තම අත්බාහුවේ උඩ කොටසේ බුදුන් වහන්සේගේ රුව ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් බි්‍රතාන්‍ය ජාතික නඕමි කොලෙමන් සොහොයුරියට බෙහෙවින්ම ස්තුතිය පළ කරන බව ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක හා ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර ආගමික උපදේශක වල්පොළ පියනන්ද හිමියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසති.
කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ පළවී ඇති උන්වහන්සේගේ ප්‍රකාශයේ තවදුරටත් මෙසේද සඳහන් වේ.
"නඕමි කොලෙමන් සොහොයුරියට
ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා. ඔබේ අත් බාහුවේ උඩ බුදු රුව කොටා ගැනීමේ ඔබ දකින අය අතරේ බුදු දහම ප්‍රචලිත කරමින් සිටිනවා. ඒ වගේම ඒ අයට බුදුන් වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳ සොයා ගැනීමට අවස්ථාව ලබාදෙනවා."
"නඕමි කොලෙමන් නම් බි්‍රතාන්‍ය සංචාරක කාන්තාව ඇයගේ අත් බාහුවේ බුද්ධ රූපයක් පච්ච කොටාගෙන තිබීමේ හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ලක්වූ බව අසන්නට ලැබීමෙන් මා බෙහෙවින්ම කනගාටුවට පත්වුණා. පිටුවහල් කිරීමට ප්‍රථම ඇයව දෙදිනක් මීගමුවේ රඳවාගෙන තිබුණා. පසුව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය කනගාටුව ප්‍රකාශ කරමින් ඇයට ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට්පතක් ලබාදී ඇයට අනාගතයේදී නැවැත ශ්‍රී ලංකාවේ සංචාරයට අවස්ථාවක් ලබාදී තිබෙනවා. එනමුත් එය ඇයට මුහුණ දෙන්නට සිදුවූ පිළිකුල් සහගත සැලකීමට ප්‍රමාණවත් නැහැ. නැවැත වරක් අපගේ ජාත්‍යන්තර ප්‍රතිරූපය හා ගරුත්වයට කැළැල් ඇතිවුණා. අප ඉවසීමක් දයානුකම්පාවක් නැති ඒ වගේම පටු මානසික තත්ත්වයක් ඇති අය වශයෙන් හංවඩු ගැහෙනවා.
බුද්ධ රූපයක් ඇඳ පැලඳීම අපගේ අධි සංවේදී බෞද්ධ සමාජයට වරදක් නම් තායිලන්තය හා ගිනිකොන දිග ආසියාතික රටවලින් පැමිණෙන බුදු හිමියන්ගේ රුව ශරීරයේ කොටා ගත් භික්‍ෂුන් වහන්සේ සම්බන්ධයෙන් අප කෙසේ කටයුතු කරමුද? එම භික්‍ෂුන් වහන්සේත් නෙරපීමට කටයුතු කරනවාද?
බොහෝ රටවල බැතිමත් බෞද්ධයන් බුදු රුව සහිත යන්ත්‍ර ගෙල වටා පලඳිනවා. අපේ රටට ඇතුළුවීම මේ අයටත් තහනම් කරනවාද? සෑම වසරකම මා ශ්‍රී ලංකාවේ හා ඇමෙරිකාවේ ළමයිනට බුදු හිමියන්ගේ කුඩා ප්‍රමාණයෙන් රූ ලබාදෙනවා පල¼දාගැනීමට. මේ ළමයින්ව දහම් පාසලින් නෙරපිය යුතුද? එසේ නම් බටහිර රටවල ජනතාවට හුරුපුරුදු නැති කහපාට සිවුරක් අඳින අපව ඒ ඇඳුම වෙනස් නිසා එය ඔවුන්ගේ සමාජයට අගෞරවයක් කියා අපවත් ඇමෙරිකාවෙන් පිටුවහල් නොකළ යුතුද?
නඕමි කොලෙමන් ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙක්. මේ වන විටත් ඇය තායිලන්තය, ඉන්දියාව, කාම්බෝජය, නේපාලය ආදී රටවල භාවනා වැඩසටහන්වලට සහභාගි වී ඇති තැනැත්තියක්. ඇයට ඇයගේ බාහුවේ කොටා ඇති බුද්ධ රූපය ගෞරවය දැක්වීමේ සලකුණක්. ඇය ඉන් කිසිදු වරදක් අපේක්‍ෂා කර නැහැ. ඇය අදහස් කර ඇත්තේ එමගින් ඇයගේ ගුරුරවරයා ලෙස සලකා බුදු හිමියන්ට ගෞරවය පිදීමයි. එය ඇයගේ විශ්වාසය වුණා.
එනමුත් අපගේ ආගමන නිලධාරීන්ට හා අධිකරණ ක්‍රමවේදයට එම සලකුණ වරදක් හා අපහාසයක් වුණා. අප පෙන්නුම් කර ඇත්තේ අනෙකුත් සංස්කෘතීන්ගේ ආකල්ප හා බාහිර නිරූපණයන් හඳුනාගත නොහැකි අපගේ අපරිණිතභාවය හා දයානුකම්පා විරහිතභාවයයි.
ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප පච්චවලට අකැමැත්තක් දැක්වුවත් ඒවා ශරීරයේ කොටා ඇති විදේශිකයන් යකුන් සේ දැකීමට අපට අයිතියක් නැහැ. අපගේ පූර්ව ආකල්ප බුදුන් වහන්සේගේ මූලික ඉගැන්වීමට පටහැනියි. අපගේ ජාතික ප්‍රතිරූපය ගොඩ නැංවීම සඳහා මාධ්‍ය නිසි ආකාරයට මෙහෙයවිය යුතු බවට අවුරුදු ගාණක් මුළුල්ලේ මා ඇමැතිවරුනට හා රජයේ නිලධාරීන්ට කියනවා. ඒවා බිහිරි කන්වලට කියනවා වගෙයි. මේ දවස්වල අනෙක් රටවල ක්‍රියා ගැන අපහාසාත්මක දේ පමණයි. නඕමි කොලෙමන්ගේ සිද්ධිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට මෙන්ම අපට හිංසා කිරීමට න්‍යාය පත්‍ර හදන අනෙක් අයට ගින්නට පිදුරු දැම්මා වගේ වේවි.

0 comments:
Post a Comment