facebook like

ආදායම් නැතිව වේළෙන පාවෙන බෝට්ටු වෙළෙන්දෝ

ආදායම් නැතිව වේළෙන පාවෙන බෝට්ටු වෙළෙන්දෝ ”නැව ගිලූණත් බෑන් චූන්” කිවුවට මේක ”චූන්” වෙන්න කාරණාවක් නෙවෙයි. නැවත නැවතත් හිතන්න කාරණාවක්. ගිලූණෙත් නැවක් නෙවෙයි, පිටකොටුවේ අලූතින් ඉදිකරපු පාවෙන වෙළෙඳ සංකීර්ණයේ බෝට්ටු වෙළඳසලක්. ඇයි මේ බෝට්ටුව ගිලූණෙ. එහෙන් මෙහෙට ”බෝලෙ” පාස් කරනවා. මෙහෙන් එහෙට ”බෝලෙ” පාස් වෙනවා. කොහොම වුණත් වැඬේ සිද්ධ වෙලා ඉවරයි. අපි කතාව කියවමු. කොටුව දුම්රියපොළ අසල පාවෙන වෙළඳ සංකීර්ණය ඉදිවී මාස කීපයකි. ජරාවට ගිය තැනක් මෙලෙස සුන්දර වීම අපටද පුදුමයකි. තායිලන්තයේ, වැනීසියේ දුටු දේවල් පිටකොටුවේ ඉදිවීම හැබෑවටම ආඩම්බර විය යුතු දෙයකි. මේ සියල්ල නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවෙයි. කෙසේ වෙතත් පිටකොටුවේ පාවෙන වෙළඳසලේ ඊ බෝට්ටුව පසුගියදා දියේ ගිලිණි.
මෙවැනි පාවෙන බෝට්ටු වෙළඳසල් ගණනාවක් මෙතැන තිබේ. තවමත් ස්ථානය කුළුඳුල් නිසා නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය පුළුල්ව මෙතැනට ලැබේ. මෙහි සිටින වෙළඳුන් කියන හැටියට පිටකොටුව බැස්ටියන් මාවතේ වෙළඳසල් තිබුණු අයට පාවෙන වෙළඳසල් ලැබිණි. බැස්ටියන් මාවතේ වෙළඳසල් කැඞීමෙන් ස්ථානය අහිමි වූ අයට අලූත් තැන නවාතැන් ලැබිණි. අපට මතක හැටියට කලින් බැස්ටියන් මාවතේ අඩිය තබා යාමත් අප‍්‍රසන්න දෙයකි. ඒ තරම් ජරාවාසවී ගිය තැනකි. කුඩා පාවෙන බෝට්ටුවක් ඇතුළේ හතර පස්දෙනාට අඩි තුන, හතර පහේ කෑලි වෙන්කර දී බෝට්ටුවක් ලබාදී තිබේ. ඒ අනුව එක කුඩා බෝට්ටුවක් ඇතුළේ වෙළඳසල් හතරක් හෝ පහකි. අච්චාරු, සෙල්ලම් බඩු, මල් පෝච්චි, තොප්පි මේ සේරම එක බෝට්ටුවක් ඇතුළේ අලෙවි කරති. ඒ එක් එක්කෙනා රුපියල් 3500, 4500 ආදී වශයෙන් රජයට ගෙවීමක්ද කරති. වෙළෙන්ඳෝ කියන පරිදි එක බෝට්ටුවකින් රුපියල් 18,000 ක මුදලක් නාගරික සංවර්ධන අධිකාරියට මසකට ගෙවනු ලැබේ. මුල් සති කීපය තුළ නාවික හමුදාව විසින් මේ බෝට්ටු වෙළඳසල් නඩත්තුව සිදු කළහ. පසුව බෝට්ටු නඩත්තුව වෙළඳසල් හිමියන් අතට භාර දුන්හ. වැස්සට හතර වටින්ම එන දරුණු වතුර පහර වලින් මේ බෝට්ටු තට්ටුව පිරේ. එම වතුර සේරම අවසානයේ බෝට්ටුව ඇතුලට ගලයි. එක වෙළඳසලක් ඉදිවී ඇත්තේ බෝට්ටු දෙකක් උඩ තට්ටුවක් ගැසීමෙනි. වැස්සට පිරෙන ජලය තට්ටුව ඉවත් කර බෝට්ටුවෙන් ඉවත් කළ යුතුය. ඊ බෝට්ටු වෙළඳසල දියේ ගිලී යාම ගැන නාවික හමුදාව පවසා ඇත්තේ වෙළඳසල් හිමියෝ ජලය ඉවත් නොකිරීම නිසා ඇතිවූ තත්ත්වයක් හේතුවෙන් ගිලී ගිය බවකි. එහෙත් සමහර වෙළඳුන් පවසන්නේ ඊ බෝට්ටුවේ පැවති පිපිරීමක් නිසා දියෙහි ගිලී ගිය බවයි. මෙය එම බෝට්ටුවේ කාලයක් තිස්සේ පැවති පිපිරීමක් බවද ඔවුහු කියති. එසේ නම් වරද වෙළඳුන්ගේද යන තැන අපට නවතින්නට සිදුවේ. කෙසේ වෙතත් අලූත් බෝට්ටු මෙසේ ගිලී යාම පුදුම ඉපදවිය යුතු දෙයකි.
මේ කිසිම බෝට්ටුවක ගිලෙනා තරම් වෙළඳ භාණ්ඩ පටවා නැත. සෙල්ලම් බඩු, පළතුරු, තොප්පි, අච්චාරු ආදිය ගිලෙන තරම් දේද? දියේ ගිලී ගිය බෝට්ටුව හතර දෙනෙක් එකතු වී අඹ කැපූ බෝට්ටුවකි. ගිලෙන මොහොතේ කිසිවකු මෙහි සිට නැත. දැනට පාවෙන වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් මෙවැනි කතාවක්ද කියති. අපි කලින් වෙළඳාම් කළේ බැස්ටියන් මාවතේ. කඩ කඩපු නිසා මේ බෝට්ටු දුන්නා. මම මාසෙට යූ.ඞී. එකට රුපියල් 4500 ක් ගෙවනවා. ඉස්සර අපි දවසට රුපියල් 3000 ක් හොයපු මිනිස්සු. දැන් සතේ අතේ නෑ. ඈත ඉඳල බලද්දි පාවෙන වෙළඳ සංකීර්ණයේ මිනිස්සු පිරිලා වගේ. හරි ලස්සනට, ජය පාටට පේනවා. ඔය ඉස්සරහ මේස දෙක බලන්න. අර ජෝඩුව ඔය මේසෙ වාඩි වෙලා පැය දෙකයි. ඔහේ කතා කර කර ඉන්නවා. කඩල පැකට් එකක් මේකෙන් ගත්තෙ නෑ. අනික් මේසෙ බලන්න. ඔය කොල්ලො දෙන්නා ඔතන වාඩි වෙලා පැය එක හමාරයි. රුපියල් 10 ක අච්චාරු ගත්තෙ නෑ. අලංකාර කුඩ යට වාඩිවූ පිරිසක් වෙළෙඳුන් පෙන්වති. ඒ අනුව වැඩිදෙනා කාලය කා දමන්නට නිදහසේ මෙතැන ගැවසෙන සෙයකි.
මේ බෝට්ටුව පස් දෙනකුට දීල තියෙන්නෙ. බිස්නස් නැති නිසා අද කඩයක් අයින් කරගත්තා. ඔය මල් පෝච්චි ටික බලන්න (විසිතුරු මල් පෝච්චි කීපයක් පෙන්වයි) මල් පෝච්චි 21 ක් ගිය මාසෙ ගෙනාවා. තවත් 10 ක් ඉතුරුයි. ඔයාල අපෙන් ඇවිත් බිස්නස් හොඳද කියල අහද්දි අපට කේන්ති යනවා මහත්තයා. ඒ අස්සෙ බෝට්ටුවට 18,000 ගාණෙ ගෙවලා ඒවා නඩත්තු කරන්නත් ඕනෑ. ඔය ගිලිච්ච බෝට්ටුවෙ හතරදෙනෙක් අඹ කැපුවා. මෙතන බිස්නස් නෑනෙ. බෝට්ටුවෙ අඹ කපලා දුන්නම පිටකොටුවෙ වෙළෙන්දො ඇවිත් ගෙනියනවා. ඔන්න බිස්නස් එක. හවස මෙතනට එන්න. ජෝඩු ඇවිත් කරන සේරම ජරා වැඩ බලාගත හැකියි. ලස්සන වූ පිටකොටුවට මේ අඳුරු පිටුවකි. බිස්නස් අඩු බෝට්ටු එහෙන් ගිලේ. බෝට්ටුව ගිලූණු විට වරදත් වෙළඳුන්ටම පාස් වේ. දැන් සියළු බෝට්ටු ලහි ලහියේ පරික්ෂා කිරීම කාලෝචිත වේ. බෝට්ටුව ගිලූණේ පැරණි පිපිරීමක් නිසා නම් එය විමර්ශනය කළ යුතු දෙයකි. හත්අට දෙනා ඉන්නා බෝට්ටු මෙසේ ගිලී යාම සුළු කොට තැකිය නොහැකි කාරණාවකි.

අසංක ආටිගල

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive