facebook like

තම දැරියත් ගණිකාවක් කළ බොකෝ හරාම්

බොකෝ හරාම් ත්‍රස්තයන්ගේ ප්‍රාණ ඇපයට පත් නයිජීරියානු පාසල් දැරියන් වෙත දැන් යළිත් ලෝකයේ අවධානය යොමුව ඇත. ඒ පසුගිය 27 වෙනිදා විකාශය වූ බි.බි.සී. රූපවාහිනී වැඩසටහනක් නිසාය. ත්‍රස්ත ග්‍රහණයෙන් පැන ආ දැරියන් තිදෙනකු හාජරා, ලමී හා මාරියා ලෙස නම් කර ඔවුන් කියන කතා හඬ කැවූ රූපරාමු ලෙස සකසා එමගින් ප්‍රචාරය කෙරිණි. දැරියන්ගේ ජීවිතාරක්ෂාව තකා ඔවුන්ගේ අනන්‍යතාව හෙළිකර නොතිබුණි.

චිබොක්හි බාලිකා පාස‍ලේ සිටියදී රාත්‍රියේ නගරය දෙසින් වෙඩි හඬ ඇසෙත්ම ලැමී විසින් මාරියා නින්දෙන් අවදි කරවා ඇත. ඒ අවස්ථාවේ ඔවුන් දෙමව්පියන්ට දුරකථනයෙන් අමතා ඇති අතර ඔවුන්ට උපදෙස් ලැබි ඇත්තේ ඉඩක් ලද මොහොතේම ඉවතට පැන යන ලෙසයි. එහෙත් එක් තැනකට රොක්වූ දැරියන් තමන් ගැහැනු දරුවන් හෙයින් අනතුරක් නොවනු ඇතැයි සිතා දේව කැමැත්තට ඉඩදී බලා සිටි බව ලැමී පවසයි.

සියල්ල ගිනිබත් කර දැරියන් ලොරිවල පටවාගෙන යාමට පෙර පාවහන් හා හිස ආවරණය කරන රෙදි සොයා ගන්නා ලෙස ත්‍රස්තයන් නියෝග කර ඇත. පැමිණි දාමරික පිරිස 100ක් පමණ වෙතැයි කියන මේ දැරියෝ පාසල් පැමිණීම ගණිකා වෘත්තියට පැමිණීමකැයි තමනට කී බව කියති. පැමිණි ඇතැමෙකු තුවක්කුව නිසි ලෙස අල්ලා ගැනීමටවත් බැරි තරම් කුඩා අය බවද කියති.

අඳුරේ ධාවනය වන රථයෙන් දැරියන් දෙදෙනකු දූවිල්ලෙන් වැසුණු පාරට පැන කැලයට දුවගොස් ඇත්තේ ජීවිත අවදානමද නොතකමිනි. තවත් දෙදෙනකු මුත්‍රා කිරීමට මෙන් ගොස් පැන යාමට සමත්ව ඇත. අඳුරේම තම හිස් ආවරණ හා පාවහන් මගදිගට දමමින් ගියහොත් තම දෙමාපියන්ට තමන් සොයා ඒමට හැකි වෙතැයි ඇතැම් දැරියන් කියා ඇත.

චිබොක්හි දැරියන් හැර, පැහැර ගැනීමට ලක්ව පැන ආ කාන්තාවන්ගේ අත්දැකීම් පිළිබඳ කතා රැසක් හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් රැස්කර වාර්තා කරනු ලැබ ඇත. නයිජීරියානු රජය සටන් විරාමයක් ගැන කතා කරද්දී පසුගිය සතියේ තවත් පැහැර ගැනීම් සිදුව ඇත. එක් වරකට වැඩි පිරිසක් පැහැර ගැනුණු ඛිෙදවාචකය චිබොක්හි පාසල් දැරියන් පැහැර ගැනීමයි. ඉන් 219 දෙනකු පිළිබඳ තවමත් නිසි තොරතුරක් නැත. මේ වසරේ මුල් භාගයේ පමණක් ඊසානදිග නයිජීරියාවේ ඝාතනය වූ පිරිස අවම වශයෙන් 2053ක් බව වාර්තාවල දැක්වේ.

පැහැර ගැනීමට ලක්වූ කාන්තාවන් බොහෝ දෙනකුගේ කතා එක හා සමානය. ඔවුහු කායික මෙන්ම මානසික පරිභවයන්ට හා අපහරණයන්ට ලක්ව සිටිති. ක්‍රිස්තු භක්තිය අතහැර ඉස්ලාම් දහම වැළඳ ගන්නයි ඔවුනට බල කෙරී ඇත. ඒ බෙල්ලට තොණ්ඩුවක් දමා මරණ තර්ජන කරමිනි. පහරදීම්, කස පහරදීම ඇතැම්විට කෙළවරව ඇත්තේ මරණයෙනි. ඉස්ලාම් ආගම වැළඳ නොගැනීමේ විපාකය ඇතැම් විට දූෂණයට ලක්වීමයි. ඒ සඳහා ආගමෙන්ම අවසරයක් ඇති බවයි මේ අන්තවාදීන් පවසන්නේ.

බොකෝ යනු බටහිර අධ්‍යාපනයයි. හරාම් යනු අකැප හෙවත් තහනම් බවයි. ඒ අනුව මේ ත්‍රස්තවාදීන් බොකෝ හරාම් ලෙස නම් කෙරී ඇත. ඔවුන්ගේ නීතියට අනුව ස්ත්‍රීන්ට හිස වැසීම හා හිජාබ් ඇඳුම අනිවාර්ය වන අතර පාසල් යාම සපුරා තහනම්ය. අත්අඩංගුවට පත් කාන්තාවන්ට විවාහ වන ලෙස කෙරෙන බලකිරීම් හා ලිංගික අඩන්තේට්ටම් කුරිරු ස්ත්‍රී දූෂණය තෙක් දිවේ. අවු. 15ක් වන දැරියක තමා විවාහ වීමට තරම් මෝරා නැතැයි බොකෝ හරාම් අණ දෙන්නෙකුට පැවැසූ විට ඔහු තම පස් හැවිරිදි දියණිය පෙන්වා විමසා ඇත්තේ පසුගිය වසරේ විවාහ වූ ඇය එය සම්පූර්ණ කිරීමට මල්වර වන තෙක් සිටිනවා නම් අවුරුදු 15ක් ළාබාල වයසක් වන්නේ කෙසේද යන්නයි.

පසුගිය වසරේ තෙමසක් බොකෝ හරාම් අඩස්සියේ සිටි දහනව හැවිරිදි කාන්තාවක් පවසන්නේ අත්අඩංගුවට පත් පස්දෙනකු අතරින් එක් අයෙකුගේ ගෙල සිඳින්නැයි ඇය අතට ත්‍රස්තයෙකු පිහියක් ලබා දුන් විට තමා බියෙන් ගැහෙන්නට වූ අතර එම පිහිය අතට ගත් කඳවුරු නායකයාගේ බිරිය සැණෙකින් එම කාරිය ඉටු කළ බවයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive