facebook like

අක්කාගේ පෙම්වතා හොන්ඩුරාස් රූ රැජින කපාකොටා වළදමලා

ලෝක රූ රැජින තරගයට සහභාගිවීමට නියමිතව  සිටි හොන්ඩුරාස් රාජ්‍යයේ රූ රැජින වූ මාරියා ජෝසේ ඇල්වරාදෝ ඝාතනය කළේ ඇයගේ සහෝදරියගේ පෙම්වතා බවට සැකපළ වී තිබෙනවා. එරට ආරක්‍ෂක අමාත්‍යවරයා පවසා ඇත්තේ ඝාතනය සදහා පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධවී ඇතැයි පරීක්‍ෂණවලදී හෙළි වී ඇති බවයි.

රූ රැජිනට අමතරව ඇගේ වැඩිමහල් සොහොයුරියද කපාකොටා ඝාතනය කර ඔවුන්ගේ සිරුරු වළ දමා තිබියදී සොයා ගැණුනා. ඒ, හොන්ඩුරාස්හි සැන්ටා බාබරා නගරයට ආසන්න ගංගාවක් අසල තිබියදීයි. සිරුරු සොයා ගැනුණේ ඔවුන් අතුරුදන්වී ඇතැයි තොරතුරු වාර්තාවී දින 6 කට පසුවයි.  ඝාතනයට ලක් වූ හොන්දුරාස් රූ රැජිනගේ වයස අවුරුදු 19 ක්. ඇය මෙලෙස ඝාතනයට ලක්වූයේ ලෝක රූ රැජින තරගාවලිය සදහා සහභාගිවීමට ලන්ඩන් බලා පිටත්ව යාමට නියමිතව තිබියදීයි.

ඝාතනයට ලක්වූ රූ රැජිනගේ සහෝදරිය සමග ඇගේ පෙම්වතා ඇති කර ගත් ආරවුලක් ඊට හේතු වන්නට ඇති බව මූලික පරීක්‍ෂණවලදී අනාවරණ වී තිබෙනවා. ඔවුන් අතුරුදන් වූ රාතී‍්‍රයේ පැවැති සාදයකදී මෙම ආරවුල හටගෙන තිබුණා. එහිදී රූ රැජිනගේ සහෝදරිය වෙනත් පුද්ගලයකු සමග නර්තනයේ යෙදී තිබෙනවා. එය දුටු පෙම්වතා රූ රැජිනගේ සහෝදරිය සමග ඇති කර ගත් බහින් බස්වීම දුරදිග යාමෙන් ඝාතනය සිදුව තිබෙනවා. අක්කා සහ ඇයගේ පෙම්වතා අතර ඇති වූ ආරවුල විසඳීමට මැදිහත් වීමේදී රූ රැජිනද ඝාතනයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive