවුල්වාදය විතරක් නොව එ.ජා.පයේ සේනානායක පවුල්වාදයද ජේ.ආර්.ගේ නිර්දය විවේචනයට හසුවිය.
එහෙව් පවුල්වාදය පිළිකුල් කළ ජේ.ආර්. අන්තිමේදී කළු ජූලියට තිත තැබීම තම පුතා වූ රවි ජයවර්ධනට භාර දෙන්න තීන්දු කළේය. ඒ වෙලාවේ රවි හිටියේ ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිහින්ය. සිය පියා කෙදිනකවත් දේශපාලන කටයුතුවලට තමන්ට ආරාධනා කර නොමැති බැවින් ජේ.ආර්.ගේ මේ කැඳවීමෙන් රවිද පුදුමයට පත්විය. නමුත් පියා පත්ව ඇති අසරණ තත්ත්වය වටහාගත් රවි ඒ මොහොතේම ලංකාවට පැමිණීමට තීන්දු කළේය. දවස් ගාණක් තිස්සේ කළු ජූලිය නිසා හෙම්බත්ව සිටි ජේ.ආර්.ගේ ඇඟට ලේ බිංදුවක් ඉනුවේ තමන්ට විශ්වාසවන්ත තම එකම පුත්‍රයා වූ රවිගේ මුහුණ දුටුවාට පසුවය.
මහින්දත් සිහියට ගන්න ඕනා මෙන්න මේ කාරණයය. ජාතීන් අතර ගැටුම් හටගෙන ඒවායේ ගිනි පුළිඟු අළු යට දිලිසි දිලිසි ඇති මේ මොහොතේ මහින්දත් ඉන්නේ ජේ.ආර්. හිටියා වගේ කාවවත් විශ්වාස කරන්න පුළුවන් තත්ත්වයක නොවේ. ජේ.ආර්. ඒ වෙලාවේ තම එකම පුතා වූ රවි විශ්වාස කළා වගේ මහින්දටත් මේ වෙලාවේ විශ්වාසය තියන්න පුළුවන් කෙනා නාමල්ය.
මොකද නාමල් තරම් තාත්තට ආදරේ කරන කෙනෙක් ඉන්නවා කියලා කීයටවත් හිතන්න බැරිය. ඒ වගේම නාමල් රටටත් ආදරේය. රටේ නායකයා මහින්ද නිසා රටට යම් වරදක් වුණොත් ඒක යන්නේ තාත්තාගේ පිටින් බව නාමල් දනී. එහෙමත් නැත්නම් මහින්දගේ පිටින් බව නාමල් දනී. එතකොට තාත්තා ආරක්‍ෂා කරනවා කියන්නේ අනෙක් පැත්තෙන් රට ආරක්‍ෂා කරන එකය.
ඒ වගේම ජාතීන් අතර සහයෝගය ඇති කරන විදිය ගැන නාමල්ට අමුතුවෙන් කියා දෙන්න දෙයක් නැත. මොකද යුද්ධය ඉවර වුණාට පස්සේ උතුර නැඟෙනහිර පුනරුත්ථාපන වැඩ කටයුතු බොහොමයක් කෙරුණේ නාමල් අතින්ය. ඒ වැඩවලට නාමල් නිතර දෙවේලේ උතුර නැගෙනහිර සංචාරය කළේය. ඒ පළාත්වල තරුණ තරුණියන්ගේ ජීවන මට්ටම, අධ්‍යාපනය, හැකියාවන් නඟාසිටුවන්න පරිගණක, ශිෂ්‍යත්ව, ක්‍රීඩා භාණ්ඩ ලබා දුන්නේය. නාමල්ගේ ඒ වැඩපිළිවෙළ කොච්චර අල්ලලා ගියාද කියනවා නම් ජාත්‍යන්තර ප්‍රජාව පවා නාමල්ගේ මේ වැඩපිළිවෙළ ගැන මහත් උජාරුවෙන් කතා කළේය. එහෙව් නාමල්ට අලුත්ගම - බේරුවල ගින්න නිවනවා කියන්නේ කජු කනවා වගේ ටොයිස් වැඩකි.
"ඔහොම කිව්වට මම නාමල්ට තැනක් දුන්නොත් පක්‍ෂයේ අය උඩපනින්න ගනියි අන්න අපිට නොදී ඒකත් පවුලටම බෙදාගෙන කියලා. විපක්‍ෂයත් මට උඩ පැන පැන ගහයි. ඒකෙනුත් අන්තිමට මටයි බැනුම් අහන්න වෙන්නේ..."
මහින්ද එහෙම හිතනවාද කියන්න දන්නේ නැත.
නිකමට හරි මහින්දට එහෙම හිතෙනවා නම් මහින්ද කරන්න ඕනෑ මුලින් කිව්වා වගේම 83 කළු ජූලිය වෙලාවේදී පවුල්වාදය පිළිකුල් කරපු ජේ.ආර්. කරපු දේ හිතට ගන්න එකය. මොකද ජේ.ආර්. කියන්නේ පවුල්වාදයට එරෙහිව ඇතුළෙන් විතරක් නොව එළිපිටත් සටන් කරපු නායකයෙක්ය. එහෙව් ජේ.ආර්.ට තමන් අසරණ වුණු වෙලාවේ තම පුතා ගැන විශ්වාසය තියලා ඕස්ට්‍රේලියාවේ හිටිය පුතාගේ පිහිට පතන්න සිද්ධ වුණා නම් මහින්දට මේ වෙලාවේ ජාතීන් අතර සමගිය නංවන්න වැඩ කරන නාමල්ගේ සහාය ගන්න බැරි වෙන්න විදියක් නැත.
mawbima -

0 comments:
Post a Comment