facebook like

තවදුරටත් ශ්‍රී ලනිපයේ හිටියා නම් බල්ලෙක් වගේ මෛත්‍රිව මරනවා

රටක් මෙහෙම පාලනය කරන්න අපේ ඇඟේ ලේ දුවනකල් ඉඩ දෙන්නේ නෑ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන තවදුරටත් හිටියොත් පාරේ මරලා දානවා බල්ලෙක් වගේ. මේ පාලන ක්‍රමයේ හැටි එහෙම යැයි මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරු අරලිය ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පසුගියදා පොළොන්නරුවේදී පැවැසීය.
හෙතෙම මේ බව පැවැසුවේ පොළොන්නරුවේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආධාරකරුවන් පිරිසක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩඩ්ලි සිරිසේන මහතා මෙසේද පැවැසීය.


"මෛත්‍රිපාල සිරිසේන ගියේ පෞද්ගලික හේතුවකටලු. අගමැතිකම නොදුන් නිසාලු. මම ඇමැතිතුමා ළඟින්ම හිටිය සහෝදරයෙක් විදියට මොකද වුණේ කියලා දන්නවා. එතුමා එළියට බැස්සේ තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියොත් මහ පාරේ මරලා දානවා බල්ලෙක් වගේ. මේ පාලන ක්‍රමයේ හැටි එහෙමයි. ගමේ නිදහස් පක්ෂ පාක්ෂිකයාටත් වෙන්නෙ ඒකයි. මේක පුදුමාකාර දේශපාලනයක්. මෙහෙම රටක් පාලනය කරන්න අපි ජීවත්ව ඉන්නකල් අපේ ඇඟේ ලේ දුවනකල් අපි ඉඩ දෙන්නෙ නෑ කියන එක ස්ථිර කිරීමටයි මෛත්‍රිපාල සිරිසේන ඕන තනතුරක් නැති වුණත් කමක් නෑ කියලා මේ ක්‍රමය වෙනස් කිරීමට නායකත්වය දෙන අරමුණින් එළියට බැස්සේ.


මෙහිදී උතුරු මැද පළාත් සභා හිටපු අමාත්‍ය පේෂල ජයරත්න මහතා කතා කරමින් මෙසේ පැවැසීය.
"දැන් රටේ නැති මඩ ගහයි. හැබැයි ආණ්ඩුව ඇතුළෙ ඉන්නකොට මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තමයි හොඳම මහලේකම්. හොඳම ඇමැතිතුමා. දැන් ෆයිල් තියෙනවා එළියට ගත්තෙ නෑ කියනවා. එහෙනම් ඒකත් වරදක්නේ. මිනිහෙක් වැරැදි කරනකොට ඒකට දඬුවම් නොදීපු එකත් වරදක්නේ. ඇයි වැරැදිකාරයන්ට දඬුවම් නොදෙන්නේ. වැරැදිකාරයන්ට දඬුවම් නොදෙන ආණ්ඩුවක් මේක. බොරු කියාගෙන ඉන්න ආණ්ඩුවක් මේක. අනිත් අයටත් එහෙනම් ෆයිල් කප්පරක් ඇතිනේ. අපේ ඇමැතිතුමා සාන්තුවරයෙක් වගේ. ඔය ඇමැති මණ්ඩලේ හිටිය නිකැලැල්ම ඇමැතිවරයා. එතුමාටත් ෆයිල් තියෙනවා නම් අනික් උන්ට ෆයිල් කප්පරක් ඇති. හොරු ටික තියාගෙන ඉන්නේ ඇයි.


ඊළඟට කියනවා රනිල්ට අගමැතිකම දෙනවලු. ඔව්. රනිල්ට අගමැතිකම දෙනවා තමයි. අද ජනාධිපතිවරයා අධිකරණයට ගෙනියන්න බෑ. පාර්ලිමේන්තුවට වග කියන්නේ නෑ. අද ජනාධිපතිවරයා ඒකාධිපතියෙක්. අපේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තමයි ඒකාධිපති බලතල අයින් කරලා ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරයා වෙන්නේ. එතුමා තමයි කැබිනට් මණ්ඩලය පත් කරන්නේ. එතුමා තමයි කැබිනට් මණ්ඩලයේදී තීන්දු තීරණවලට අනුමැතිය දෙන්නේ. මේක තමයි කැබිනට් ක්‍රමයක තියෙන ලක්ෂණය. මේක දන්නේ නැති ඉස්කෝලේ නොගිය, කුඩු විකුණ විකුණ හිටපු, බෝල විකුණ විකුණ හිටපු, වාහන කෑලි විකුණ විකුණ හිටපු පාර්ලිමේන්තුවේ ඉන්න මිනිස්සු මේ වගේ ගොං කතා කියනවා.


තමන්කඩුව ප්‍රාදේශීය සභා හිටපු සභාපති ප්‍රේමසිරි මුණසිංහ යන අයද කතා කළේය.
මෛත්‍රිපාල සිරිසේන මගේ අයියා. දේශපාලනය කරන කාලේ එයාගෙත් ජනාධිපතිතුමාගෙත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආරක්ෂකයා වශයෙන් සිටියේ මමයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් නොව මුළු දිවයිනේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණ සඳහා සෑම මැතිවරණයකදීම ඉදිරියෙන් කටයුතු කළේ මෛත්‍රිපාල සිරිසේන මහතායි. මේ රටේ මිනිසුන් ඉපදුණොත් මැරෙන බව ස්ථිරයි. ඒත් ඉපදුණොත් නොමැරෙන අය අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලනය තුළ සිටින බව පෙනී යනවා. වසර 30ක් පැවැති යුද්ධය නිමාකොට මේ රට සංවර්ධනය කිරීමේ ගරුත්වය අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හිමි වෙනවා. එතුමාගේ පාලනය යටතේ ලාංකික ජනතාව සතුටින් ජීවත් වෙනවා.


ව්‍යාපාරිකයකු වශයෙන් මම දියුණුවේ හිණිපෙත්තටම ගියා. මේ රටේ මිනිසුන් විදේශගත වී ඉහළ වැටුපක් ලබාගන්නවා. ගෙයක් ‍ෙදාරක් හදාගෙන මිනිසුන් මෝටර් සයිකලයක් හෝ අරගෙන හොඳින් ඉන්නවා.
ඒත් අද මොකක්ද වෙන්නේ? අගමැතිකම නුදුන් නිසා මගේ අයියා අයින් වුණා කියනවා. ඒත් එසේ නොවේ. අයියා තනතුරුවලට ගැතිවුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පවත්නා අගාධයෙන් බේරා ගැනීමටයි මෙම තීරණය ගත්තේ.

පොළොන්නරුවේ-බණ්ඩාර මුදියන්සේ
කඳුරුවෙල - ගාමිණී ඔබේසේකර

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive