facebook like

කඩ කඩන'දේශප්‍රේමය'ගැන ඇමති රාජීත කියයි (video) ......කඩ 150 ක් කැඩුවත් සැකකරුවන් 50 යි (video)

අලුත්ගම, බේරුවල ප්‍රදේශවලදී මුස්ලිම් ජනතාවට අයත් 150 කට ආසන්න ව්‍යාපාරික ස්ථාන විනාශ කොට දමා ඇතත්, පොලිසිය මෙතරම් සුළු පිරිසක් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ මන්දැයි අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රශ්න කරයි.

"දැන් එකසිය පනස් දෙකක්ද කොහෙද කඩල තියෙනව, විත්තිකාරයෝ පනස් ගානයිනේ? ඒ කියන්නේ කඩ තුනක් කඩල තියෙන්නේ එක්කෙනයි," යනුවෙන් සඳහන් කරමින් අමාත්‍යවරයා පොලිසිය දැඩි විවේචනයට ලක් කළේය.

ගැටුම සම්බන්ධයෙන් පොලිසිය නිසි පරිදි නීතිය ක්‍රියාවට නොනඟන බව ඇමතිවරයාගේ චෝදනාවයි.

අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවලදී මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට එල්ල වූ ප්‍රහාරය ප්‍රදේශයෙන් පිටත සිට පැමිණි 'මැර කල්ලියක්' විසින් දියත් කරන ලද 'සංවිධානාත්මක ක්‍රියාවක්' බව ඇමතිවරයා අවධාරණය කළේය.

'කුමන්ත්‍රණයක්'
එම ප්‍රහාරය ඇමතිවරයා හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව විනාශ කිරීමේ අරමුණින් දියත් කරන ලද කුමන්ත්‍රණයක් ලෙසින්.

සිය මැතිවරණ කොට්ඨාශයේ මුස්ලිම් ජනතාවගේ උපවාස කාලය ආරම්භ කරන සෑම අවස්ථාවකම තමන් එයට සහභාගි වූ බව පවසන අමාත්‍යවරයා, බෞද්ධ භික්ෂූන් වහන්සේද ඒ සෑම අවස්ථාවකම තමන් සමඟ එක් වූ බවත් සඳහන් කරයි.

එමෙන්ම ප්‍රදේශයේ බෞද්ධ විහාරස්තාන ගණනාවක් තමන් පිළිසකර කළ අවස්තාවල ඒ සියල්ල වෙනුවෙන් වියදම් දැරුවේ මුස්ලිම් ජනතාව බවද කියා සිටියේය.

ගැටුම් හටගත් සමයේ විදේශගතව සිටි අමාත්‍යවරයා, යලි සියරට පැමිණීමෙන් අනතුරුව පළමුවරට සිය මැතිවරණ කොට්ඨාශයට පැමිණි අවස්තාවේදීයි, බ්‍රහස්පතින්දා මාධ්‍යවේදීන් අමතමින් ඒ බව කියා සිටියේ.

'දේශප්‍රේමය'
"කඩන කට්ටිය බඩු ටික උස්සලා ඊට පස්සේ කඩේ කඩන කට්ටිය ගිණි තියල තිබුනේ. එහෙම නැතුව බඩුත් එක්ක ගිණි ටිහ්යපු කඩයක් නෑ මේකේ මට ආරංචි විදියට," යනුවෙන්ද ඔහු පැවසීය.

'දේශප්‍රේමය' නාමයෙන් අපරාධකරුවන් 1958 සිටම ක්‍රියා කළේ මේ ආකාරයට බව ඇමතිවරයා සිහිපත් කළේය.

"කවුරු හරි හාමුදුරු කෙනෙකුට බයේ මේ ප්‍රසිද්ධ නගරවල රැස්වීම් තියන්න පුළුවන් නම්, ඒගොල්ලන්ට ඕන විදියට පෙළපාලි තියන්න පුළුවන් නම්, ඒ නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසියක් නැත්නම් මේ මොන සංස්කෘතිය කතා කළත් වැඩක් නෑ."

බොදු බල සේනා සංවිධානයේද සහභාගිත්වයෙන් අලුත්ගම පැවැත්වුණු රැස්වීමෙන් පැය භාගයක් ඇතුලත කෝලාහල ආරම්භ වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, යමක් ගොඩනැගීමට බොහෝ කාලයක් ගත වන නමුත් එය විනාශ කිරීමට ගත වන්නේ ඉතා සුළු කාලයක් බවද පැවසීය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive