facebook like

බිපාෂාගේ කකුල දිහා බැලුවේ එහෙම අහිතකින් නෙමෙයි...අනිල් කපූර්. ඔබ කවුද? කියලා මගෙන් ඇහුවා. මට ලොකු ලජ්ජාවක් ඇති වුණා.

රංජන් රාමනායක හැමදාම දිදුලන තරුවක්. මේ, ඔහු සමග කළ කතාබහක්.

හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සඳහා ජනප්‍රියම නළුවා ලෙස ඔබේ නම යෝජනා වී තිබුණත් එය ඔබට හිමි වුණේ නැහැ. මොකද ඒ ගැන හිතන්නෙ?
ජනප්‍රියම නළුවා සම්මානය මටම හිමිවිය යුතුයි කියලා මම හිතන්නේ නැහැ. මම සම්මාන උළෙලට පෙරත් ප්‍රකාශ කළේ මේ සම්මාන තරුණ පරපුරට ලැබිය යුතුයි කියලා.

කොහොම වුණත් ජනප්‍රියතම නළුවා ලෙස නම යෝජනා වෙලා තියෙද්දී ඒ පිළිබඳ පුංචි හරි බලා‍පොරොත්තුවක් තිබුණේ නැහැ කියන්නත් බැහැ නේද?
ඔව්. මීට පෙර නම යෝජනා වුණු හැම වතාවෙම සම්මානය ලැබුණානේ. ඉතින් සම්මානය ගැන බලා‍පොරොත්තුවක් තිබුණේ නැහැ කිව්වොත් බොරුවක්. ජනතාවගේ ආදරය එපා කියන්නේ කවුද?

සම්මාන උළෙලට ඇවිත් හිටිය ආරාධිත විදේශීය ශිල්පීන්ගෙන් කාත් එක්කද වැඩිපුරම කතාබහ කරන්න ලැබුණේ?
මගේ දකුණු පැත්තෙන් අසුන්ගෙන හිටියේ අනිල් කපූර්. වම් පැත්තෙන් හිටියේ බිපාෂා බාසු.

අනිල් කපූර්, බිපාෂා බාසු මොනවද කිව්වේ?
අපි ගොඩක් දේවල් කතා කළා සිනමාව ගැන. අපේ නළු නිළියන් ගැන. මෙතැනදී එක අඩුවක් මම දැක්කා. ඒ තමයි අපේ රංගන ශිල්පීන් ගැන ප්‍රමාණවත් හඳුන්වාදීමක් සිදුවුණේ නැහැ කියලා මට හිතුණා. ඉතින් ආරාධිත ශිල්පීන් අපේ නළු නිළියන්ව හඳුනන්නේ නැති බවක් මට දැනුණා. මම එයාලට අපේ නළු නිළියන් ගැන හැඳින්වීමක් කළා.

හරි ඔබ මුලින්ම ඔබව හඳුන්වා දුන්නේ කොහොමද?
අනිල් කපූර් ආව ගමන් ඉස්සරවෙලාම තමන්ව හඳුන්වලා දුන්නා. මම අනිල් කපූර්. ඔබ කවුද? කියලා මගෙන් ඇහුවා. මට ලොකු ලජ්ජාවක් ඇති වුණා. ඇයි මම හිතුවේ මාව දන්නවා ඇති කියලනේ.

