facebook like

හෙල්පිං හම්බන්තොට : හිටපු අගවිනිසුරු යුක්ති ධර්මය කෙළසද්දී නීතිඥයෝ බකංනිලා උන්හ

2005 දී තමාගෙන් නිවැරදි තීන්දුවක් නොලැබුණු බවට සහ එම ‘වරද’ වෙනුවෙන් තමා රටෙන් සමාට අයැදින බවට හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා පාපොච්චාරණය කළ බවක් මාධ්‍ය වාර්තා කෙළේය. ඔහු මේ සඳහන් කරන්නේ, සුනාමි ව්‍යසනය සඳහා ලැබුණු පොදු අරමුදල්වලින් රුපියල් 83,000,000 ක් (අට කෝටි තිස් ලක්ෂයක්), ‘හෙල්පිං හම්බන්තොට’ නම් වූ පෞද්ගලික ගිනුමකට එවක අගමැතිවරයා වූ මහින්ද රාජපක්ෂ විසින් බැර කරගත් බවට නැගී තිබූ චෝදනාව ගැන පොලිස් අපරාධ විමර්ෂණ අංශය මගින් කිරීමට නියමිතව තිබූ පරීක්ෂණය නතර කරන ලෙස ඉල්ලා මහින්ද රාජපක්ෂ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව තමන් දුන් තීන්දුව ගැනයි.

පොලිස් අපරාධ විමර්ශණ අංශය මගින් මේ පරීක්ෂණය ආරම්භ කෙරුණේ, අගමැති මහින්ද රාජපක්ෂ විසින් සුනාමි ආධාර තම පෞද්ගලික ගිණුමකට හරවාගෙන තිබුණු බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කබීර් හෂීම් කරන ලද පැමිණිල්ලක් ප‍්‍රකාරව, නීතිපති කේ. සී. කමලසබේසන් දෙන ලද නියෝගයක් මත කටයුතු කළ රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක විසිනි. වංචාවක් පිළිබඳ මතුපිටින් පෙනී යන සාක්ෂි ඇති හෙයින්, නීතිපතිවරයාගේ අනුමැතිය ඇතිව, මේ සිද්ධිය සම්බන්ධයෙන් වන ‘බී’ වාර්තාවක් පොලිස් අපරාධ විමර්ශණ අංශය විසින් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරියේ ගොනු කෙරුණි. (නඩු අංක බී/1294/5).

අපරාධ විමර්ශන අංශයේ වාර්තාව සළකා බැලූ මහේස්ත‍්‍රාත් අධිකරණය, ‘හෙල්පිං හම්බන්තොට’ සිද්ධියට අදාළ බැංකු ගිණුම් ගණනාවක් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු වහා ඉදිරිපත් කරන්නැ යි පොලීසියට දන්වා සිටියේය. මේ පරීක්ෂණය නිසා තව තවත් කුණු ඇවිස්සෙන්ට පටන් ගත්තේය. කෙසේ වෙතත්, 2005 අගෝස්තු මාසයේ දී, එතෙක් කල් පෞද්ගලික ගිණුමක තබාගෙන සිටි ඒ මුදල්, මහින්ද රාජපක්ෂ විසින් රජයේ පොදු ගිණුමකට මාරු කරන ලදි. වංචාවක් සිදුව ඇති බවට නැගුණු චෝදනාව එයින් තවදුරටත් සනාථ විය. එහෙත් මේ චෝදනා ව්‍යාජ ඒවා බවත්, දේශපාලනික අරමුණු පෙරදැරිව ඉදිරිපත් කෙරුණු ඒවා බවත් කියමින් එවක අගවිනිසුරු සරත් නන්ද සිල්වා එම පරීක්ෂණය නතර කිරීමට නියෝග කිරීම, මේ සිද්ධිය ගැන සැබෑ තතු දත් අයවළුන්ව එදා පුදුමයෙනුත් පුදුමයට පත්කැරැවීය.

කරන ලද පැමිණිල්ල දේශපාලනික අභිමතාර්ථ පෙරදැරිව කරන ලද්දක් විය හැකිය. එහෙත් ඒ හේතුවෙන්, චෝදනාව බොරුවක් හෝ ව්‍යාජයක් වන්නේ නැත. ඊටත් වඩා, ‘බී’ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළ නියෝජ්‍ය පොලිස්පති ගුණතිලක සහ නීතිපති කමලසබේසන්, උසස් සුපිළිපන් භාවයකින් යුත් රාජ්‍ය නිලධාරීන් ය. වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වීම සාධාරණීකරණය වන සාක්ෂි නොවිණි නම් ඔවුන් ‘බී’ වාර්තාවක් ඉදිරිපත් නොකරනු ඇත. අගවිනිසුරුවරයා එම පරීක්ෂණය තහනම් කළා පමණක් නොව, පැමිණිලිකාර මහින්ද රාජපක්ෂට පහත සඳහන් පරිදි වන්ද ගෙවන්නැ යි ද නියෝග කෙළේය:

තොරතුරු සැපයූ පැමිණිලිකරු වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කබීර් හෂීම්ගෙන් රුපියල් 100,000.
පොලිස්පති චන්ද්‍රා ප‍්‍රනාන්දුගෙන් රුපියල් 100,000,
නියෝජ්‍ය පොලිස්පති ගුණතිලකගෙන් රුපියල් 100,000,
රජයෙන් රුපියල් 200,000 යි.

මෙවැනි හානිපූරක දඩයක් නියම කිරීම ස්වාභාවික යුක්ති ධර්මයේ නියාමයට පටහැනි බව මුලින්ම කිව යුතුය. එවැනි දඩයකට ලක්කෙරෙන තැනැත්තාට තමන්ගේ නිදහසට කරුණු කීමට ඉඩ නොදීම ස්වාභාවික යුක්ති ධර්මය උල්ලංඝණය කිරීමකි. මේ සිද්ධියේ දී ඉහත කී නිලධාරීන්ට එරෙහිව විධිමත් චෝදනා ගොනු නොකෙරුණු නිසා, දෙන ලද දඩුවම අත්තනෝමතික වන අතර ස්වාභාවික යුක්තියේ මූලික නියාමයක් උල්ලංඝණය කිරීමක් ද වන්නේය. මගේ මේ ස්ථාවරය සනාථ කිරීම සඳහා ඕනෑ තරම් නීති ආඥා තිබේ.

එහෙත් මේ අගවිනිසුරුවරයාගේ ඒ අගතිගාමී තීන්දුව ඉදිරියේ, මේ නඩුවේ විත්තිකාර පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කෙළේ බකංනිලාගෙන සිටීමයි. සමහර විට ඒ, තමන්ගේ අනාගත නඩුහබ සඳහා මෙකී අගවිනිසුරුවරයා වෙතින් හිතෛෂී සාවධාන වීමක් අපේක්ෂාවෙන් විය හැකිය. මේ අගවිනිසුරුවරයාගේ අගතිගාමී තීන්දු ගැන සිය ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත් තීරුලිපි තුළින් එදා ප‍්‍රශ්න කිරීමට හයියක් තිබුණේ නීතිඥ කිෂාලි පින්තු ජයවර්ධනට පමණි.

විනිශ්චයේ දෝෂයක් නිසා අත්වැරැදි විය හැකිය. එහෙත්, කෙනෙකුගේ පෞද්ගලික අභිලාෂ සන්තර්පණය සඳහා පොදු මුදලක් පෞද්ගලික ප‍්‍රයෝජනයට ගත්තේ යැයි කියන ජාතික අපරාධයක් ‘අත්වැරැද්දක්’ විය නොහැක. හිටපු අගවිනිසුරුවරයා දැන් කරන ප‍්‍රකාශය හරහා හෙළිදරව් කෙරෙන්නේ, ඔහු විසින් කරන ලද අපරාධ වැලකි. අත්තනෝමතික අධිකරණමය ක‍්‍රියාවලියක ආවරණය යටතේ මෙතෙක් කල් ඒවා වසං කොට තබා ගැනුණි. දැන් ඔහුම පිළිගන්නා පරිදි, දිව්රා බොරු කීමට අමතරව, බරපතල අපරාධ චෝදනාවට ලක්වූ තැනැත්තෙකු රටේ විධායක ජනාධිපතිවරයා වශයෙන් ඇටවීමට ඔහු විසින් ඉඩ හැරීම ද මෙහි දී කර තිබේ. එකී සාපරාධී ක‍්‍රියාවන් තුළ, ඉහත කී අත්තනෝමතික වන්දි දඩ ගැසීම් වනාහී බලහත්කාර පැහැර ගැනීමක් හෙවත් ත‍්‍රාසද්ග‍්‍රහණයකි.

එසේම ඔහු විසින් එසේ ත‍්‍රාසද්ග‍්‍රහණයට ලක්කොට ඇත්තේ, තම රාජකාරිය හිතට එකඟව කිරීමට ගිය අවංක රාජ්‍ය නිලධාරීන්වයි. එවැනි සාහසික අපරාධයක් කළ ඔහුට එරෙහිව ගන්නා වෙනත් නිසි පියවරයන්ට අමතරව, අහිංසක රජයේ සේවකයන්ගෙන් අයකර ගත් එකී අත්තනෝමතික දඩ මුදල් වන්දිත් සමග ඔහු විසින් අද එම නිලධාරීන්ට ආපසු ගෙවිය යුතු නොවේද?

හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටැසී සෙනෙවිරත්න

*2014 ඔක්තෝබර් 26 වැනි දා ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූHelping Hambantota: Lawyers Acquiesced When Ex-CJ Perverted Justice නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive