ඓතිහාසික මහනුවර නගරයේ ලබන 27, 28 දෙදින තුලදී පැවැත්වීමට නියමිත මෝටර් රථ තරගාවලියට මහනුවර උරුමය සුරැකීමේ පදනම විරෝධය පල කරයි. එම සංවිධානයේ සාමාජිකයන් විසින් ඊයේ පස්වරුවේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය උඩුගම ශ්‍රි බුද්ධරක්ඛිත මහ නාහිමියන් තෙ සංදේශයක් බාර දෙමින් මේ බව සඳහන් කලහ.
එහිදී අදහස් දක්වමින් මහනාහිමියන් කියා සිටියේ තමන් ද මෙයට විරුද්ධව කථා කළ ද වගකිවයුත්තන් ඒ පිළිබදව කන් නොදුන් බවත් දේශපාලනයට සම්බන්ධ පිරිස් මෙහි යටි පෙළ සිටින බවත්ය.
මහනුවර උරුමය සුරැකීමේ පදනම විසින් බාර දුන් සංදේශය මෙසේය.
ශාසනාලයෙන් කරනු ලබන ගෞරවණීය ඉල්ලීමයි
ශී‍්‍ර ලංකාවාසී බෞද්ධ අපට පමණක් නොව ලෝකවාසී සියඵ බෞද්ධයින්ගේ පූජනීයම වූත්, වන්දනීයමවූත්, සිද්ධස්ථානය වන්නේ ශී‍්‍ර දන්ත ධාතූන් වහන්සේ වැඩවසන මහනුවර දළදා මාළිගාවයි. මහනුවර නගරය හෙවත් අපගේ දළදා නගරය ලෝක උරුම නගරයක් ලෙස නම් කිරීම සදහා යුනෙස්කෝ සංවිධානය විසින් ප‍්‍රමුඛතම සාධකය ලෙස සළකා බලනු ලැබූයේ මේ නගරය තුල ශී‍්‍ර දන්ත ධාතූන් වහන්සේගේ වැඩවිසීමයි. ශී‍්‍ර දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් දෛනිකව සහ වාර්ෂිකව සිදුකෙරෙන තේවාවවන්හි විශේෂයෙන් දළදා පෙරහැරේ සුවිශේෂිතාවය මෙන්ම ශී‍්‍ර දන්ත ධාතූන් වහන්සේ වැඩහි`දීම වෙනුවෙන් ඉදිකරනු ලැබ ඇති දළදා මාළිගාවේ අන්තර්ගත සුවිශේෂී ගෘහ නිර්මාණ ශිල්පයන්ද යන කාරණා මෙහිදී යුනෙස්කෝ සංවිධානය විසින් මූලික නිර්ණායක සේ ගෙන ඇත.
මීට අමතරව මල්වතු අස්ගිරි මහා විහාර මෙන්ම ඵෙතිහාසික ගැටඹේ බෝධීන්වහන්සේ සහිත සිද්ධස්ථානය ඇතුඵ වෙහෙර විහාර විශාල සංඛ්‍යාවක්ද සතර මහා දේවාලද මෙම නගරයේ පූජනීයත්වය වඩවාලීම සදහා ඉවහල් වන බව ගරුතර නායක හාමුදුරුවන් වහන්සේ දන්නා කාරණයකි.
එමෙන්ම මහනුවර දළදා පෙරහැර කේන්ද්‍ර කොටගනිමින් නිර්මාණය වී සියවස් ගණනාවක් පුරා අවිච්න්නව පැවත එන කලා හා සංස්කෘතික දායාදයන් විශාල ප‍්‍රමාණයක පැවැත්ම විසින්ද දළදා නගරයේ ගෞරවණීය භාවය වැඩිවී තිබෙන අතර බටහිර අධිරාජ්‍යවාදීන්ට එරෙහිව කරනු ලැබූ විමුක්ති අරගලයන් නිසා දිවිපි¥ හා කැපවීම් කළ විරුවන් නිසා මෙම නගරය සිංහලයන්ගේ අභිමානවත් නගරයක් වී ඇත
මෙලෙස ආගමික සංස්කෘතික ඵෙතිහාසික අංශයන්ගෙන් සුවිශේෂීතාවයට පත් නගරයේ පූජනීයත්වයට මෙන්ම අභිමානයටද හානි සිදුකිරීමට බොහෝ සතුරන් විවිධ උත්සාහයන් ගත් බවද ගරුතර නායක හාමුදුරුවන් වහන්සේ දන්නා කාරණයකි. එහි ප‍්‍රබලතම අවස්ථාවක් වූයේ එල්ටීටී ත‍්‍රස්තවාදීන්ගේ දැවැන්ත ප‍්‍රහාරයකට දළදා මාළිගාව ලක්වීමයි. ලෝවැසි බෞද්ධයින්ගේ වාසනාවට එම අවස්ථාවේ සතුරන්ගේ අරමුණු සඵල නොවුනත් බෞද්ධයින් වන අපට දැනුනු වේදනාව කිසිදිනෙක යටපත් කළ නොහැක
අතිපූජනීය නායක ස්වාමීන් වහන්ස!
