facebook like

හම්බන්තොට ආශ්චර්යයේ තරම සජිත් රටටම කියයි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව මේ වන විට මුහුණ දී සිටින ගැටලු හමුවේ ඇත්ත වශයෙන්ම ආණ්ඩුව කියන පරිදි හම්බන්තොට ආශ්චර්යයේ දිස්ත්‍රික්කය දැයි සැක සිතෙන බව එජාප නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.ඒ මහතා මේ බව කියා සිටියේ නියඟයෙන් පීඩා විඳින හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා රුපියල් ලක්ෂ 35ක වියදමින් ජල බවුසර් මඟින් පිරිසුදු පානීය ජලය බෙදා දීම සඳහා දියත් කළ වැඩසටහන යටතේ පල්ලෙමලල ප්‍රදේශයේ ජනතාවට ජලය ලබාදීමේ වැඩසටහනට එක්වෙමිනි.



මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, ශ්‍රී ලංකාවේ සෙසු දිස්ත්‍රික්ක සමඟ සන්සන්දනය කරන විට හම්බන්තොට දිස්ත්‍රික්කය ඉතා දුෂ්කර ජන ජීවිතයකින් සමන්විත, නැති බැරිකම් දුප්පත්කම ඉහවහා ගිය දිස්ත්‍රික්කයක් ලෙස සටහන් වී තිබෙනවා. සුද්දන් මේ රට පාලනය කළ සමයේ එනම්, 20 වැනි සියවස මුල්භාගයේදී හම්බන්තොට දිස්ත්‍රික්කය භාර ආණ්ඩුවේ ඒජනත්වරයා ලෙස කටයුතු කළ ලෙනාඩ් වුල්ෆ් මහතා ඉතා වියපත්ව සිටියදී එනම්, 1960දී පමණ නැවතත් තමන් ආදරය කළ ලංකාව මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කය බැලීමට පැමිණෙනවා. ඒ චාරිකාවෙන් පසුව ඔහු මෙරට සිය සේවා කාලය හා වසර 50කට පසුව සිදුවී ඇති වෙනස්කම් ගැන විවරණය කර තවත් පොතක් ලියනවා. ඔහු කියන්නේ ඒ වන විටත් මාගම්පත්තුවේ ජනතාව දියුණුවක් ලබා නොතිබූ බවයි. ජනතා ඡන්දයෙන් පත්වුණු දේශපාලකයන් දුප්පත් ජනතාවගේ ජීවිතය නඟාසිටුවන්නට වගකීමෙන් යුතුව කටයුතු කර නැති බවයි.


අද හම්බන්තොට හඳුන්වන්නේ 'ආශ්චර්යයේ දිස්ත්‍රික්කය' කියායි. මෙය අසන කෙනකුගේ මනසේ මැවෙන්නේ භෞතික සම්පත්වලින් පරිපූර්ණ, අත මිට සරු, ප්‍රබෝධවත් මුහුණුවලින් පිරි ජනතාවකගෙන් සමන්විත ලංකාවේ විස්මිත දිස්ත්‍රික්කය මෙය විය හැකිය කියායි. එසේ වුණත් දිස්ත්‍රික්කයේ අස්සක් මුල්ලක් නෑර ගම්නියම්ගම් සිසාරා යන අපට මේ පෙනෙන්නේ ඊට සහමුලින්ම වෙනස් පින්තූරයක් බව කනගාටුවෙන් වුවත් කිව යුතුයි. දරිද්‍රතාවයේ පතුළටම වැටුණු ගැමි ජනතාව තමන්ගේ අසරණභාවය කියාගත නොහැකිව සිටිනවා. ඔවුන් නඟාසිටුවීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් නැහැ. ගමේ පොදු වැඩකටයුතු සිදු නොවන තැන් අපමණයි. අබලන් වුණු ගමේ වෙල්යායේ ඇනිකට් එක හදන්න මුදල් අනුමත වෙනතුරු ගොවියන් කන්න ගණනක් සුසුම්ලමින් බලා ඉන්නවා. හිතේ හයියෙන් තාවකාලික පිළියම් කරගෙන වගා කරන්නට උත්සාහ කරනවා. ගමේ පාසලේ අඩුපාඩුකම් අපමණයි. ඒ දුප්පත් දරුවන් ගැන සොයා බලන්න කෙනෙක් නැහැ. රැකියා විරහිතභාවය දිනෙන් දින උග්‍ර වෙනවා. අපේක්ෂා භංගත්වයට පත්වුණු ගමේ තරුණයන් වෙනුවෙන් නිසි වැඩපිළිවෙළක් නැහැ. ඔවුන් තවදුරටත් ඉතා සූක්ෂ්ම ලෙස රැවටීමට භාජන කරනවා පමණයි.


හම්බන්තොට අසිරිය ඇත්තේ ප්‍රධාන නගරය හා ඒ අවටයි. වාහන අඩු වුණත් ඉතා පුළුල් සුපිරි මාර්ග පද්ධති, ඒවා මතින් වැටුණු ගුවන් පාලම්, සුවිසල් ගොඩනැඟිවලින් අලංකාර වූ නගරය, නැව් නොඑන ජාත්‍යන්තර වරාය, ගුවන් යානා නොඑන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගංණය, ටෙලි ගම්මානය දිස්ත්‍රික්කයේ ජනතාවට අලුත් රැකියා අවස්ථා උදා කර දී නැති, තරුණයන්ගේ සිහින බොඳ කළ ව්‍යාපෘතීන් ලෙස සටහන් වෙනවා. මේවා ඉදි කරන්නට කෝටි ප්‍රකෝටි ගණනක් විදේශ ණය ලබා ගත්තේ ගිනි පොලියටයි. ආණ්ඩුව බදු බර වැඩි කොට ජනතාව සූරාගෙන කනවා. දිස්ත්‍රික්කයේ ජන ජීවිතය නඟාසිටුවීම සඳහා ප්‍රමුඛතා හඳුනා ගෙන ප්‍රශස්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව තිබුණත් ඒ වෙනුවට බොරු සෝබනය වෙනුවෙන් අති විශාල ධනස්කන්ධයක් නැති නාස්ති කර තිබෙනවා. මේ නාස්තිකාර වියදම්වලින් දිස්ත්‍රික්කයේ දුප්පත් අසරණ ගැමි ජනතාවට ලැබී තිබෙන ප්‍රතිලාභ මොනවාද? ඔවුන්ගේ දුප්පත්කම තවදුරටත් වැඩිවී තිබෙනවා පමණයි. මේ වන විට මාස 7කට වැඩි කාලයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාල ප්‍රදේශයකට වැස්ස ලැබී නැහැ. දැඩි නියං තත්ත්වය නිසා ගොවි බිම් පාළු වී ජන ජීවිතයද සෝදාපාළු වී ගොස් තිබෙනවා. ජනතාවටත්, ඔවුන් ඇති දැඩි කරන සතා සීපාවුන්ටත් බීමට පානීය ජලය නොමැති තත්ත්වයක් උද්ගත වුණේ දැනට මාස කීපයකට පෙර සිටයි. රජය යටතේ ඇති නාගරික ජල සම්පාදන යෝජනා ක්‍රම ගණනාවක්ම අක්‍රිය වී තිබෙනවා. මෙවැනි තත්ත්වයක් උද්ගත වන විට වගකිවයුතු රජයක් කළ යුත්තේ ඒ ගැන කඩිනමින් අවධානය යොමු කර ජනතාව විපතින් මුදා ගැනීමට පියවර ගැනීමයි. ඒත් නියඟයෙන් පීඩාවට පත්වූ ජනතාවට පිරිසුදු පානීය ජලය බෙදා හැරීමට ප්‍රමාණවත් ජල බවුසර සංඛ්‍යාවක් දිස්ත්‍රික් පරිපාලනය සතුව නැහැ. හම්බන්තොට දිස්ත්‍රික්කය නිතර නියඟයට ගොදුරු වන බව මෙරට පාලකයන් දන්නේ නැද්ද. මෙය මා දකින්නේ දෛවයේ සරදමක් ලෙසයි.


විපතේදී ජනතාවට නියං සහනාධාර ලබා දිය යුතුව ඇත්තේ මානුෂික මුහුණවරකින්, වුණත් එය සිදුවන්නේ ඉතා අසාධාරණ විදියටයි. රුපියල් 6,000ක නියං සහනාධාරයක් ගත්තොත් ඒ වෙනුවෙන් දවස් 12ක් රජයේ වැඩ කළ යුතුයි. රුපියල් 3,000ක් ගත්තොත් ඒ වෙනුවෙන් දවස් 6ක් වැඩ කළ යුතුයි.
මේක හරියට සුද්දාගේ ආණ්ඩු කාලයේදී තිබුණු ඇඟ බද්ද වගෙයි. අද කුලී වැඩක් කළත් දවසකට රුපියල් 800ක් හොයන්න පුළුවන්. නියං සහනාධාරයට හිලව් වන්න ආණ්ඩුව දුප්පතුන්ගෙන් වැඩ ගනිද්දී දවසකට වැටෙන්නේ රුපියල් 500ක් පමණයි.
මහා පරිමාණ ගුවන් තොටුපොළවල්, වරායවල් හදද්දී ඒවාට සම්බන්ධ පුද්ගලයන් කරන්නේ බඩකට පිරෙන්නට හොරකම් කිරීමයි. දිස්ත්‍රික්කයේ බාහිර පෙනුම වෙනස් වුණත් ඇතුළට ඇතුළට යද්දී අපට සිහිපත් වන්නේ ලෙනාඩ් වුල්ෆ් ගත්කරුවා පසු කාලයකදී හම්බන්තොටට පැමිණ සියැසින් දැක ලියූ දේයි. ඒ දේ අදටත් එලෙසම වලංගුයි."

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive