facebook like

පොඩි රාජපක්ෂ‍ගේ කෙරුවාව මෙන්න

බහුතර ගොවි ජනතාවක් වෙසෙන ඌව පළාත් සභාවේ කෘෂිකර්ම, වාරිමාර්ග, මිරිදිය ධීවර, සංචාරක සහ පශු සම්පත් අමාත්‍යාජශයට ලබන වසර සඳහා පළාත් සභාවේ මුළු වියදමෙන් 3.65%ක් වෙන් කරන අතර මහ ඇමතිවරයාගේ වියදම් සඳහා මුළු වියදමෙන් 60.61% වෙන් කර තිබීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ එම පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා දැඩි විවේචනයක් එල්ල කළේය.

එම පළාත් සභාවේදී ඊයේ (10) ලබන වසර (2015) වෙනුවෙන් ඉදිරිපත්කළ අයවැයට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා ඡන්දය පාවිච්චි කළ අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 12දෙනා ඡන්දය දීමෙන් වැලකී සිටියහ.

එම විවාදයේදී සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා හෙළි කළ කරුණු මෙසේය. පළාත් සභාවේ මුළු වියදම රුපියල් කෝටි 1,894ක්ය. එයින් මන්ත්‍රීවරුන් 34දෙනාගේ මුළු වියදම් වෙනුවෙන් රුපියල් අටකෝටි හතලිස් හත්ලක්ෂ අනූ හත්දහසක් (රු. 84,797,000)ය.

ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා යටතේ තිබෙන අමාත්‍යංශ වෙනුවෙන් රුපියල් කෝටි 1,137ක් වෙන් කරගෙන ඇති අතර කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරගෙන ඇත්තේ රුපියල් හැටනව කෝටි දහතුන් ලක්ෂ දසදහසක (රු. 691,310,000) මුදලක්ය. මහ ඇමතිවරයාගේ ඉන්ධන වියදම් වෙනුවෙන් රුපියල් අනූ ලක්ෂයක් (රු.9,000,000)ද විදේශ ගමන් වියදම් සඳහා රුපියල් ලක්ෂ 10ක්ද වෙන් කරගෙන තිබේ.

ඊට අමතරව අනිකුත් අමාත්‍යාංශ සඳහා පුනරාවර්තන වියදම් මෙසේය. විදුලි බල අමාත්‍යවරයාට ඉන්ධන වියදම් රුපියල් විසිනවලක්ෂ හැටදහස (රු.2,960,000)කි. දේශීය ගමන් වියදම් රුපියල් හාරලක්ෂ දසදහස (රු. 410,000)කි. කෘෂිකර්ම අමාත්‍යවරයාට ඉන්ධන වියදම් සඳහා රුපියල් විසිකුන් ලක්ෂයක් (රු. 2,300,000)ය. දේශීය ගමන් වියදම් සඳහා රුපියල් හාරලක්ෂ පනස් දහස (රු. 450,000)කි. සෞඛ්‍ය අමාත්‍යවරයාට ඉන්ධන වියදම් සඳහා රුපියල් විසිතුන්ලක්ෂ දොලොස්දහස (රු. 2,312,000)කි. දේශීය ගමන් වියදම් සඳහා හත් ලක්ෂ අසූදහස (රු.780,000)කි. මාර්ග අමාත්‍යවරයාට ඉන්ධන වියදම් සඳහා රුපියල් විසිලක්ෂය (රු. 2,000,000)කි. දේශීය ගමන් වියදම් රුපිවල් ලක්ෂ 4කි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive