facebook like

වරාපිටිය වලව්වේ තරුණියගේ ඝාතනය ගැන තැන තැන කටකතා

උපාධිධාරිනියකවූ මාතලේ වරාපිටිය වලව්වේ ලලනී නදීෂා වරාපිටියගේ ඝාතනය බදාදා(28) උදේ වනවිටත් අබිරහස් ඝාතන සිද්ධියක් බවට පත්ව තිබුණි . මෙම අබිරහස් ඝාතනය පිළිබදව විවිධ සැක සහිත කටකතා මේවනවිට ප්‍රදේශය තුළ පැතිර යමින් තිබේ .  දොරගුලු දැමූ නිවස තුළදී ඝාතනයවීම සහ ගෙතුලට පිටතින් කිසිවෙකුත් පැමිණි බවට හේතු සාධක නොතිබීම සැක සහිත කටකතා වඩාත් තහවුරුකර ඇත.
වරාපිටිය වලව්වේ බූදලය පිළිබද ප්‍රශ්නයක් මත නිවැසියෙකු හෝ කීප
දෙනෙකු විසින් මෙම ඝාතනය කළාද යන සැකයක්ද ඇත . නිවස ඇතුලතින් නොවූ ඝාතනයක් නම් මංගල උත්සවයට පැමිණ අධික ලෙස බීමත් අයෙකු විසින් කිසියම් හේතුවක් නිසා නදීෂා ඝාතනය කර  දැමුවාද යන සැකයද තිබේ . පිටතින් පැමිණි අයෙකු විසින් නදීෂා ඝාතනය කළා නම් නදීෂා සමග එකම කාමරයේ නිදා සිටි මවට නදිෂාගේ කෙදිරිලි හඩක් හෝ නොඇසුනේ මන්දැයි තවත් ප්‍රශ්නයකි.
වරාපිටිය වලව්ව  කලකින් ඇසුරු නොකළ අසල්වාසින් කීප දෙනෙකු මංගල උත්සවයට කැදවා තිබීම ගැන වලව්ව තුළ කිසියම් කසුකුසුවක් තිබු බවට රාවයක්ද තිබේ . මගුල පැවැති දහවලෙහි කිසියම් දෙපාර්ශ්වයක් අධික ලෙසට බීමත්ව කළහකර ගත් බවට රාවයක්ද ඇත . කලහකාරි අන්දමට හැසිරුනු පුද්ගලයින් මංගල්‍යයට කැදවීම ගැන නදීෂා එතරම් කැමැත්තක්  නොදුක්වීම නදීෂාගේ ඝාතනයට හේතු පාදක වූවාද ?
සහෝදරයාගේ මනාලිය නිවසට කැන්දන් පැමිණි ඉකුත් 24 දින රාත්‍රී මව හා නින්දට ගිය නදීෂා මොට අවියකින් පහරදී 25 දා අලුයම ඝාතනය කර මළ සිරුර නිවසේ කිසිවෙකුටත් නොදැනෙන සේ නිවසින් පිටතට ගෙන යාමද සැකය තහවුරු කරයි  .මළ සිරුර  නිවස  ආසන්නයේ  දොළ පහරක් අසළට ගෙනැවිත් දැමූ බවට සාක්ෂි අනාවරණය කර තිබීමද  මෙම ඝාතනය පිළිබදව සැකයක් ඇති කර තිබේ .
මව සිටි කාමරයේදී ලලනි ඝාතනයට ලක්කිරීමෙන් පසු ඇඳ ඇතිරිල්ලක ඔතා නිවෙසින් පිටත ‍ෙදාළ අද්දරට ගෙන යෑමට සාහසිකයා සමඟ තවත් දෙදෙනකු සහාය වී ඇද්ද යන්න ගැනද පොලිසියට සැකමතුවී ඇති අතර ලේ තැවැරුණු ඇඳුම් සහ නිරුවත් සිරුර ‍ෙදාළ පහරින් සෝදා මළ සිරුර ඒ ආසන්නයෙන් දිවෙන සුදු ගඟට ගෙනගොස් දැමීමේ උත්සාහයක් තිබී ඇද්ද යන්න ගැනද පොලිසියට ලැබී ඇති තොරතුරක් මත ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියකු පැවැසුවේ ඒ දිනවල සුදු ගඟේ ජලය සිඳීගොස් තිබීම නිසා එම උත්සාහය ව්‍යර්ථ වී ඇති බවට රහසිගත තොරතුරු ලැබී ඇති බවයි.

නිර්නාමික දුරකතන ඇමැතුම් මඟින් ලබාදෙන තොරතුරු ඔස්සේද පොලිසිය පරීක්ෂණ පවත්වයි.
සුදු ගඟට දැමීමේ උත්සාහය අසාර්ථක විමෙන් පසු නැවත ආපසු ගෙන ආ මළ සිරුර වෙල අද්දර ‍ෙදාළ පහරට දමා ඇදගෙන ගොස් අසල වූ ඉඩමට දමන්නට ඇති බවටද පොලිසියට සැකමතුවී තිබේ.
 නිදි යහනට ගිය අවස්ථාවේදී  නදීෂා ඇද සිටි බවට සැලකෙන ඇදුම හා නිදා සිටි කොට්ටය ලෙයින් තෙත්ව තිබීම ලෙයින් තෙත්වූ බවට සැලකෙන  ඇදුම කිසියම් අයෙකු විසින් ගලවා මළ සිරුර නිරුවත්කර සෝදා ලේ පැල්ලම් ඉවත්කර මළ සිරුර අසළ දමා යාම සහ දූෂණය කිරීමකින් පසු ඝාතනය කළ බව හැගෙන අන්දමට කටයුතුකර තිබිමද සැක ඇති කරන සිද්ධීන්ය .
මඩ තැවරුණු සෙරෙප්පු යුගලයක් නිවස තුළ තිබී හමුවීම සහ  නිවසේ උලුවස්සක ලේ තැවරුනු සළකුණු තිබීම නදීෂා නිවස තුළදී ඝාතනයකර දොළ පහර ලගට ගෙන ගිය බවට ඇති  සැකය තහවුරු කිරීමට හේතු සාධක බවට සිතිය හැකිය . මේ වනවිටත් නදීෂාගේ සහෝදරයින් දෙනෙකු මව සහ නදීෂා ඝාතනයවූ දින නිවසේ නිදා ගත් බවට සැලකෙන සහෝදරයෙකුගේ මිතුරෙකුගෙන්ද ප්‍රශ්නකර ඇත.
මේ අබිරහස් ඝාතනය සිදුවන අවස්ථාවේ ඇය නිදා සිටි ඇඳේ පොලු කීපයක් ගැලවී බිම වැටුණ ශබ්ද කිසිවකුට නොඇසී තිබීමද, නිදා සිටි කාමරයේ ‍ෙදාරවල් සම්පූර්ණයෙන් වසා තිබුණේද නැතහොත් අඩවල් වී තිබුණේද යන්න ගැනද පොලිසියේ අවධානය යොමු වී තිබේ.
මේ අබිරහස් ඝාතනය සාක්ෂියක් නැති මරණයක් බවට පත්කිරීම සඳහා මියගිය තරුණියගේ ලේ තැවැරුණු ඇඳුම් ‍ෙදාළ පහරකින් සෝදා මිරිකා දැමූ පුද්ගලයා කවුද යන්න එළියට ගැනීමට පොලිසිය දැඩි උත්සාහයක යෙදී සිටින බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් බදාදා(28) දහවල් වනවිටත් කිසිවෙකුත් අත් අඩංගුවට ගැනීම කල්මැරීම පරස්පර විරෝධී සැකයන් ඇතිවිමට හේතුවි තිබේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive