facebook like

රාජපක්ෂලාට එරෙහිව බණ්ඩාරනායකලා දිනුම කාටද?

"ජනාධිපතිවරණ දිනය බණ්ඩාරනායකගේ උපන් දිනය වුණේ මහින්ද දැනගෙනද? නොදැනද?"
මේ බොහොමයක් දෙනා අහන ප්‍රශ්නයකි. මහින්ද ජනාධිපති වූ 2005 ජනාධිපතිවරණ දිනය වූයේ මහින්දගේ උපන් දිනයේය. එදා ප්‍රථම වරට ශ්‍රී ල.නි.ප. නායකත්වය බණ්ඩාරනායක පවුලෙන් පිට රාජපක්‍ෂ පවුල යටතට පත්විය.

"ඒ කියන්නේ බණ්ඩාරනායකගේ උපන් දිනයේ ශ්‍රී ල.නි.ප.ය යළි බණ්ඩාරනායකලාඅතට පත්වෙයිද?"
ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි මේ සටන දැන් පවුල් දෙකක් අතර සටනක් බවට පත්වී ඇති බව පෙනේ. ඒ රාජපක්‍ෂ පවුලට එරෙහිව බණ්ඩාරනායක පවුලේ සටනක් බවට පත්වී තිබේ. මෙය මේ පවුල් දෙක අතර මරාගෙන මැරෙන අන්තිම සටනය. මේ සටනින් රාජපක්‍ෂලා පැරදුණොත් රාජපක්‍ෂලා ඉවරය. බණ්ඩාරනායකලා පරාජය වුවොත් බණ්ඩාරනායකලා ඉවරය.


ලංකාවේ මේ පවුල් දේශපාලනය පටන්ගත්තේ ශ්‍රී ල.නි.ප.යෙන් නොව එ.ජා.ප.යෙනි. එ.ජා.ප.ය නිර්මාණය වන්නේ සේනානායක, කොතලාවල සහ ජයවර්ධන යන පවුල් තුනක් හවුල් වෙලාය. මේ පවුල් තුන සිය නායකයා ලෙස පිළිගන්නේ ඩී.ඇස්. සේනානායකවය. 1951 ඔහු අශ්වයා පිටින් වැටී මියගිය පසු අගමැති ධුරයට පවුල් අතර ගැටුම ඇවිළෙයි. කොතලාවල පවුල නියෝජනය කරන සර් ජෝන් ඩී.එස්.ගෙන් පසු අගමැති ධුරය ගැන බලාපොරොත්තු ඇතිකර ගෙන සිටී. ඒත් ඩී.එස්. තමාගෙන් පසු අගමැති ධුරයට පත් කරන්න හීන මවන්නේ තම පුත් ඩඩ්ලිවය. ජයවර්ධන පවුල නියෝජනය කරන ජේ.ආර්. ඩඩ්ලි අගමැති කරන්න දරදිය අදින්නේ කොතලාවල පවුල සමඟ ඇති වෛරයක් පිරිමහන්න පමණක් නොව ඩඩ්ලිගෙන් පසු අගමැති වීමේ බලාපොරොත්තුවෙන්ය.


බණ්ඩාරනායක 1947දී ඩී.එස්.ට ආණ්ඩුවක් හදන්න උදවු කරන්නේත් ඩී.එස්.ගෙන් පසු අගමැතිකම හිමිකර ගන්නටය. ඒත් ඩී.එස්. තම පුත් ඩඩ්ලි අගමැති කරන්න ආණ්ඩුකාරවරයා සමඟ කුමන්ත්‍රණය කරන බව ඉවෙන් දැන බණ්ඩාරනායක එ.ජා.ප. ආණ්ඩුවෙන් ඉවත් වී ශ්‍රී ල.නි.ප.ය බිහි කරයි. ශ්‍රී ල.නි.ප.යේ උපතම අගමැති ප්‍රශ්නයකි.


ඩී.එස්. මියගියාට පසු ඩඩ්ලි අගමැති කරන්න ආණ්ඩුකාරවරයා සහ ජේ.ආර්. ගහපු ගැටය නිසා කොතලාවල කෝප වේ. එහි ප්‍රතිඵලය ඩඩ්ලිට අගමැතිකම් කළ නොහැකි වටපිටාවක් ඇමැති මණ්ඩලය තුළ කොතලාවල නිර්මාණය කිරීමය. 1953 හර්තාලයෙන් ඩඩ්ලි විසිවේ. අගමැති වන්නේ කොතලාවලය. ඩඩ්ලිගේ ඥාති එෆ්.ආර්. සේනානායකගේ පුත් ආර්.ජී. සේනානායක සහ ඩඩ්ලි එතැන් සිට කොතලාවල පරාජය කිරීමට බණ්ඩාරනායකට උඩගෙඩි දෙයි. බණ්ඩාරනායක ඒ වෙලාවේ ඩඩ්ලිව එළියට ගන්න කොතලාවල පරාජය කරන ආණ්ඩුවේ අගමැතිකම දෙන්න පොරොන්දු වුණත් ඩඩ්ලි ගේම ගහන්නේ හැංගිලාය. සේනානායකලා කොතලාවලගෙ කකුලෙන් අදිද්දී බණ්ඩාරනායක දිනයි.


බණ්ඩාරනායක අගමැති වී දවසින් දවස පිරිහෙද්දී ඩඩ්ලි එළියට ඇවිත් යළි එ.ජා.ප. නායකත්වය භාර ගත්තේ කොතලාවල එ.ජාප.ය හැරදා ගිය පසු පක්‍ෂය ප්‍රතිසංවිධානය කරන ජේ.ආර්. කෙරෙහි විශ්වාසය තබලාය. 1959 බණ්ඩාරනායක ඝාතනය වූ පසු 1960 බණ්ඩාරනායක මැතිනිය බලයට පත්වේ. 1960 ජූලි ඡන්දයට මැතිනිය නායකත්වය දීමට එන්න පෙර 1960 මාර්තු ඡන්දයේදී පක්‍ෂයට නායකත්වය දෙන්නේ සී.පී. ද සිල්වාය. එ.ජා.ප.ය බිහිවන්නේ ධනවත්, බලගතු පවුල් හවුලකින් වුවද ශ්‍රී ල.නි.ප.ය බිහි වන්නේ බණ්ඩාරනායක වටා ගොනු වන ප්‍රාදේශීය පවුල් සමූහයකිනි. සී.පී. ද සිල්වා වගේම මහින්දගේ පියා ඩී.ඒ. රාජපක්‍ෂලාද ඒ පවුල් සමූහය නියෝජනය කරන අයය. 1960 මාර්තු මැතිවරණයෙන් අගමැති වෙන්න නියමිතව සිටි සී.පී. ද සිල්වාට 1960 ජූලි ඡන්දයෙන් අගමැති වූ මැතිනිය පල නොකියා පලා බෙදද්දී ඩඩ්ලි ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන මැතිනියගේ ආණ්ඩුව පෙරළා පිහිටුවන ආණ්ඩුවක අගමැතිකම සී.පී.ට දෙන්න ඉදිරිපත් වේ. ඒත් සී.පී. තමාට එ.ජා.ප. ඡන්ද ලබාගත නොහැකි වේ යැයි බිය වී ඩඩ්ලිට අගමැති ධුරය දෙයි. 1965 ඩඩ්ලි අගමැති වෙයි.


ඒත් ඩඩ්ලිගේ අසනීපය හේතුකොට ජේ.ආර්. ඩඩ්ලි හදිසියේ මියගියොත් අගමැති වීමට හීන මවයි. එය ඩඩ්ලිට දැනී ඩඩ්ලි සහ ජේ.ආර්. ගැටුම පටන් ගනී. බණ්ඩාරනායක මැතිනියට එය ඉව වැටී ජේ.ආර්.ව නිහඬ කරවා 1970 මහ ඡන්දයෙන් ඩඩ්ලිගේ ආණ්ඩුව පරාජයට පත්කිරීමට සමත් වේ.
1970-77 මැතිනියගේ ආණ්ඩුව වැටෙන්නේ ශ්‍රී ල.නි.ප.යේ පවුල් ගැටුමක් නිසා නොව මැතිනියව බලයට ගෙන එන ල.ස.ස.ප.ය සහ කො.ප.ය මැතිනියව අත්හරින නිසාය.


1977 ජේ.ආර්. බලයට එන්නේ සේනානායක පවුල් ගස උදුරා දමා ශ්‍රී ල.නි.ප.යේ මෙන් ප්‍රාදේශීය නායකයන් සමූහයක් එකතු කරගෙනය. ප්‍රේමදාස, ලලිත් සහ ගාමිණී එහි ප්‍රධාන පෙළේ නායකයන්ය. 1988 දී ප්‍රේමදාස ජේ.ආර්.ගේ තැන ගනී. ඒත් තමන්ට අගමැතිකම නොලැබීම නිසා ලලිත් සහ ගාමිණී ප්‍රේමදාසගේ කෙහෙල්වත්තට එරෙහිව ගහන්නේ කුරුඳුවත්තේ කැරැල්ලකි. ඇත්තටම එ.ජා.ප.ය තුළ 1988 සිදුවන්නේ පවුල් දෙකක් අතර බල හුවමාරුවක් නොව පන්ති දෙකක් අතර බල හුවමාරුවකි. ඒ ජේ.ආර්.ගේ කුරුඳුවත්ත පන්තිය සහ ප්‍රේමදාසගේ කෙහෙල්වත්ත පන්තිය අතරය. ජේ.ආර්. බලය කෙහෙල්වත්තට දෙන්නේ කැමැත්තෙන් නොව කර කියාගත හැකි දෙයක් නොමැතිවය. ජේ.ආර්. හිතන්නේ ප්‍රේමදාස පරදියි කියාය. දින්නත් ඇනගනියි කියාය. ඒත් ප්‍රේමදාස ජ.වි.පෙ. මර්දනය කොට ඉන්දීය හමුදා යවා තම පන්තියේ බලය පක්‍ෂය තුළ තහවුරු කර ගන්නා විට ජේ.ආර්.ගේ පන්තිය එයට ඊර්ෂ්‍යා කරයි. ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්නේ ජේ.ආර්.ගේ කුරුඳුවත්ත පන්තියය. එයට හොරගොල්ලේ බණ්ඩාරනායක පවුලද සම්මාදම් වන්නේ 1956 කොතලාවලලා පන්නන්න සේනානායකලා බණ්ඩාරනායකලාට එක් වූ ලෙසය. එම කැරැල්ලෙන් එ.ජා.ප.යට වන හානිය සුළුපටු නොවේ.


1993 ප්‍රේමදාස ඝාතනයෙන් පසු ජනාධිපති වන ඩී.බී. විජේතුංග ප්‍රේමදාස නාමයට සහ පවුලට කරන කෙනෙහිලිකම් නිසා එ.ජා.ප.ය අන්ත පරාජයට පත්වේ.
1994 ශ්‍රී ල.නි.ප.ය යළි හිස ඔසවන්නේ ලලිත් සහ ගාමිණීගේ මේ අගමැති ප්‍රශ්නය නිසා හටගත් එ.ජා.ප. අර්බුදය නිසාය. 1994 ජනාධිපති වන චන්ද්‍රිකාගේ ආණ්ඩුව 2001දී රනිල් පරාජයට පත්කරන්නේ ඇගේ ආණ්ඩුවේ ඡන්ද මැෂිම වන එස්.බී.ගේ අගමැති සිහිනය බොඳ වීමත්, බණ්ඩාරනායකලාට හැමදාම කඩේ ගිය රාජපක්‍ෂලාගේත් අසහනය ප්‍රයෝජනයට ගෙනය. මහින්ද ඒ වේලාවේ රනිල්ට උදවු කරන්නේ හොරෙන්ය.


චන්ද්‍රිකා 2004 යළි ආණ්ඩුව පිහිටුවන්නේ ජ.වි.පෙ. සහායෙන්ය. තෙවරක් තරග කළ නොහැකි ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවට පින්සිදුවන්න රාජපක්‍ෂලා ප්‍රථම වරට බණ්ඩාරනායකවරුන් පන්නා ශ්‍රී ල.නි.ප. නායකත්වය හිමිකර ගනී.
එතැන් පටන් බණ්ඩාරනායක පවුල යළි ශ්‍රී ල.නි.ප.යේ බලය අල්ලන්න උදවු පතන්නේ එ.ජා.ප.යෙන්ය. 2008 අය - වැයෙන් රාජපක්‍ෂ ආණ්ඩුව පරාජය කරන්න මාතර ශ්‍රී ල.නි.ප. ප්‍රාදේශීය පවුල් අත්තක් වන මංගල බණ්ඩාරනායක පවුලේ ඔටුන්න හිමි කුමරා සමඟ එක් වී ආණ්ඩුවෙන් එළියට එයි. ඒත් රාජපක්‍ෂලා ආණ්ඩුව ආරක්‍ෂා කර ගන්න සමත් වේ.


රාජපක්‍ෂලාට ශ්‍රී ල.නි.ප. නායකත්වය හිමි කරගන්න දරදිය ඇද්ද පොළොන්නරුවේ මෛත්‍රිපාල පවුල බණ්ඩාරනායකලා පන්නන්න උදවු කරන්නේ රාජපක්‍ෂලා අගමැතිකම දෙයි කියා හිතාගෙනය. ඒත් රාජපක්‍ෂලා තමාට අගමැතිකම නොදෙන බව දැනගන්නා මෛත්‍රිපාල විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වී එළියට එන්නේ බණ්ඩාරනායකලා සමඟ එක් වී රාජපක්‍ෂලා විනාශ කරන්නය.


1994 සිට 2004 දක්වා බණ්ඩාරනායකලා විනාශ කරන්න එ.ජා.ප.යට උඩගෙඩි දෙන්නේ රාජපක්‍ෂලාය. එහිදී රාජපක්‍ෂලා එ.ජා.ප.යට තල්ලු කරන්නේ ශ්‍රී ල.නි.ප. ඡන්ද මැෂිම එස්.බී.වය. දැන් රාජපක්‍ෂලා විනාශ කරන්න එ.ජා.ප.යට උඩගෙඩි දෙන බණ්ඩාරනායකලා ඉස්සරහට දමන්නේ පක්‍ෂ ලේකම් මෛත්‍රිපාල සිරිසේනවය. මෛත්‍රිපාල පසුගියදා බණ්ඩාරනායක සමාධිය අබියස පොරොන්දු වූයේ තමා ජනාධිපති වුවොත් බණ්ඩාරනායක ප්‍රතිපත්ති අකුරටම රකිනවා කියාය.
ඒ වගේම ඔහු සිරිකොතට ගොස් කීවේ තමා ඩී.ඇස්.ගේ ජනපද ව්‍යාපාරයෙන් බිහිවූ ගොවියෙක්ගේ පුතෙක් යැයි කියාය. ඔහු එහිදී එ.ජා.ප.යේ ඇත් රජු ගාමිණී අතුකෝරලව මතක් කරන්නද අමතක කළේ නැත. එහෙම බලනකොට ඔහු රාජපක්‍ෂලා පන්නන්න සිරිකොතයි, හොරගොල්ලයි යා කරන පාලම බවට පත්ව තිබේ. ඔහු ඒ චරිතය මැනවින් නිරූපණය කරමින් සිටී. මෛත්‍රි, ෆොන්සේකා කෙනෙක් වේ යැයි රාජපක්‍ෂලා හිතුවාට එහෙම වෙන පාටක් පේන්න නැත. එහෙම බලනකොට රාජපක්‍ෂලාට හිතන තරම් වැඩේ ලේසි නැත.


මෛත්‍රි මේ රඟපාන්නේ 2005 මහින්ද රඟපෑ චරිතයය. මහින්ද ජ.වි.පෙ. එක්ක ගිහින් වෙනම ගිවිසුමක් ගැසුවේය. හෙළ උරුමය සමඟ ගිහින් වෙනම ගිවිසුමක් ගැසුවේය. මහින්ද ජ.වි.පෙ.ටයි හෙළ උරුමයටයි ශ්‍රී ල.නි.ප.ය පාවා දීලා යැයි එ.ජා.ප.ය කියද්දී මහින්ද ශ්‍රී ල.නි.ප.යත් තමා වටේ එක්රොක් කර ගත්තේය. අද මෛත්‍රි වගේම එදා මහින්දත් රඟපෑවේ ගමේ බයියාගේ චරිතයය.
2005 නොවැම්බර් 18 තම උපන් දිනය දින ශ්‍රී ල.නි.ප.ය හොරගොල්ලෙන් මැදමුලනට අරන් යන්න මහින්ද සමත් විය.
2015 ජනවාරි 8 බණ්ඩාරනායක උපන් දිනයේදී මෛත්‍රි ශ්‍රී ල.නි.ප.ය යළි මැදමුලනෙන් හොරගොල්ලට ගෙන එයිද?
රටම බලා ඉන්නේ ඒ දිහාය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive