facebook like

ජනාධිපති පරාජය වීමේ ඉඩකඩ වැඩියි -වික්ටර් අයිවන්





හාමුදුරුවෝ බිත්තරය කැඩුවා -දේශපාලන විශ්ලේෂක වික්ටර් අයිවන්

විරුද්ධ පක්ෂය ‘දක්ෂ ලෙස ක්‍රීඩා කිරීමට අසමත් වුනත්’ ඉදිරි ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජයට පත් වීමට වැඩි ඉඩකඩක් ඇති බව දේශපාලන විශ්ලේෂක වික්ටර් අයිවන් පවසයි.
ඔහු තවදුරටත් කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව රට පුරා ක්ෂුද්‍ර සංවිධාන දහස් ගණනක් ගොඩ නැගී ඇති බවයි. - හඬ පටය අමුණා ඇත.‘ජනාධිපතිවරයා ඉතා ළඟ ළඟ තරඟයකින් දිනුවත් මීළඟ මහ මැතිවරණයෙන් වැඩි ඉඩක් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක් බිහි වෙන්න. ඒ ජයග්‍රහණය ජනාධිපතිවරයාගේ අත් ශක්තිමත් කරනවාට වඩා දුර්වල කරන්නයි හේතු වෙන්නේ. මම හිතනවා ජනාධිපතිටත්, ආණ්ඩුවටත්, රටටත් හොඳයි මේ ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා පරදින එක.’ ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් පැවසීය.

‘හාමුදුරුවෝ බිත්තරේ කැඩුවා’

බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක් වෙමින් වික්ටර් අයිවන් තවදුරටත් කියා සිටියේ ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි ඉතා නිර්භීත ප්‍රවේශයකට එළැඹ ඇති බවයි.
‘ඇත්තටම ඒ හාමුදුරුවෝ බිත්තරය කැඩුවා. දැන් ඒ කඩපු බිත්තරය කුණු වෙන්න ඉස්සෙල්ල ඔම්ලට් එකක් තනා ගැනීම විරුද්ධ පක්‍ෂ ව්‍යාපාරවල අන් අයට බාරයි.’ ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ නිදහස් මාධ්‍යයක් නොමැති බවත් 'සියලු අවුල් ඇති කරන වැදගත් බලවේගයක් බවට පත් වී ඇත්තේ' එම මාධ්‍යයම බවත් දේශපාලන විශ්ලේෂක සහ ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් තවදුරටත් කියා සිටියේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive