තංගල්ල ද නේචර් හෝටලයේ අපරාධය සිදුකළ අයකු "අන්න සිකුරිටි එනවා අල්ල ගනිං කියා" කෑ ගසා බෝතලයකින් පහර දුන් බවත්, එහිදී බියට පත්වූ තමාත්, හෝටලයේ ආරක්ෂාවට සිටි අනෙක් නිලධාරියාත් හෝටලයෙන් එළියට පැනගොස් සැඟවුණු බවත් හෝටලයේ ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කළ වී.ඒ. ලලිතානන්ද මහතා කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (17දා) පැවැසීය.
හෝටලයේ කලබලය අවසන් වීමෙන් පසුව තමා නැවත හෝටලයට පැමිණි අවස්ථාවේදී සියල්ල සිදුවී අවසන් බවත්, අපරාධ ස්ථානයේ කිසිවකු නොසිටි බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ ජේයෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දෙමින් සාක්ෂිකාර ලලිතානන්ද මහතා එසේ පැවැසීය.
කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඉදිරියේ නඩුව විභාග වේ.
2011 දෙසැම්බර් 25 වැනි දින තංගල්ල ද නේචර් හෝටලයේ පැවැති නත්තල් සාදයකදී බි්‍රතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය කර ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය වූ වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රා මෙනෙවියට පහරදී තුවාල සිදුකර සමූහ දූෂණයකට ලක් කිරීම සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ, ඕබඩ ආරච්චිගේ ලහිරු කැලුම් හෙවත් රවීන්ද්‍ර, උඩුවනගේ සමන් දේශප්‍රිය, වීරප්පුලිගේ ප්‍රනීත් චතුරංග, මොහොට්ටිගේ සරත් හෙවත් සහන්, සරණරාච්චි පටබැඳිගේ චානුක චතුරංග යන විත්තිකරුවන් 06 දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මේ නඩුව කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබිණි.
මේ අපරාධ සිද්ධියේදී තංගල්ල ද නේචර් හෝටලයට රුපියල් 1,60,255ක අනර්ථයක් සිදුකිරීම, හෝටලයේ තිබූ රුපියල් 41,256ක් වටිනා මත්පැන් බෝතල් කොල්ලකෑම් ඇතුළු අධිචෝදනා යටතේ මෙම නඩුව පවරා තිබිණි.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ ජේයෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දෙමින් තංගල්ල ද නේචර් හෝටලයේ ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කළ වෙරප්පුලිගේ අමරගේ ලලිතානන්ද මහතා (54) මෙසේ පැවැසීය.
රජයේ නීතිඥ
තමා රැකියාව කරන්නේ කොහේද?
සාක්ෂිකරු
අබාන්ස් ආයතනයේ.
රජයේ නීතිඥ
තමා අබාන්ස් ආයතනයේ මොකද කරන්නේ.
සාක්ෂිකරු
ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කරනවා.
රජයේ නීතිඥ
තමා තංගල්ල ද නේචර් හෝටලයෙත් ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරියෙක්ද?
සාක්ෂිකරු
ඔව්.
රජයේ නීතිඥ
කොපමණ කාලයක් හෝටලයේ ආරක්ෂක කටයුතු කළාද?
සාක්ෂිකරු
මාස තුනක් පමණ කටයුතු කළා.
රජයේ නීතිඥ
තමා පදිංචිව සිටින්නේ කොහේද?
සාක්ෂිකරු
ගැටමාන්නේ.
රජයේ නීතිඥ
තමා තංගල්ල ද නේචර් හෝටලයේ සේවය කරමින් සිට ඉවත් වුණේ ඇයි?
සාක්ෂිකරු
අපි එම හෝටලයෙන් වෙනත් තැනකට මාරු කළා.
රජයේ නීතිඥ
ඒ කවදාද?
සාක්ෂිකරු
2011 දෙසැම්බර් 30 වැනිදා.
රජයේ නීතිඥ
තමා තංගල්ල ද නේචර් හෝටලයේ කුමන ස්ථානයේද රාජකාරි කළේ.
සාක්ෂිකරු
මා එම හෝටලයේ ගේට්ටුව අසල රාජකාරි කළා.
රජයේ නීතිඥ
තමා දිනපතා සේවය කළාද?
සාක්ෂිකරු
දවසක් ඇර දවසක් වැඩ කළා.
රජයේ නීතිඥ
තමා අද අධිකරණයට ඇවිත් තිබෙන්නේ තංගල්ල ද නේචර් හෝටලයේ ඇතිවූ සිද්ධියක් ගැන සාක්ෂි දීමටද?
සාක්ෂිකරු
ඔව්.
රජයේ නීතිඥ
හෝටලයේ එම සිද්ධිය ඇතිවුණේ කවදාද?
සාක්ෂිකරු
2011 දෙසැම්බර් 24 දින රාත්‍රියේදී
රජයේ නීතිඥ
තමා එම සිද්ධිය පිළිබඳව රහස් පොලිසියට කටඋත්තර ලබා දුන්නාද?
සාක්ෂිකරු
ඔව්.
රජයේ නීතිඥ
තමාට නිල ඇඳුමක් තිබෙනවාද?
සාක්ෂිකරු
ඔව්.
රජයේ නීතිඥ
ආයුධ ලබාදී තිබුණාද?
සාක්ෂිකරු
නැහැ.
රජයේ නීතිඥ
එම හෝටලයට ඇතුළුවන වාහන පිළිබඳ තොරතුරු පොතක ඇතුළත් කළාද?
සාක්ෂිකරු
ඔව්.
රජයේ නීතිඥ
මෙම අවස්ථාවේදී හෝටලයට ඇතුළු වූ සහ පිටවූ වාහන සම්බන්ධයෙන් තොරතුරු සටහන් කර තිබූ පොතක් සාක්ෂිකරුට පෙන්වන ලදී. එම සටහන් පොත පරීක්ෂා කරමින් සාක්ෂිකරු සාක්ෂි දෙයි.
රජයේ නීතිඥ
එම සටහන් පොතේ 58-4413 දරන වෑන් රථයක් ගැන සඳහන් වෙනවාද?
සාක්ෂිකරු
ඔව්.
රජයේ නීතිඥ
හෝටලයේදී ඝාතනය වූ බව කියන බි්‍රතාන්‍ය ජාතික පුද්ගලයා සහ විදේශික කාන්තාව ඔබ දැක තිබෙනවාද?
සාක්ෂිකරු
ඔව්. අවස්ථා කිහිපයකදීම දැක තිබෙනවා.
රජයේ නීතිඥ
58-4413 දරන වෑන් රථය පිටවී යනවා තමා දුටුවාද?
සාක්ෂිකරු
නැහැ.
රජයේ නීතිඥ
ඒ පිළිබඳ සටහන් තිබෙනවාද?
සාක්ෂිකරු
එම වාහනය ගේට්ටුව ඇරගෙන ගොස් තිබුණා.
රජයේ නීතිඥ
තමාට එහිදී ශබ්දයක් ඇසුණාද?
සාක්ෂිකරු
ඔව්. මා ලොන්ඩරියේ ඉන්න විට ශබ්දයක් ඇසුණා. කවුරු හරි ගහ ගන්නවා හෝ කෑ ගහන ශබ්ද ඇහුණා. අපිට රෙස්ටුරන්ට් එකට යන්න තහනම් කරලා තිබෙන්නේ. අපිට රෙස්ටුරන්ට් එකේ ලයිට් නිමන්න තමයි තිබෙන්නේ.
රජයේ නීතිඥ
තමාටත් ප්‍රහාරයක් එල්ල වුණාද?
සාක්ෂිකරු
ඔව්. මම ලොන්ඩරියේ සිට එනවිට "අන්න සිකුරිටි එනවා, අල්ලගනිං" කියලා එක් අයෙක් කොළ පැහැති ස්ප්‍රයිට් බෝතලයකින් මට ගැහුවා. මට ඒක වැදුණේ නෑ. මම එතැනින් පැනලා දිව්වා. එතකොට වේලාව 12.15ට විතර ඇති.
රජයේ නීතිඥ
තමාට පහර දෙන්න හැදුවේ එක් අයෙක්ද? නැතිනම් පිරිසක්ද?
සාක්ෂිකරු
එක් අයෙක්.
රජයේ නීතිඥ
මියගොස් සිටි විදේශිකයා සහ තුවාල ලබා සිටි විදේශ ජාතික කාන්තාව රෝහලට රැගෙන ගියාද?
සාක්ෂිකරු
ඔව්. වෑන් රථයක දමාගෙන ඔවුන් රෝහලට ගියා.
රජයේ නීතිඥ
අවන්හලේ කොපමණ පිරිසක් සිටියාද?
සාක්ෂිකරු
150ක් පමණ එහි රැඳී සිටියා.
පළමු වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා ඇසූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු මෙසේ පැවැසීය.
ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා
අවන්හලේ 150ක් පමණ පිරිසක් සිටියාද?
සාක්ෂිකරු
ඔව්. අවන්හල පිරිලා තිබුණේ.
ජනාධිපති නීතිඥ
හෝටලයේ සිට මුහුදු පැත්තට වෙන්න විවෘත වෙලාද තිබුණේ.
සාක්ෂිකරු
ඔව්.
ජනාධිපති නීතිඥ
ඒ කියන්නේ ඕනෑම කෙනකුට මුහුදු පැත්තෙන් සහ ගේට්ටුව තිබූ පැත්තෙන් හෝටලයට ඇතුළු විය හැකිද?
සාක්ෂිකරු
ඔව්. දෙපැත්තෙන්ම එන්න පුළුවන්.
ජනාධිපති නීතිඥ
තමා විසින් ආරක්ෂාව පිළිබඳ සටහන් යොදා පොත පොලිසියට රැගෙන ගියාද?
සාක්ෂිකරු
ඔව්, රැගෙන ගියා.
ජනාධිපති නීතිඥ
හෝටලයට පොලිසිය ආවේ කීයට විතරද?
සාක්‍ෂිකරු
රාත්‍රි 12.45ට විතර.
ජනාධිපති නීතිඥ
58 - 4413 වෑන් රථය තංගල්ල හෝටලයට ආ බවට, හෝටලයේ ගේට්ටුවේ තොරතුරු සටහන් පොතේ ඇතුළත් කර නැහැ නේද?
සාක්‍ෂිකරු
ඔව්.
ජනාධිපති නීතිඥ
එම වාහනය පිට වී ගිය බවට පසුව නේද තොරතුරු සටහන් පොතේ ඇතුළත් කර තිබෙන්නේ.
සාක්‍ෂිකරු
ඔව්.
මෙම නඩුවේ තුන් වැනි විත්තිකාර තංගල්ල ප්‍රදේශීය සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඇසූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු මෙසේ පැවැසීය.
ජනාධිපති නීතිඥ
2011 දෙසැම්බර් 24 වැනිදා තමා තංගල්ල ද නේචර් හෝටලයේ ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කළාද?
සාක්ෂිකරු
ඔව්.
ජනාධිපති නීතිඥ
හෝටලයට ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනකු අනුයුක්ත කර තිබුණා නේද?
සාක්‍ෂිකරු
ඔව්.
ජනාධිපති නීතිඥ
ශබ්දයක් ඇහීමට පෙර කලබලයක් ගැන තමාට ආරංචි වුණේ නැහැ නේද?
සාක්‍ෂිකරු
නැහැ.
ජනාධිපති නීතිඥ
ශබ්දයක් ඇසුණු විට නේද කලබලයක් ඇති වී තිබෙන බව දැන ගත්තේ.
සාක්‍ෂිකරු
ඔව්.
ජනාධිපති නීතිඥ
තමා එම වේලාවේ සිටියේ පිහිනුම් තටාකය අසල නෙවෙයි නේද?
සාක්‍ෂිකරු
ඔව්.
ජනාධිපති නීතිඥ
තමා එම වේලාවේ සිටියේ ලොන්ඩරියේ නේද?
සාක්‍ෂිකරු
ඔව්.
ජනාධිපති නීතිඥ
තමාට පෙන්වූ තොරතුරු සටහන් යෙදුවේ දර්ශන නමැති අය නේද?
සාක්‍ෂිකරු
ඔව්.
ජනාධිපති නීතිඥ
දර්ශන එම සටහන් යෙදුව නිසා ඒ ගැන තමාට කියන්න බැහැ නේද?
සාක්‍ෂිකරු
ඔව්.
ජනාධිපති නීතිඥ
හෝටලයේ සිටි සුදු ජාතික මහත්තයටයි, නෝනටයි තුවාල කළේ කවුරුන්ද කියා තමා දන්නේ නැහැ නේද?
සාක්‍ෂිකරු
මා දන්නේ නැහැ.
ජනාධිපති නීතිඥ
තමා හෝටලයේ සිදු වූ කිසිම සිද්ධියක් දුටුවේ නැහැ නේද?
සාක්‍ෂිකරු
ඔව්.
ජනාධිපති නීතිඥ
තමාට දියවැඩියාව තිබෙනවාද?
සාක්‍ෂිකරු
නැහැ.
ජනාධිපති නීතිඥ
ශබ්දයක් ඇසුණු ආපනශාලාව දිහා තමා බැලුවාද?
සාක්‍ෂිකරු
ඔව්.
ජනාධිපති නීතිඥ
තමා ආපනශාලාවේ මොකුත් වෙනවා දුටුවාද?
සාක්ෂිකරු
නැහැ.
ජනාධිපති නීතිඥ
එම අවස්ථාවේදී ආපනශාලාවේ ලයිට් තිබුණාද?
සාක්ෂිකරු
නැහැ.
ජනාධිපති නීතිඥ
එම නිසා මොකුත් දුටුවේ නැහැ නේද?
සාක්‍ෂිකරු
ඔව්.
ජනාධිපති නීතිඥ
සුද්දයි සුද්දියි වැටිලා හිටියේ කොහේද?
සාක්‍ෂිකරු
පිහිනුම් තටාකය අසල.
ජනාධිපති නීතිඥ
තමා සුද්දයි සුද්දියි ළඟට එන විට එතැන පිටස්තර කවුරු හරි හිටියාද?
සාක්‍ෂිකරු
නැහැ.
ජනාධිපති නීතිඥ
හෝටලයේ කවුරු හෝ හිටියාද?
සාක්‍ෂිකරු
කවුරුත් හිටියේ නැහැ.
ජනාධිපති නීතිඥ
සුද්දයි සුද්දියි රෝහලට අරන් යන විට තමා කාර් පාර්ක් එකේ හිටියාද?
සාක්‍ෂිකරු
ඔව්.
ජනාධිපති නීතිඥ
සුද්දයි, සුද්දියි කාර් පාර්ක් එකට ගෙනල්ලා නේද රෝහලට රැගෙන ගියේ.
සාක්‍ෂිකරු
ඔව්.
ජනාධිපති නීතිඥ
ඊට පස්සේ තංගල්ල පොලිසියේ නිලධාරීන් රෝහලට ආවාද?
සාක්‍ෂිකරු
ඔව්.
ජනාධිපති නීතිඥ
කීයට විතරද ආවේ.
සාක්‍ෂිකරු
රාත්‍රි 12.45ට විතර.
ජනාධිපති නීතිඥ
තමාගෙන් තංගල්ල පොලිසිය කටඋත්තර ගත්තාද?
සාක්‍ෂිකරු
නැහැ.
ජනාධිපති නීතිඥ
රහස් පොලිසිය කටඋත්තර ගත්තාද?
සාක්‍ෂිකරු
ඔව්.
ජනාධිපති නීතිඥ
ආරක්‍ෂක සටහන් යෙදූ පොත රහස් පොලිසිය භාරයට ගත්තේ කවදාද?
සාක්ෂිකරු
2011 දෙසැම්බර් 25 වැනිදා රාත්‍රි 10ට විතර.
ජනාධිපති නීතිඥ
රහස් පොලිසියේ පොල්වත්ත මහත්තයාද එම පොත ගත්තේ.
සාක්‍ෂිකරු
ඔව්.
ජනාධිපති නීතිඥ
රහස් පොලිසියේ පොල්වත්ත මහත්තයා ආරක්‍ෂක සටහන් පොත ගන්නා විට දැන් තමා මීට පෙර කියූ සටහන් දමා තිබුණාද?
සාක්‍ෂිකරු
ඔව්.
ජනාධිපති නීතිඥ
රාත්‍රි 12.20ට ලියූ සටහනක රාත්‍රි 12.45ට වන දෙයක් ලියන්න බැහැ නේද?
සාක්‍ෂිකරු
ඔව්. එහෙම ලියලා තිබෙනවා නම් ඒක වැරැදියි.
විත්තියේ නීතිඥ, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා විසින් නැවත සාක්‍ෂිරුගෙන් හරස් ප්‍රශ්න අසනු ලැබීය.
ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා
හෝටලයේ ආරක්‍ෂක සටහන් පොතේ ඇතැම් කරුණු රහස් පොලිසිය ලියූ ඒවා නේද?
සාක්‍ෂිකරු
ඒක නම් මම හරියටම දන්නේ නැහැ.
ජනාධිපති නීතිඥ
හෝටලයේ ගේට්ටුවේ තිබූ ආරක්‍ෂක සටහන් පොතේ තිබෙන ඇතැම් කරුණුවල තමාගේ නොවන අත් අකුරු තිබෙනවාද?
සාක්ෂිකරු
ඔව්.
ජනාධිපති නීතිඥ
ඒ කියන්නේ තමා ලීවාට පසු වෙනත් පෑනකින් තවත් තොරතුරු ඇතුළත් කර තිබෙනවා නේද?
සාක්‍ෂිකරු
ඔව්.
ජනාධිපති නීතිඥ
එම සටහන් පොතේ තිබෙන හිස් ස්ථාන කවුරු හරි පුරවලා නේද?
සාක්‍ෂිකරු
වෙන්න පුළුවන්.
ජනාධිපති නීතිඥ
අදාළ සටහන් පොතේ තමාගේ අස්සනට සමාන අස්සනක් තිබෙනවා නේද?
සාක්‍ෂිකරු
ඔව්. මා එය පිළිගන්නවා.
රජයේ නීතිඥ තුසිත් මුදලිගේ මහතා
තොරතුරු සටහන් පොතේ තිබෙන්නේ තමාගේ අත් අකුරු නොවෙයිද?
සාක්‍ෂිකරු
මාගේ අත් අකුරු නොවේ.
සාක්‍ෂිකරුගේ සාක්‍ෂිය එතැනින් අවසන් විය.
නඩුවේ වැඩිදුර විභාගය හෙට (19දා) දින තෙක් කල් තබන ලදී.

.jpg)

0 comments:
Post a Comment