බෞද්ධ අපහට වේදනාව ගෙනදෙනු ලබන තවත් බොහෝ කිි‍්‍රයාකාරකම් වර්තමානයේද දළදා නගරය තුල සිදුවෙමින් පවතී. ඉන් ප‍්‍රධාන සිදුවීමක් වනුයේ වසර කීපයක සිට යම් සුඵ පිරිසකගේ ඕනෑ එපාකම් වෙනුවෙන් වාර්ෂිකව දළදා පෙරහැර පැවැත්වෙන වීදිවල රාති‍්‍රයේ මෝටර් රථ සැණකෙළි පැවැත්වීමයි. මෙමගින් දළදා නගරයේ පූජනීයත්වයට හා ඵෙතිහාසික අභිමානයට සිදුවනුයේ මහත් විනාශයකි. 2012 වසරේදී ගරුතර නායක හාමුදුරුවන් වහන්සේගේ සහ බෞද්ධ ජනතාවගේ විරෝධය නොතකා එය පැවත්වූවත් ගිය වසරේදී එම හානිය වළක්වාලීමට ගරුතර නායක හාමුදුරුවන් වහන්සේට සහ බෞද්ධ ජනතාවට හැකිවිය.
නමුත් මෙම වසරේදීත් එම සැණකෙළිය දළදා නගරය තුල පැවැත්වීමට මේ වන විටත් කටයුතු සූදානම් වෙමින් පවතින බව අපට දැනගන්නට ලැබී තිබේ. මෙම මස 27 සහ 28 යන දෙදින තුල එය පැවැත්වීමට ඔවුන් තීරණය කොට ඇත. මෙවන් සැණකෙළි පැවැත්වීමෙන් හානි සිදුවනුයේ දළදා නගරයේ පූජනීයත්වයට සහ අභිමානයට පමණක් නොව පරිසරයට සහ දෛනක ජන ජීවිත වලටද වේ. ඊට හේතුව ඉතා කුඩා භූමි ප‍්‍රදේශයක නගරය පැතිරී තිබීමත් නගරය වටා පිහිටා ඇති භූගෝලීය පිහිටීමේ ස්වභාවයත්ය. දෛනිකව ලක්ෂ සංඛ්‍යාත ජනගහණයක් මෙන්ම දහස් සංඛ්‍යාත වාහන සංඛ්‍යාවක් මෙම කුඩා භූමිය සහිත නගරය පරිහරණය කිරීම විසින් වෙනත් නගරවලදී නොවිදින පීඩනයන් සමූහයක් මෙම නගරයේදී ජනතාවට විදීමට සිදුව ඇත. පරිසරවේදීන් පෙන්වා දෙනු ලබන ආකාරයට ලංකාවේ නගර අතරේ දැඩි ලෙස වායු ¥ෂණයට ලක්ව ඇති නගරය වන්නේද අපගේ දළදා නගරයයි. මෙවැනි මෝටර් රථ සැණකෙළි පැවැත්වීම සදහා ජනතාව බහුල ලෙස භාවිත කරන වීදි, වැලිකොට්ට සහ වෙනත් දේ මගින් ආවරණය කළවිට ජනතාව දැනටත් විදින පීඩනය තවත් දෙගුණ තෙගුණ වන අතර සැණකෙළිය සදහා යොදාගනු ලබන වාහනවලින් නැගෙන කාබන් වායු නගරයේ වායු ¥ෂණය තවත් ඉහළ නංවනු නිසැකය.
අති පූජනීය නායක හාමුදුරුවන් වහන්ස!
ඉහත සියඵ තත්වයන් පිළිබදව සළකා බලා සකල ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් මහනුවර දළදා නගරයේ පූජනීයත්වය සුරක්ෂිත කරදීම වෙනුවෙන් ඔබවහන්සේගේ කාරුණික මැදිහත්වීම ශාසනාලයෙන් ඉල්ලා සිටිමු.

0 comments:
Post a Comment