බොලිවුඩ් සුපිරි නිළි ප්‍රීටි සින්ටාට ඇයගේ පැරණි පෙම්වතා පහර දුන් බවට ඇය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.ඇය පැමිණිල්ලෙහි සඳහන් කර ඇත්තේ, IPL තරගාවලියේ කිංග්ස් ලෙවන් පන්ජාබ් සහ චෙන්නෙයි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර තරගය පැවති මුම්බායිහි Wankhede ක්‍රීඩාංගණයේදී තමන්ට මෙම හිරිහැරය සිදුවූ බව ය.
ඇයට එසේ පහර දී ඇත්තේ, ඇගේ පැරණි පෙම්වතෙකු වන නෙස් වාඩියා නමැති ව්‍යාපාරිකයෙකි.
කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායමේ ප්‍රීටි සින්ටා සමගින් සම හිමිකාරත්වය දරන නෙස් වාඩියා සමග පැවති ප්‍රේම සබඳතාව බිඳ වැටී ඇත්තේ, 2009 වසරේදී ය.
39 හැවිරිදි ප්‍රීටි සින්ටා සිය ලිඛිත පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ, තමන් ඉතාමත් වෙහෙස මහන්සියෙන් ගොඩ නගා ගත් ප්‍රතිරූපය බිඳ වැටීමට මෙම සිද්ධිය හේතු වූ බව ය.
ජනප්‍රිය රංගන ශිල්පිණියක වන තමන්ට විශාල පිරිසක් ඉදිරියේ බැණ වැදීම, පහර දීම සහ තර්ජනය කිරීම හරහා සිය ප්‍රතිරූපයට හානි වූ බව ඇගේ අදහස යි.








0 comments:
Post a Comment