යටියන්තොට පරුස්සැල්‍ලේ සපත්තු පාලම ළඟ තියන සෝමේ අයියගේ “බැම්මේ කඩේ” පුංචි වෙළඳායතනයක් වගේම අහල පහළ අයගේ විවේක ස්ථානයක්. “කාමර පහේ” තිලක් සහෝදරයා නිතරම එතනට යන එන බොහොම අහිංසක විනෝදකාමියෙක්.
කොහොම හරි පසුගිය දවස් ටිකේ තිලක් සහෝදරයාගේ හිතේ සෝමෙගේ කඩේට යන එන බළල් නට්ටෙක් ගැන අමුතුම සත්ව කරුණාවක් පහල වෙලා. ඒ සතාව දැක්ක හැටියේ තිලක්
ඔක්කොම වැඩ තියෙද්දී පොල්කේක්, ස්පන්චි, ඥාන කතා වගේ දේවල් අරගෙන ඒකාට දානවා. තිලක් සහෝදරයාගේ මේ වැඩේ ගැන සෝමෙට වගේම කඩේට යන එන හැමෝටමත් පුදුමයි.
“ඇයි මතක නැද්ද පසුගිය දවසක මම මෙතන බිම වැටුණු ඥානකතා එකක් අහුලන්න හදන කොට මේ බංකුව යට හිටපු මේකා එක පාරටම පැනලා මගේ මේ අත ලෙලි යන්නම හැපුවා”. ඒ බළල් නට්ටා ගැන අහන හැමෝටම තිලක් බොහොම අහිංසක විදිහට එහෙම උත්තර දෙනවා.
“හැබෑටම ඉතින් තමන්ව ඔය විදිහට කාපු සතෙක් ගැනත් ඔහොම කරුණාවක් ඇති කරගන්නවය කියන එක නම් ලේසි පහසු වැඩක් නමෛයි. අපිට පේන විදිහට අපි වගේ බණ දහම් නොඇහුවට සිල් සමාදන් නොවුණට ඔය මනුස්සයා අපිට වැඩිය බොහොම ඉහළ තත්ත්වයකට ඇවිත් වගේ”.
ඔය අතරේ සෝමෙගේ කඩේට ගොඩ වදින බණ දහම් ගැන දන්න වැඩිහිටියෝ, උපාසකම්මලා තිලක් ගැන එහෙම වර්ණනා කරන්නත් පටන් ගත්තා. කොහොම හරි තිලක්ගේ මේ බෝධිසත්ව ක්‍රියාව පහුවෙනකොට ගම පුරාමත් පැතිරුණා.
“ඔය එකක්වත් නෙවෙයි සෝමේ මට සිද්ද වුණේ. ඒක කියන්නත් ලැජ්ජයි”. දවසක් කඩේ කවුරුවත් නැති වෙලාවක මේ ගැන අහපු සෝමෙට තිලක් කිව්වා.
“ඇයි මොකක්ද වුණේ?” සෝමෙත් බංකුවේ වාඩිවෙලා තිලක් ළඟින්ම වාඩිවෙන ගමන් ඇහුවා.
“ඕකා මගේ අත ලෙලි යන්න හැපුවට පස්සේ මම ඉස්පිරිතාලෙට ගියා ඉන්ජෙක්ෂන් ගස්සවා ගන්න. එතකොට ඉස්පිරිතාලෙන් කිව්වා බැරිවෙලාවත් දවස් දාහතරක් ඇතුළත සතා මැරුණොත් ඒ වෙලාවෙම ඇවිත් කියන්න කියලා. ඉතින් මං මුලදී මූට කන්න දුන්නේ මූව කොහේවත් නොයවා ඔය කඩේ කිට්ටුවෙන්ම තියා ගන්න, මූ මැරෙයිද බලාගන්න. ඔය අතරේ මම නොහිතපු විදිහට මම මූට කන්න දෙන එක ගැන හැමෝම බොහොම ඉහළින් කතා කරන්න පටන් ගත්තානේ.”
එහෙම කියපු තිලක් දිග සුසුමක් හෙළලා ආයිමත් මෙහෙමත් කිව්වා. “දැන් ඉතින් මොනවා කරන්නද සෝමේ: මේ මගේ කරුමේ, උගේ වාසනාව”.

0 comments:
Post a Comment