facebook like

හෙළ උරුමය දැලි පිහියෙන් කිරි කෑම!

පිවිතුරු හෙටක්‌ සංවිධානයේ න්‍යායපත්‍රය හා එදා 2004 අප්‍රේල් මැතිවරණය සඳහා ජාතික හෙළ උරුමය ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශය අතිශයින්ම පරස්‌පර බව අමුතුවෙන් කිව යුතු නැත. එදා හෙළ උරුමය දිනවීම සඳහා බස්‌රථවල ඇලවූ ස්‌ටිකරයක සටහන්ව තිබූ එක්‌ වැකියක්‌ අද මෙන් හොඳට මතකය. ඒ "රට දැය සමය වෙනුවෙන් දිවියේ එක්‌වරක්‌" යනුවෙනි. නමුත් පිවිතුරු හෙටක්‌ සංවිධානයේ අරමුණු රට දැය සමයට වඩා එහා යන ජාත්‍යන්තරීකරණය වූ අරමුණු යෑයි විටක සිතේ. 2004 අප්‍රේල් 02 වැනිදා පැවැත් වූ මැතිවරණයෙන් හෙළ උරුරමයට ආසන 9 ක්‌ හිමිවූ අතර ලබුණු මුළු ඡන්ද ප්‍රමාණය 552724 කි.

විශේෂයෙන්ම මධ්‍යම පාන්තික සිංහල බෞද්ධයෝ හෙළ උරුමයට ආකර්ශනීය ඡන්ද වූ නිසාම මහරගම ආසනයෙන් මෙන්ම කැස්‌බෑව ආසනයෙන්ද එක්‌සත් ජාතික පක්‍ෂය තෙවැනි තැනට ඇද දමා දෙවැනි තැන ගන්නට මේ භික්‍ෂු දේශපාලන පක්‍ෂයට හැකිවිය. ජාතික හෙළ උරුමය පිහිටුවා දශකයක්‌ ගෙවී ගියේ ඉකුත් පෙබරවාරි 17 වැනිදාටය. එදා හෙළ උරුමය පිහිටවනු ලැබුවේ සිංහල බෞද්ධයන් තීරක බලය බවට පත් කිරීම සඳහාය. 2003 දෙසැම්බර් 12 වැනිදා ගංගොඩවිල සෝම හිමියන්ගේ හදිසි අභාවයත් සමග බෞද්ධයන්ට එරෙහි කුමන්ත්‍රණයක සෙවණැලි මෙරට බහුතරයට හොඳින් දැනෙන්නට විය. එනිසාම එක්‌සත් ජාතික පක්‍ෂ සිංහල බෞද්ධයන් 2001 - 2004 රනිල් වික්‍රමසිංහ පාලනය කෙරෙහි කලකිරී තම ඡන්දය පූජා කිරීමට පසුබට නොවූහ. ඇත්තෙන්ම රනිල් වික්‍රමසිංහ ආණ්‌ඩුව 2004 දී පරාජය වීමට මූලික හේතුවක්‌ වූයේ එජාප ඡන්ද හෙළ උරුමයට සංක්‍රමණය වීම නිසාය.

දශකයකට අධික හෙළ උරුම ඉතිහාසය දෙස හැරී බැලීමේදී මේ පක්‍ෂයේ ක්‍රියාකලාපයෙන් බෞද්ධයන්ට සාධාරණය ඉටුවීද නැද්ද යන්න ගැන සාකච්ඡා කළ යුතු වන්නේ හෙළ උරුම න්‍යායපත්‍රයට ඉහළින් දැන් පිවිතුරු හෙටක්‌ ගැන කතා කරන නිසාය. ධර්ම රාජ්‍යයද පිවිතුරු හෙටක්‌ න්‍යායපත්‍රය යටතේ හමස්‌ පෙට්‌ටියට ගොස්‌ ඇති බව කිව යුතුය. සෝම හිමි අභාවයත් සමග ඇතිවූ බෞද්ධ ප්‍රබෝධය නිසා 2004 දී හෙළ උරුමයට තීරණාත්මක බලයක්‌ ලැබුණු අතර 2005 දී මහින්ද රාජපක්‍ෂට ජනපති පුටුව ලබා ගැනීමට හැකි වුණේද මේ සිංහල බෞද්ධ දේශපාලන ප්‍රබෝධය නිසාය.

විශේෂයෙන්ම 2005 දී මහින්ද රාජපක්‍ෂ ජයගන්නේ බහුතර සිංහල බෞද්ධ ඡන්දයෙනි. එදා මහින්ද දිනවීමට ජාතික හෙළ උරුමය සක්‍රීය කාර්යභාරයක්‌ ඉටුකළ බව සැබෑය. එනිසාම 2009 මැයි 19 වැනිදා නන්දිකඩාල් කලපුවේදී ප්‍රභාකරන් මරා දමා මවුබිමට යළි නිදහස ලබා දෙන්නට රණවිරුවන්ට හැකිවිය. 2004 හෙළ උරුමය ලද ජනවරමේ එක්‌ කූට ප්‍රාප්තියක්‌ ලෙස මේ යුද ජයග්‍රහණය සැලකිය හැකිය.

එදා හෙළ උරුමයේ ප්‍රධාන සටන් පාඨය වූයේ අන්‍යාගමිකකරණයට එරෙහි පනත සම්මත කර ගැනීමය. පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්‌ ලෙසින් ඉදිරිපත් කළ මේ යෝජනාවට අවසානයේ ස්‌වාභාවික මරණයක්‌ අත්විය. නමුත් එදා හෙළ උරුමය විධායක ජනපති ක්‍රමය අහෝසි කළ යුතුයෑයි කෑගැසුවේ නැත. නමුත් අද අතුරලියේ රතන හිමියෝ පිවිතුරු හෙටක්‌ වෙනුවෙන් විධායක ජනපති ක්‍රමය අහෝසි කළ යුතු යෑයි මුත්තයියා පිටියේ සිට මොර දෙති. එදා ධර්ම රාජ්‍යය වෙනුවෙන් පෙනී සිටි සෝම හිමියන්ගේ පුවරු ඔසවාගත් පිරිස්‌ද මුත්තයියා පිටියේ දක්‌නට ලැබිණි.

ඔවුන් තුළ වූයේ වික්‍ෂිප්ත භාවයකි. හෙළ උරුමය මතවාදී අර්බුදයක පැටලී තිබෙන බවනම් පැහැදිළිය. රතන හිමිගේ ගමන ධර්ම රාජ්‍යයටද යන්න සාමාන්‍ය හෙළ උරුමය ඡන්ද දායකයාට උභතෝකෝටිකයක්‌ වී ඇත.

එදා මූලධර්මවාදී ආක්‍රමණයෙන් බෞද්ධයා බේරා ගැනීම පිණිස සටනට බැසි හෙළ උරුමය අද, එනම් 2014 දී ප්‍රකාශ කරන්නේ තම යෝජනා ජනපති මහින්ද රාජපක්‍ෂ පිළි නොගන්නේ නම් එළියට බසින බවයි. සන්ධාන රජය සමග මතවාදීව ගැටෙමින් කටයුතු කළ නොහැක. නමුත් එදා සිංහල බෞද්ධයින් ලක්‍ෂ පහකට අධික පිරිසක්‌ ඡන්දය ලබාදී 2014 මැතිවරණ ප්‍රකාශයේ ප්‍රධානම අරමුණ වූ අන්‍යාගමික පනත සම්මත කර ගැනීමට නොහැකි වූ විට මේ කිසිම ගිහි පැවිදි මන්ත්‍රීවරයෙක්‌ ආණ්‌ඩුවෙන් ඉවත් වීමට සූදානම් වූයේ නැත.

ඒ සඳහා කැරලි ගැසුවේද නැත. අන්‍යාගමික පනත සම්මත නොකරන ලෙස විශාල ජාත්‍යන්තර බලපෑමක්‌ද එල්ල වුණු බව සැබෑය. එහෙත් එදා මෙවැනි සම්මන්ත්‍රණ හෝ උද්ඝෝෂණ දක්‌නට නොලැබුණේ මන්ද? කවුරුන් විසින් බෞද්ධයන් රවටන්නේද? නැත්නම් මේ සටන් දේශපාලන ප්‍රතිරූපය පුම්බා ගැනීම සඳහා පමණක්‌ සිදුකරන වංචාවක්‌ පමණක්‌ද? දේශපාලනය අවංකවම කළ නොහැකිද? එය සත්‍යයකි. බෞද්ධයන් රැවටී ඇත්ද? 2014 අප්‍රේල් 11 වැනිදා "දිවයින" පුවත්පතේ "හෙළ උරුමය ලද ජය බෞද්ධයන් රවටන නායකයන්ට දුන් පිළිතුරකි" මැයෙන් පළවිය. ඒ ලිපිය දැන් ලිවිය නොහැක. එය පැරැණි සටහනකි. එදා දේශපාලනය අද දේශපාලනයට වඩා වෙනස්‌ය. දැන් සියල්ලෝම රැවටී ඇති බව පෙනේ. 2015 ජනවාරි 02 වැනිදා ජනපතිවරණය පැවැත්වෙන බව ප්‍රකට මතයකි. මේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂට විරුද්ධව පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත්වන බව කියතත් මෙතෙක්‌ ඒ අපේක්‍ෂකයා ප්‍රකාශයට පත්කර නැත. රතන හිමියන්ගේ පිවිතුරු හෙටක්‌ සංවිධානයද මහින්ද පරදන පොදු අපේක්‍ෂකයකු ගැන උස්‌ හඬින් ප්‍රකාශ කරයි. මහින්ද පරාජය කිරීම සඳහා ගෙන එනු ලබන පොදු අපේක්‍ෂකයා මෙරට බහුතර සිංහල බෞද්ධයාගේ අභිලාෂ මුදුන්පත් කරන්නෙක්‌ද? නැතිනම් මේ පොදු අපේක්‍ෂකයා ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවෙක්‌ද? 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂට ආකර්ශනය වන්නේ සිංහල බෞද්ධ ඡන්ද පමණකි.

දෙමළ මුස්‌ලිම් ඡන්ද කෙලින්ම පොදු අපේaක්‍ෂකයාට හෝ එක්‌සත් ජාතික පක්‍ෂය වෙත ඇදී යනු ඇත. එහෙත් හෙළ උරුමය හෝ පිවිතුරු හෙටක්‌ සංවිධානය කැරලි ගසමින් මහින්ද රාජපක්‍ෂට ඇදෙන සිංහල බෞද්ධ ඡන්දය වළක්‌වයි නම් ඔවුන් ඉදිරිපත් කරන පොදු අපේක්‍ෂකයා මහින්දටත් වඩා මෙරට බහුතරයට හිතවත් නායකයකු විය යුතුය. එය විශ්වාස කරන්නේ කවුද? මෙය සැබවින්ම දැලි පිහියෙන් කිරි කෑමකි. කවරක්‌ නමුත් පොදු අපේක්‍ෂකයා වටා එක්‌වන පිරිස විවිධ මත දරන කණ්‌ඩායම්ය. ඔවුන් අතර එකඟතාවක්‌ ඇතිකර ගත හැකිද? පොදු අපේක්‍ෂකයා දිනවා මාසයක්‌ තුළ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම වැනි යෝජනා වේදිකා දෙදරවමින් ප්‍රකාශ කළ හැකිවුවත් මේවා සැබවින්ම ප්‍රායෝගිකද? මේ හරහා සිදුවන්නේ රට අස්‌ථාවර වීම පමණි. ඒ නිසා ශ්‍රී ලංකාව අරාජික කරන සැලසුම්වලට බෞද්ධයන් රැවටිය යුතු නැත.

චතුර පමුණුව

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive