මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමිට එරෙහිව නඩු පැවරීමට පොලීසිය තීරණය කර තිබේ.ඒ උන් වහන්සේ අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කර පොලීසිය නොමග යැවීම සම්බන්ධයෙනි. උන්වහන්සේගේ පැමිණිල්ල අසත්‍ය බව මේ වන විට තහවුරු වී ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය . පූජ්‍ය වටරැක විජිත හිමි උන්වහන්සේ රෝහල් ගත කරනු ලැබු අතර ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කළේ කිසියම් පිරිසක් තමාට පහර දී අදාළ ස්ථානයේ දමා ගිය බවටය.මේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී වටරැක හිමිගේ සිරුරේ තිබු තුවාල උන්වහන්සේ විසින්ම සිදුකර ගන්නා ලද ඒවා බව තහවුරු වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළ අතර තුවාල සිදුකර ගැනීමෙන් අනතුරුව විජිත හිමිගේ ඥාතියෙකු විසින් උන්වහන්සේ පානදුර හිරන ප්‍රදේශයේ දමාගොස් ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
facebook like
බොරු පැමිණිලි කරාට පොලිසියෙන් වටරැක හිමිට නඩු........ඥාතියෙකු විසින් පානදුර හිරන ප්‍රදේශයට ගෙනත් දාලා
Popular Posts
-
ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන වලදී ඇඟිල්ලේ තීන්ත ගෑව ද තීන්ත ආලේප කළ බවක් පෙනෙන්නට නොමැති වීමේ ගැටළුව ගැන ගාල්ල සහකාර මැතිවරණ ක...






0 comments:
Post a Comment