ඉතින් ඊට පස්සේ?
එයාලා මාලනී ෆොන්සේකා මහත්මිය පෙන්නලා ‘කවුද අර නිල්පාට සාරියක් ඇඳලා ඉන්නෙ?” කියලා ඇහුවා. මම කිව්වා ඇය අපේ නිළි රැජින මාලනී ෆොන්සේකා කියලා.ඊළඟට ‘කවුද අර හොඳට ඉංග්‍රීසි කතා කරන්නේ’ කියලා ඇහුවා. ඒ ඇහුවේ රවීන්ද්‍ර රන්දෙණිය මහත්මයා ගැන. මම එතුමාව හඳුන්වලා දීලා කිව්වා විජය කුමාරතුංග කියන අපේ නළු කුමරුගෙන් පස්සේ ඔහු තමයි අපේ නළු කුමරු කියලා. එයාලා විජය කුමාරතුංග දන්නෙ නෑ කිව්වා. ඉතින් මම කිව්වා ඔහු තමයි අපේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ස්වාමි පුරුෂයා කියලා. එහෙම කිව්වමයි එයාලා විජයව දන්නේ. අඩුම ගානේ එයාලා පූජා උමාශංකර්වත් දන්නෙ නැහැ කිව්වා. මම කිව්වා ඇය ඔබේ රටේ නිළියක් කියලා. ඒත් දන්නේ නැහැ කිව්වා.
පස්සේ ඉතින් මට හිතුණා එයාලා ඉන්දියාවෙන් ආව පූජා දන්නෙත් නැතිනම් මාව අඳුනන්නේ නැති එක පුදුම වෙන්න දෙයක් ‍නෙවෙයි කියලා.

සරාගී නිළිය බිපාෂා එක්ක ඔබ වෙන මොනවත් කතා කළේ නැද්ද?
ආ... සමහර අය කියලා තිබුණා මම බිපාෂාගේ කකුල් දිහා බලාගෙන හිටියා කියලා. ඇත්තටම මේකයි සිද්ධ වුණේ. මම බිපාෂාගෙන් ඇහුවා ඇයි ඔයා අද නටන්නේ නැත්තෙ කියලා. ඇය කිව්වා කකු‍ලේ වළලුකරේ ‍පොඩි ආබාධයක් තියෙනවා. ඒ නිසා නටන්න අපහසුයි කියලා. ඉතින් ඒකයි මම බිපාෂාගේ කකුල දිහා බලාහිටියේ.

ඔබගේ අලුත්ම කලා කටයුත්ත සංගීත කණ්ඩායම පැත්තට හැරුණොත්?
මගේ මිත්‍රයෝ නව දෙනෙක් එකතු වෙලා ‘නාසා’ කියලා සංගීත කණ්ඩායමක් හදලා තියෙනවා. එහි පළමු සංදර්ශනය ආනමඩුවේ පැවැත්වුවා. දැනට එහි පටිගත කළ දර්ශන යූ ටියුබ් ඔස්සේත් නරඹන්න පුළුවන්.මේ දිනවල අයවැය විවාදය නිසා මගේ දේශපාලන වැඩකටයුතු එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ. ඉතින් සංගීත කණ්ඩායම වෙනුවෙන් වෙලාව වෙන් කරන්න ටිකක් අමාරුයි. ඒත් මේ කාර්යබහුලත්වය ටිකක් අඩු වුණාම සංගීත කණ්ඩායම එක්ක කරන්න වැඩ කටයුතු ගොඩක් තියෙනවා. 0713982146 අංකයෙන් අපේ කණ්ඩායමට අමතන්න පුළුවන්.

මොනවද සංගීතය පැත්තෙන් කරන්න ඉන්න අලුත් වැඩ?
මගේ අලුත් ගීත කීපයක් කරලා තියෙනවා. ඒවාට රූප රචනා කරලා ඉක්මනින්ම ජනතාව අතරට පත් කරන්න බලා‍පොරොත්තුවෙන් ඉන්නේ.

මොන වගේ ගීතද කරන්න බලා‍පොරොත්තු වෙන්නෙ?
අලුත්ම ගීත ටිකක් තමයි කරන්න ඉන්නේ. ආදර ගීත කිහිපයකුත් තියෙනවා.

කවුද මේ ගීත රචනා කරන්නෙ? කවුද තනු නිර්මාණය කරන්නෙ?
අලුත්ම පද රචකයින් කිහිප දෙනෙක් සහ අලුත්ම සංගීතඥයින් කිහිප දෙනෙක් ඒ ගීත නිර්මාණය කළා. නව පරපුරේ අයට එයාලාගේ දක්ෂතා පෙන්වන්න අවස්ථාව දෙන්න තරුණ කලාකරුවන් කිහිප දෙනෙක් තමයි ඒ සඳහා සම්බන්ධ කර ගත්තේ.
කුමරිනී ප්‍රතාපසිංහ

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive