facebook like

මුරලි, සචිත්‍ර සිදුවීම් 'සංසන්දනය කරන්න බෑ'

ඕස්ට්‍රේලියාවේදී මුරලිදරන්ගේ පන්දු යැවීම ප්‍රශ්න කිරීම සහ එංගලන්තයේදී සචිත්‍ර සේනානායකගේ 'සැක සහිත' පන්දු යැවීම වාර්තා කිරීම එකිනෙක හා සංසන්දනය කළ නොහැකි බව අර්ජුන රණතුංග පවසයි.

ඕස්ට්‍රේලියාවේදී තරඟ විනිශ්චයකරුවන් ක්‍රීඩාංගනයේදීම මුත්තයියා මුරලිදරන්ගේ පන්දු නිපන්දු ලෙසින් නම් කළ බව සිහිපත් කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයා, සචිත්‍රගේ පන්දු යැවීම සැක සහිත බව වාර්තා කරන ලද්දේ තරඟයෙන් අනතුරුව විනිසුරුවන්ගේ සහ තරඟ තීරකවරයාගේ වාර්තාවේ බවද බීබීසී සංදේශයට කියා සිටියේය.

සචිත්‍රගේ පන්දු යැවීම පිළිබඳව සැකයක් පවතින්නේ නම් නිසි විධිවිධාන ප්‍රකාර එය පරීක්ෂා කිරීමේ වරදක් නැති බවයි, රණතුංග මන්ත්‍රීවරයා පවසන්නේ.

"ඒ වගේම මම කියල තියෙනව, මීට වඩා පන්දු යවන කොට සැක සහිත පන්දු යැවීමේ ඉරියවු තියෙන තවත් ඕන තරම් ක්‍රීඩකයෝ මේ ලෝකේ ක්‍රීඩා කරනවා නමුත් එහෙම වාර්තා වෙන්නේ නෑ කියල. ජගත් පාලක මණ්ඩලය කියන්නේ දත් නැති ව්‍යාඝ්‍රයෙක් වගෙයි කියන එක මම හැමදාමත් කියන දෙයක්," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

'ලොකු ගෞරවයක්'
ඔහු ඒ අදහස් පළ කළේ අඟහරුවාදා නිමාවට පත් වූ ශ්‍රී ලංකා-එංගලන්ත තරඟාවලියේ විස්තර විචාරකයකු ලෙසින් කටයුතු කිරීම පිණිස එංගලන්තයට පැමිණ සිටි අතරවාරයේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසයේ පළමු වතාවට එංගලන්තයට එරෙහි ටෙස්ට් තරඟාවලියක් එංගලන්තයේදීම ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාවට 'ලොකු ගෞරවයක්' බව පවසන ඔහු, එංගලන්ත සංචාරයේදී සමස්ත කණ්ඩායමම දස්කම් දැක්වීමට සමත්වීම 'ඉතාමත් වැදගත් කරුණක්' බවද පැවසීය.

'මැතිවුස් තුන් ඉරියවුවෙන්ම දස්කම් දක්වමින් අවශ්‍ය වෙලාවට ලකුණු අතරට පැමිණියා'
විශේෂයෙන්ම නායක ඇන්ජලෝ මැතිවුස් තුන් ඉරියවුවෙන්ම දස්කම් දක්වමින් 'අවශ්‍ය වෙලාවට ලකුණු අතරට' පැමිණීම කණ්ඩායමේ ජයග්‍රහණයට ඉවහල් වූ බවද ඔහු පවසයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට පරාජය වීමත් සමඟම එංගලන්ත කණ්ඩායමේ නායක ඇලිස්ටර් කුක්ට ඉල්ලා අස්වන මෙන් කෙරෙන බලපෑම අසාධාරණ බව පවසන අර්ජුන රණතුංග, සාපේක්ෂව අත්දැකීම් අඩු කණ්ඩායමක සමඟ ක්‍රීඩා කළ ඔහුට කණ්ඩායමේ පළපුරුදු පන්දු යවන්නන්ගෙන් අවශ්‍ය සහයෝගය ලැබුනේද යන්න ගැටලුවක් බවත් සංදේශයට පැවසීය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive