facebook like

අනියම් ඇසුරක රසය සෙවූ හුදකලා වූ බිරිඳකගේ ඉරණම (වීඩියෝව සහිතයි)

හිත ගිය තැන මාලිගාව කියලා කසාද ජීවිතය පටන්ගත්ත හුඟක් පිරිමින්ට ඒ මාලිගාව ලස්සන කරන්නේ කොහොමද කියලා අමතක වෙනවා, හුඟක් බිරින්දෑවරු හිතගිය තැන හදාගත්ත මාලිගාවේ හුදෙකලා වෙනවා. එහෙම තනිවුනු දුර්වල වුනු ගැහැණු හිත්වලට එක එක රූපෙන් එක එක චරිත එන්න පුලුවන්.

තමන්ගේ සැමියාගෙන් නොලැබෙන ආදරය, සෙනෙහස වෙනත් කෙනෙකුගෙන් ලබාගන්න අන්න ඒ වෙලාවට බිරින්දෑවරු පෙළඹෙනවා. හැමෝම එහෙම නැතිවුනත් අපි අතරේම ඉන්න අය මේ විදියට හැසිරෙනහැටි ගැන ඔයාලා වුනත් දන්නවා ඇති.

නේහා කියන්නේ තමන්ගේ සැමියාගේ හැම වැඩේම කරලා දිලා ඔහු රැකියාව අවසන් වෙලා එනකම් ගෙදරට එනකම් ආදරයෙන් මඟබලන් ඉන්න බිරිඳක්. මේ විදියට ආදරයෙන් මඟබලන් ඉන්න නේහාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම නැතිවෙන්නේ සැමියා කටගොන්නක් බීගෙන ගෙදර එනනිසා. ආදරය හින්දම විවාහ වුනු නිසා තමන්ගේ සැමියාගෙන් වෙන කරදර හිරිහැර ඉවසන්ඉන්න නේහා පුරුදුවෙලා තියෙන්නේ හැමදාම මේ දේවල් දැකලාම පුරුදු නිසා වෙන්න ඕනි.


මේ අතරේ තමයි නේහාටත් නොදැනිමේ එයාගේ හිත කැමරාකරුවෙක් වගේම කඩවසම් තරුණයෙක් වුනු සුරාජ්ට ඇදිලායන්නේ. ඒකට හේතුව වුනේ දවසක් සුරාජ් ඡායාරූප ගන්න අතරේ සැමියා එනකම් මඟබලන් හිටිය නේහාගේ රූපයක් අහම්බෙන් වගේ ඔහුගේම කැමරාකාචයේ සටහන් වුනු නිසාවෙන්.

මේ ඡායාරූපය ගන්න වෙලාවේදීනම් නේහා සුරාජ්ට මහ හයියෙන් කෑ කහනවා, ‘‘ඒයි මොනවද මනුස්සයෝ කරන්න‘‘ කියලා. ඒ නිසාමද කොහේදෝ දවසක් සුරාජ් තමන් ගත්ත නේහාගේ ඡායාරූපයක් ලස්සනට කොලයක මුද්‍රණය කරගෙන නේහා ඉන්න ගෙදරට එනවා. තමන් ගැන නේහාට හඳුන්වලා දෙන සුරාජ්ගේ කතාවට නේහා ඇදිලා යන්නේ එයාටත් නොදැනිමයි. නේහාට නොදැනිම ගෙදර දොර සුරාජ් වෙනුවෙන් විවෘත වෙනවා.

තමන් මුද්‍රණය කරන් ආවා නේහාගේ ලස්සන ඡායාරූප ටික සුරාජ් ඇයගේ අතට දෙනවා. මේ විදියට අතට දෙන ඡායාරූපත් එක්ක තමන්ගේ හිතත් ඇයට දෙන්න සුරාජ් කවදාවත් හිතන්න නැතිව ඇති. ඒත් සුරාජ්ගේ ලස්සන ඡායාරූප ශිල්පය නිසාම නේහා ඔහුට් තමන්ගේ තවත් ඡායාරූප ගන්න ඉඩ දෙනවා. ඒ තමන් හිතගියතැන හදාගත්ත පුංචි මාලිගාව ඇතුලේදිමයි. සුරාජ් නේහා හොඳම යාලුවන් වෙනවා. ඡායාරූප ගන්න සුරාජ් නේහාව පුටුවකින් වාඩිකරවනවා. මීට කලින් තමන්ගේ සැමියාගෙන් විතරක් ලබපු ආදරය, කරුණාව සුරාජ්ගෙනුත් ලැබෙයි කියලා නේහා කවදාවත් හිතන්න නැතිව ඇති. ඒත් දෙන්නාටම නොදැනී ඔවුන් අතරේ ආදරයක් දළුලන්න පටන්ගන්නවා.

මේ විදියට නිවස ඇතුලේ නේහායි සුරාජුයි ආදරයෙන් වෙලිලා ඉන්නකොට තමයි දෙන්නටම නොදැනී නේහාගේ බිරිඳ ගේ ඇතුලට එන්නේ. .තමන්ගේ බිරිඳ වෙනත් පිරිමියෙක්ගේ පහස විඳිනවා බලන්න බැරිනිසාම ඔහු ආ පයින්ම නේහාට පහර දෙනවා. කේන්තියෙන් හැසිරෙන නේහාගේ ස්වාමියාට තමන් පීඩාවිඳින රෝගි තත්වය උත්සන්න වෙන්නේ මේ වෙලාවේදීමයි. ඔහු බිම ඇදවැටෙනවා.

සුරාජ් ළඟ ඉන්නවද, සැමියා ළඟට යනවාද කියලා හිතාගන්න බැරිව හිටිය නේහා හැමදේම අමතක කරලා හිතගිය තැන මාලිගාව හදාගත්ත පළමු පෙම්වතා ලඟට දුවගෙන ගිහින් ඔහුට ප්‍රතිකාර කරන්න හදනවා. සුරාජ් මේ වෙලාවේ ඇවිත් කියන දේවල් නිසා නේහාගේ හිත වෙනස් වෙනවා. තමන්ගේ සැමියා අතහැරලා නේහා අනිත් දවසේ සුරාජ් හොයාගෙන ගියත් ඒ අවස්ථාවේදී තමයි තමන්ගේ අනියම් පෙම නිසා ඇය අමාරුවේ වැටුනා කියලා නේහාට තේරෙන්නේ. මොකද සුරාජ් ඒ වෙනකොටත් නගරය ඇතහැර දාලා ගිහින් ඉවරයි. නැති කරගත්ත බලාපොරොත්තුත් එක්ක ගෙදරට එන නේහාට තවත් හිතාගන්න බැරි ශෝකාන්තයකට මුහුණ දෙන්න වෙනවා. ඒ තමයි රෝගී තත්වයෙන් පෙලුණු තමන්ගේ සැමියත් ඇයව දාලා මේ ලෝකෙන් යන්න ගිහින්. අවසානයේදී හිතගිය තැන හදාගත්ත මාළිගාවේ නේහා තනිවෙනවා. තමන්ගේ තාවකාලික පෙම්වතාවත් නැති වෙනවා. පණවගේ ආදරේකරලා ලගින් තියාගත්ත සැමියාවත් ඇයව දාලා යනවා.

මේ කතාව නම්ගම් මනකල්පිත වුනත් මේ තුලින් හැමෝටම ගන්න පුලුවන් ආදර්ශයන් බොහෝමයක් තියෙනවා. තමන්ගේ බිරිඳට අඩුපාඩුවක් වෙන්න නොදී සැමියෙක් වුනාම ආදරයෙන් බලාගන්න ඕනි වගේම බිරිඳගේ පැත්තෙනුත් ඇයගෙන් වෙන්න ඕනි යුතුකම් නොපිරිහෙලා ඉටුකරන්න ඇය දැනගන්න ඕනි කියන දේ මේ වීඩියෝව තුලින් අපි හැමෝටම පෙන්නලා තියෙනවා.

ඒ වීඩියෝව පහතින් නරඹන්න...

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive