facebook like

නිරෝෂාගේ හඬ අනුකරණය කරමින් මාධ්‍ය ආයතන නොමග යැවූ පුද්ගලයා නීතියේ රැහැනට හසුවේ

ජනප්‍රිය නළු නිළියන්, ගායක ගායිකාවන් අනුකරණය කරන රසික රසිකාවියන් සිටිනවා. මේ අය තමන් ප්‍රියකරන ජනප්‍රිය කෙනා අඳින පළඳින විදිය කටහඬ, කතාබහ  ඉරියව්, ආදිය අනුකරණය කරන්නේ ඒ ජනප්‍රිය තරුවට තියෙන ආදරය හින්දමයි. නමුත් මේ අතරේ මේ අහිංසක විනෝදයෙන් එහා ගිය තැනක ඉඳල මෙවැනි දේ කරන අයත් ඉන්නවා. ඒ අයගේ ක්‍රියා කලාපයන් ඔවුන්ගේ වීර චරිතය වන ජනප්‍රිය තරුවට වගේම සමස්ත සමාජයටම හානිදායක වන අවස්ථා තියෙනවා. අපේ ජනප්‍රිය ගායිකාවකටත්  පසුගියදා මෙවැනි පුද්ගලයකුගේ ක්‍රියාවන් හින්දා දැඩි අපහසුතාවයට පත්වන්නට සිදුවුණා. ඇය නිරෝෂා විරාජිනී. නිරෝෂාගේ හඩින් කතා කරන කෙනකු හින්දයි ඇයට මෙවන් අපහසුතාවකට පත්වන්නට සිදුවුණේ. අවසානයේ ඇයට නීතිය ඉදිරියට පවා යන්න සිදුවුණා. මේ වන විට මිරිහාන ‍පොලීසියට අදාළ තැනැත්තාව නීතියේ රැහැනට හසුකර ගන්නට හැකිවී තිබෙනවා. මේ සිදුවීම ගැන වැඩිදුර දැනගන්න අප නිරෝෂාට කතා කළා.

නිරෝෂා, මොකක්ද මේ සිදුවීම?
එක්තරා කෙනකු විසින් මගෙ කටහඩින් මා විදියට තැන් තැන්වලට කතා කරන බව කාලෙක ඉඳන් මට දැනගන්න ලැබුණා. මා දන්නා අයට මෙයා කතා කළාම ඒ අය මට කතා කරලා මගෙන් අහනවා වෙනත් අංකයකින් කතා කළාද කියලා. ඔන්න ඔය විදියට තමයි මට මෙයා ගැන මුලින්ම දැනගන්න ලැබුණේ.
කවුද මේ තැනැත්තා?
මොහු දඹදෙණිය ප්‍රදේශයේ තරුණයෙක්. පිරිමියකු වුණාට ඔහු කාන්තා හඩින් කතා කරන කාන්තා ඇවතුම් පැවතුම් ඇති විකෘති මානසික මට්ටමක සිටින කෙනෙක්.
මේ තැනැත්තා නිරෝෂා විදියට කතා කරලා මොනවද කරල තියෙන්නේ......?
ඇතැම් නිෂ්පාදන ආයතනවලට කතා කරලා යම් යම් අයව රැකියාවලට යොමු කරන්න උත්සාහ කරලා. ඉන්පසුව  මගේ අත්සන් යොදලා ලියූ ලියුම් දීලා ඒ ළමයින්ව ඒ ආයතනවලට යවලා. ඒ වගේම සජීවී රූපවාහිනී වැඩසටහන්වලට පවා කතා කරලා මම අදහස් දක්වන විදියට අදහස් දක්වලා තියෙනවා.
 නිරෝෂාගේ කීර්ති නාමයට හානිවන ආකාරයේ දේවල් පවා මොහු විසින් සිදුකරලා තියෙනවාද?
ඔව්. සමහර නාලිකාවල ඉන්න නව යොවුන් නිවේදකයින්ට මෙයා කතා කරලා. ඒ විදියට මාස ගණන් ඒ අය එක්ක කතා කරලා. මට ඒ ගැන ආරංචි වුණාම ඒ අයට කතා කළා. ඒ තරුණ නිවේදකවරු මට කිව්වෙ නැහැ. මෙයා ඒ අයත් එක්ක මාස ගණන් කතා කළ දේවල්. හැබැයි ඒ අය කතා කරන විදියට මට දැණුනා මේ පුද්ගලයා මාස ගණනක් මේ අයත් එක්ක කතා කරන්න ඇත්තේ මොනවද කියලා. කලා ක්‍ෂේත්‍රයේ ඉද්දී අපිට විවිධ මානසික මට්ටම්වල අය මුණගැහෙනවා. ඔය තැනැත්තා වගේ විකෘති මානසික මට්ටම්වල අයත් මට හමුවෙලා තියෙනවා. ඒ වගේ අයට පිරිමි කෙනකුට කතා කරලා ඕනෑම දෙයක් කියන්න පුළුවන්. ඉතින් මගේ හඩින් මම විදියට කතා කරලා මේ පුද්ගලයා කියූ හැම දෙයකින්ම හානිවුණේ මගේ නමට. අනික මෙයා මේ වෙද්දී තව තව කී දෙනකුට කතා කරල තියෙනවද දන්නෙ නැහැනේ.
ඉතින් මේ තත්ත්වයට එරෙහිව නිරෝෂා ගත්තු පියවර මොකක්ද?
මුලදී මම කීපදෙනකුටම මේ ගැන කිව්වා. විසඳුමක් නැති හින්දා අන්තිමට මම මිරිහාන ‍පොලීසියට පැමිණිලි කළා. මේ පුද්ගලයා දුරකථන අංක රැසක් භාවිතා කරන කෙනෙක්. ඒ අංක හරහා මිරිහාන ‍පොලීසියට මේ පුද්ගලයා අත්අඩංගුවට ගන්න හැකි වුණා.
 ඉන්පසුව ඔහුට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ගය කුමක්ද?
මේ වගේ කටයුත්තකදී නීතිය විසින් අනුගමනය කරන ක්‍රියාපිළිවෙතක්
තියෙනවා. ඒ අනුව පළමු
වතාවට කළේ මේ තැනැත්තාට අවවාද දීලා නැවත වතාවක් මෙවැනි ක්‍රියාවන් කරන්නෙ නැති බවට ‍පොරොන්දු කරගෙන පිටත්කර හැරීම. නැවත වතාවක් ඔහු මෙය කළොත් අත්අඩංගුවට ගැනීම සිදුවේවි. ඉන්පසු ඔහු පිළිබඳ
නීතිය ක්‍රියාත්මක වේවි.
 මේ සිදුවීමෙන් නිරෝෂාගේ කීර්ති නාමයට වූ හානිය පිළිබඳ ගනු ලබන ක්‍රියාමාර්ගය මොකක්ද?
මට කරන්න තියෙන්නේ මේ ගැන මාධ්‍යය තුළින් නිවැරදි කිරීම පමණයි.  මේ වනවිටත් කවුරු හරි කෙනෙක් මම කතා කරන විදියට කාට හරි කතා කරලා මොනා හරි කියලා තියෙනවනම් ඒ ගැන මාව දැනුම්වත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම විද්‍යුත් මාධ්‍යවලිනුත් මම ඉල්ලීමක් කරන්න කැමතියි. විද්‍යුත් මාධ්‍යවල  සජීවී වැඩසටහන්වලට ජනතාව සම්බන්ධවන සෘජු අංක හරහා මමවත් වෙන කලාකරුවකුවත් කතා කරන්නේ නැහැ. අපිට අවශ්‍ය නම් කෙළින්ම වැඩසටහනේ නිෂ්පාදකවරයාට කතා කරනවා. ඒ හින්දා වැඩසටහන්වලට අපේ නමින් කවුරුන් හෝ සජීවීව අමතනවා නම් ඒ ගැන සැලකිලිමත් වන්න කියා මා ඉල්ලා සිටිනවා.

ආරියවංශ කුලතිලක

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive