facebook like

ගණිකාවක් කියා අත්අඩංගුවට ගත් කාන්තාවට වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග

ගණිකා වෘත්තියේ නියැළුණේ යැයි මහනුවර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ කාන්තාවක නි‍ෙදාස් කොට නිදහස් කළ මහනුවර ප්‍රධාන මහෙස්ත්‍රාත් වසන්ත කුමාර මහතා, එම කාන්තාව අගතියට පත්වීම හේතුවෙන් ඇයට වන්දි මුදලක් ගෙවන ලෙසද මහනුවර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට නියෝග කෙළේය.

මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයේදී පෙරේදා (18දා) මේ තීන්දුව ලබාදුන් මහෙස්ත්‍රාත්වරයා රජයේ ගාස්තු ගෙවන ලෙසද දූෂණ මර්දන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට වැඩිදුරටත් නියෝග කෙළේය.


දඹුල්ල ප්‍රදේශයේ පදිංචි මේ කාන්තාව කුණ්ඩසාලේ නව නගරයේ පිහිටි නිවාඩු නිකේතනයකදී 2010.09.17 දින අත්අඩංගුවට ගෙන ගණිකා වෘත්තියේ නියැළීමේ චෝදනා මත මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් පත් කොට තිබූ අතර ගණිකා නිවාස ආඥා පනතේ 2, ආ වගන්තිය යටතේ නඩු පැවැරිය හැක්කේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුට පමණක් බැවින් 2011.02.02 දින මේ කාන්තාව එම චෝදනාවෙන් නිදහස් කිරීමට මහනුවර අධිකරණය පියවර ගෙන තිබිණි.
ඉන්පසුව මේ කාන්තාව රැකියාවක් සඳහා විදෙස් ගතවූ බව පැවැසෙන අතර දූෂණ මර්දන අංශය මඟින් පාදඩ ආඥා පනත යටතේ අයාලේ යෑම යන චෝදනාව නඟමින් විෂය ගත කරුණු සම්බන්ධයෙන් නැවතත් නඩු පවරා ඇත. චූදිත කාන්තාව නැවත ලංකාවට පැමිණ අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර 11 වරක් පමණ මේ නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව ඉකුත් 11 වැනි දින නැවතත් ඇය නිදහස් කිරීමට පියවර ගෙන ඇති මහනුවර ප්‍රධාන මහෙස්ත්‍රාත් වසන්ත කුමාර මහතා අගතියට පත් මේ කාන්තාව වෙනුවෙන් පොලිසියට වන්දි මුදලක් ගෙවීමට සිදුවන බවත් එම වන්දි මුදල නොගෙවන්නේ නම් ඒ පිළිබඳ මේ මස 18 වැනි දින විරෝධතා ගොනු කරන ලෙසත් පොලිසියට නියෝග කෙළේය.


ඒ අනුව ඉකුත් 18 වැනි දින නඩුව නැවතත් කැඳවූ අවස්ථාවේ දූෂණ මර්දන අංශය විසින් වන්දි ගෙවීමට එරෙහිව විරෝධතා ගොනු කළද එම විරෝධතා ඉවත දැමූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අගතියට පත් කාන්තාවට රුපියල් හත්දහස් පන්සීයක වන්දි මුදලක්ද රජයේ ගාස්තු වශයෙන් රුපියල් දහසක මුදලක්ද තම පෞද්ගලික මුදලින් ගෙවන ලෙස දූෂණ මර්දන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂකවරයාට නියෝග කෙළේය.
මේ නඩුවේ චූදිත කාන්තාව වෙනුවෙන් නීතිඥ මාරහෙල මහතා පෙනී සිටියේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive