අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අසමත් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරු සිටිනා බවට තොරතුරු ලබාදෙන්නේ නම් ඊට එරෙහිව පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.පළාත් අධ්‍යාපන ඇමැතිවරයා වරදක් කරනවා නම් එම විෂය දරන පාර්ලිමේන්තුවේ ඇමැතිවරයා ඊට වගකිව යුතු නැතැයිද ඇමැතිවරයා
සඳහන් කළේය.
අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා ඇසූ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ අදහස් පළකළේය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරයකු අ.පො.ස. සා.පෙළ ගණිතය විෂය අසමත් බව හැරිසන් මන්ත්‍රීවරයා පැවැසීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ එම අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 402න් පාසල් 37කම දරුවන් සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය විෂය අසමත් බව පැවැසූ මන්ත්‍රීවරයා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ගණිතය අසමත් නම් මෙවැනි ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකිබවද කීවේය.
ඒ සම්බන්ධයෙන් සියලු විස්තර ලබාදෙන ලෙස ඉල්ලා සිටි ඇමැති බන්දුල ගුණවර්ධන මහතා තොරතුරු ටික දෙන්න එහෙම වැරදි තනතුරක් දීලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය අවශ්‍ය පියවර ගන්නවා යැයිද ප්‍රකාශ කළේය.

0 comments:
Post a Comment