facebook like

බොරු වියදම් නැතුව අපි විවාහ වුණා... දුලීකා-සුජීව විවාහය ගැන කතා කරයි

කලා ලෝකයේ අපට ඉන්න දක්‌ෂ රංගන ශිල්පිනියන් අතර ඉදිරියෙන්ම ඉන්නා රංගන ශිල්පිනියක්‌ ලෙස දුලීකා මාරපන හඳුන්වා දිය හැකියි. පසුගිය දිනවල ඇය විවාහ වෙන්න යනවා කියලා කට කතා ගොඩක්‌ පැතිරුණා. ඇත්තටම දුලීකා විවාහ වෙන්න යනවාද? නැත්නම් දුලීකා මේ වන විටත් විවාහ වෙලාද? මේ කටකතාවල ඇත්ත නැත්ත දැනගන්න අපි දුලීකාව ඇමතුවා.

ò ඇත්තද ඔබ විවාහ වුණා කියන්නේ?

ඔව් අපි නීත්‍යානුකූල විදිහට විවාහ වුණා.

ò හොරෙන්ම බැන්දේ ඇයි?

කසාද බැන්දා කියලා රටටම අඬබෙර ගහන්න මට වුවමනාවක්‌ නැහැ.

ò ඇයි ඒ වෙනුවෙන් උත්සවයක්‌ ගත්තේ නැත්තේ?

මම උත්සවයක්‌ ගත්තා නම් ඒකට එන්නේ සීමිත පිරිසයිනෙ. ප්‍රේක්‌ෂකයන්ට සහභාගි වෙන්න බැහැනේ. ඒ නිසා මම ඒ සල්ලි යොදවලා ලෝරන්ස්‌ගේ මනමාලි වේදිකා නාට්‍ය කළා.

ò ඒකද ඔබේ විවාහ උත්සවය?

ඒක තමයි අපේ විවාහයේ මූලාරම්භය. බොරුවට සල්ලි කන වැඩ කරනවට වඩා ප්‍රේක්‌ෂකයින්ට රස විඳින්න පුළුවන් නිර්මාණයක්‌ බිහි කරන එක වටිනවා කියලයි මම හිතන්නේ.

ò දැන් ඔබේ පදිංචියත් මාරු කරලද?

මම කොහොමත් හිටියේ කෑගල්ලේ. විවාහ වුණත් මම ගෙදර යනවා. නමුත් අපි දෙන්නගේම වැඩ කරගන්න පහසු නිසා අපි කොළඹ නතර වෙලා ඉන්නවා.

ò දැන් ජීවිතය සම්පූර්ණයි කියලා දැනෙනවාද?

විවාහ වුණත් නැතත් මගේ ජීවිතය කවදත් සම්පූර්ණයි.

ò විවාහය කලා කටයුතුවලට බාධාවක්‌ නෙවෙයිද?

අපෝ නැහැ මට නම් තනිකඩ ජීවිතයටත් වඩා පහසුවක්‌ දැන් දැනෙනවා.

ò සැමියාගෙන් සහයෝගයක්‌ ලැබෙනවාද?

ඇත්තටම ඔව්. ඔහු නිසා දැන් මට කලා කටයුතු පෙරටත් වඩා සාර්ථකව කරන්න ලැබෙනවා.

ò බිරිඳක්‌ ලෙස වගකීම් ඉටු කරන්න දැන් ඔබත් සූදානම්ද?

කවදාවත් මම බිත්ති හතරට කොටුවුණ ගැහැනියක්‌ වෙන්නේ නැහැ. විවාහය කියන සම්ප්‍රදායික රාමුව තුළ කවදාවත් මම හිර වෙන්නේ නැහැ.

ò ඔබ සාම්ප්‍රදායික ගැහැනියක්‌ නොවේද?

නැහැ. මම සම්ප්‍රදායෙන් එහාට ගිය කාන්තාවක්‌. මට කලාව වෙනුවෙන් කරන්න ලොකු වැඩ කොටසක්‌ පැවරිලා තියෙනවා. දුලීකා කියන්නෙ පිරිමි දහ දෙනෙකුගේ හයිය තියෙන ගැහැණියක්‌.

ò ඉදිරියේදී මවක්‌ වෙන්න බලාපොරොත්තුවක්‌ නැද්ද?

විවාහ ජීවිතය තුළ එහෙම බලාපොරොත්තු තියාගෙන ජීවත්වෙන කෙනෙක්‌ නෙවෙයි මම. ඉදිරියට ඒ උත්තරීතර පදවියට මුහුණ දෙන්න වුණොත් මුහුණ දෙනවා. නමුත් සම්ප්‍රදායික රාමුව තුළ නම් කොටු වෙන්නේ නැහැ.

ò ඒ කියන්නේ ඔය දෙන්නගේ බැඳීම තියෙන්නේ කලාව පැත්තෙන් විතරද?

අනිවාර්යෙන්ම. අපට අවශ්‍ය කලාව පැත්තෙන් මතක හිටින විදියෙ නිර්මාණ අපට ආදරය කරන ප්‍රේක්‌ෂකයන්ට ලබා දෙන්නයි. මම නිකම් බොරුවට මූණ පෙන්නල හවසට සල්ලි බෑග් එකේ දාගෙන යන චරිතයක්‌ නෙවෙයි.

ò දෙන්නත් එක්‌ක ළඟදී අලුතින් නිර්මාණ කරන්නේ නැද්ද?

ලබන අවුරුද්දේ සාර්ථක චිත්‍රපටයක්‌ කරන්න බලාපොරොත්තුවකින් තමයි ඉන්නේ.

ò ඒකද විවාහ ජීවිතයේ අලුත්ම බලාපොරොත්තුව?

කලාවට හොඳ දෙයක්‌ කරල අද මැරුණත් කමක්‌ නෑ කියලයි අපි හැමදාමත් හිතන්නේ.

ශාලිකා තිලක්‍ෂණී

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive