බම්බුවේ දේශපාලනය ! “ - කෙහෙලිය කෝප වෙයි
කුණ්ඩසාලේ පල්ලේකැලේ අනවසර ඉදිකිරීම් සදහා සහය ලබාදුන් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකුට අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා දෝෂාරෝපණය කරයි.
මහජනතාවගෙන් ලද තොරතුරක් අනුව (17දා)එම ස්ථානයට ගිය අමාත්‍යවරයා නීති විරෝධී ලෙස සිදුකරමින් සිටි ඉදිකිරීම් නිරීක්ෂණය කලේය. එම ස්ථානයට මෙම ඉඩම් ලබාදීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටි කුණ්ඩසාලේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී
(එජනිස) කුමාර රණතුංග මහතාද පැමිණ සිටියේය.
එහිදී මන්ත්‍රීවරයාගේ නීති විරෝධී ක්‍රියාව සම්බන්දයෙන් බැණ වැදී ඇති අමාත්‍යවරයා සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස බලගොල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට උපදෙස් දී තිබේ.
මෙහිදී මන්ත්‍රීවරයා සදහන් කර ඇත්තේ තමාට දේශපාලනික වශයෙන් උදව් කළ අයට මෙම නීති විරෝධී ඉදිකිරීම් සදහා සහය ලබා දුන් බවයි.එම ඉදිකිරීම් නීත්‍යානුකූල කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවද මන්ත්‍රීවරයා සදහන් කර තිබේ.
ඉන් තවත් කෝප වී ඇති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා “ බම්බුවේ දේශපාලනය. මේ කරන වැඩ වලින් බැනුම් අහන්නේ මමයි රජයයි.රජයේ ඉඩම් දේපල එහෙම කාටවත් ඕන විදිහට අල්ලගන්න දෙන්න බෑ “ යනුවෙන් සදහන් කර තිබේ.

0 comments:
Post a Comment