මහාධිකරණ විනිසුරු ටියුඩර් ගුණරත්න මහතා නඩු අසමින් සිටියේය. විභාග කරමින් සිටියේ ස්ත්‍රී දූෂණ නඩුවක්ය.
විත්තිකරු කඩවසම්ය. වයස අවුරුදු විස්සකි. ඇය ළාබාලය.
රජයේ අධිනීතිඥ චමත් දිලීප පීරිස් මහතා-
“මේ විත්තිකරු ස්වාමිනී... පැමිණිලිකාරියගෙ ලොකු තාත්තාගෙ පුතා. ඇගේ ගෙදර නැවතිලා මේ විත්තිකරු රෙදි සාප්පුවක වැඩ කළා. මේ අතවරය කරන්න දවස් දෙකකට කලින් විත්තිකරු පැමිණිලිකාරියගෙ අම්මට කියල තියෙනවා. “ලොකු අම්මේ... මං රෙදි සාප්පුවෙන්
අස්වුණා. ආයෙ එන්නෙ නෑ. මං මගේ බඩු ටික අරගෙන යනවා කියලා.”
“එහෙම කියල ස්වාමීනි... මේ විත්තිකරු පැමිණිලිකාරියට රුපියල් දාහක් දීලා කියලා තියෙනවා යාළුවෙකුගෙ ගෙදරට එන්න කියලා. එහේදී තමයි මේ පැමිණිලිකාරියට මේ කරදරය කරල තියෙන්නෙ ස්වාමිනී... පැමිණිලිකාරියගෙ මව්පියන්ගෙන් ඇයට ගොඩාක් වෙනස්කම් වෙලා තියෙනවා. ඒ තත්ත්වයෙන් විත්තිකරු ප්‍රයෝජන අරගෙන තියෙනවා.
නීතිඥ ප්‍රියංකර ඩයස් මහතා - “මේ පැමිණිකාරිය ඇගේ අත්අකුරින් ඇගේ අම්මා, තාත්තට ලිව්ව ලියුමක කියලා තියෙනවා “අම්මේ... තාත්තේ... මං ගෙදරින් යන්නෙ ඔයාල මට කළ වෙනස්කම් නිසයි. හැමදාමත් ගුටි කන්නයි, බැණුම් අහන්නයි බැහැනෙ. පුංචි දේටත් ඔයාල මට රිදවනවා. පළිගන්නවා කියලා.”
විත්තිකරු - “මං ස්වාමීනි බයෙන් හිටියෙ. නංගි සියදිවි නසාගනියි කියලා. ඒකයි මං නංගිව මගෙ යාළුවාගෙ ගෙදරට ගෙන්නවා ගත්තෙ. ඒ ගෙදර නංගියි... මමයි... නිදාගත්තෙ කාමර දෙකක් ස්වාමීනි...”
රජයේ අධිනීතිඥ චමත් දිලීප පීරිස් මහතා - “මේ විත්තිකරු ස්වාමීනි මේ පැමිණිලිකාරියව අපහරණයට පත්කළ බව දැන් පිළිගෙන ඉවරයි. මේ පැමිණිලිකාරියගෙ කැමැත්ත තිබුණට ඇයව ඇගේ භාරකරුවන්ගේ අභිමතයක් නැතුව කොහොම හරි ගෙන්වා ගන්න විත්තිකරුට කිසිම අයිතියක් නෑ ස්වාමීනි...”
වයස අවුරුදු දහඅටක විතර තරුණියක්, පුරුෂයෙක් යම් හුදෙකලා තැනකට ගෙනියන්නේ ලිංගික සංසරර්ගයක් කිරීමේ බලාපොරොත්තුවෙන්. ඒකපූර්ව නිගමනයක්. ඒ නිගමනය නිශ්චිත නඩු තීන්දුවලින් පැහැදිලිවම
පිළිඅරගෙන තියෙනවා. ඒ පූර්ව නිගමනය මේ විත්තිකරුට විතරක් වෙනස් වෙන්න බැහැනේ ස්වාමීනි... මේ විත්තිකරුට ගරු අධිකරණයෙන් දියහැකි උපරිම දඬුවම් ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ස්වාමීනි...”
මහාධිකරණ විනිසුරු ටියුඩර් ගුණරත්න මහතා -
“පැමිණිලිකාරිය සම්බන්ධයෙන් නිකුත් කරලා තියෙන අධිකරණ වෛද්‍ය වාර්තාව මොකද කියන්නේ?”
කුලියාපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරී ඒ.එස්.ආර්. වනසිංහ මහතා -
“මේ පැමිණිලිකාරියගෙ කන්‍යා පටලයට තුවාල සිද්ධවෙලා තියෙනවා ස්වාමීනි...”

“පැමිණිලිකාරිය පැහැරගෙන යෑමේ වරදට මම තමුන්ට බරපතළ වැඩසහිත අවුරුදු දෙකක සිරදඬුවමක් නියම කරනවා. ස්ත්‍රී
දූෂණයට බරපතළ වැඩසහිත අවුරුදු දහයක සිරදඬුවමක් නියම කරනවා. රුපියල් 15,000ක දඩයකුත් 25,000ක වන්දියකුත් ගෙවන්න ඕනෑ. දඩයත්, වන්දියත් ගෙවන්නෙ නැත්නම් අවුරුදු දොළහේ සිරදඬුවමට අමතරව තවත් අවුරුදු දෙකහමාරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් එකතු වෙනවා” යැයි පැවැසීය.
මෙත්සිරි බි. හේරත්

0 comments:
Post a Comment