facebook like

සමාජවාදී/නිළි අනෝමා ජනාදරී ජනාධිපතිගේ රහසක් හෙලි කරයි

ශ්‍රී ලංකාවේ නිළියක වන අනෝමා ජනාදරි අභාවප්‍රප්ත මහාචාර්ය සුචරිත ගම්ලත් ශූරීන්ට ජනාධිපතිවරයා විසින් රුපියල් ලක්ෂ 50ක් මුදලක් ලබා දුන් බව සිය ෆේස්බුක් පි‍ටුවෙහි සඳහන් කර තිබේ. ඒ වෙනුවෙන් ඇය ජනාධිපතිවරයාට ස්තූති කර දැන්වීමක් ද පල කර ඇත.
එහෙත් මේ පුවත අමූලික බොරුවක් බව මහාචාර්යවරයාගේ බිරිඳ පවසයි. මේ සම්බන්ධයෙන් ඇය අනෝමා ජනාදරී අමතා විමසා ඇති අතර ඇය පවසා ඇත්තේ මේ බව ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරීන් තමන්ට
පැවැසූ බවය.

අනෝමාගේ ෆෙස් බුක් පි‍ටුවෙහිම මේ සම්බන්ධයෙන් මහාචාර්යවරයාගේ දියණියද ප්‍රතිචාර දක්වා ඇත.


Anoma Janadare මැයි 03දාට යෙදී තිබුණු මගේ උපන් දිනය දා අලුයම දුරකතනයෙන් මා අමතා සුභ ප්‍රර්ථනා කළ ඔබ තුමාට නිළ වශයෙන් ස්තුතිය පල කරමින් කලාකරුවන් නියෝජනය කරන "සරසවිය"පුවත්පතට මා යැවූ සටහන තවමත් පල නොවූ අවස්ථාවක FACEBOOK හි මගේ Profile එක හරහා මෙලෙස ඔබ අමතන්නට කල්පනා කළා.

මුලින්ම මට සුභ පැතු ඔබතුමන්ට ගෞරව පුර්වක ස්තුතිය පිරිනමමි.

ඒත් සමඟම ඔබගේ දුරකථන ඇමතුම හරහා මවිසින් කළ යුතු තවත් ස්තුතියක්ද තිබේ.එය හුදෙක් ලංකාවේ මාක්ස්වාදී විචාරකයින් හා එකී විචාර කලාවේ සේවය ලබන සිය දහස් සංඛ්‍යාත පාඨක විද්වතුන්ගේ ද ස්තුතිය ඔබට හිමි විය යුතු වැදගත් කර්තව්‍යයකි.

ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී කලා විචාර කතිකාවේ ප්‍රමුඛයකු ලෙස සලකන මහාචාර්ය සුචරිත ගම්ලත් රෝගාතුරව කල් ගත කරණ අවධියේදී එතුමන්ගේ ශරීර සෞඛ්‍ය සුවතාවය වෙනුවෙන් ඇවැසි බේත්-හේත් සඳහා ඔබ විසින් පෞද්ගලිකවම ඒ පිළිබඳව සොයා බලා පිරිනමන ලද රුපියල් ලක්ෂ 50ක මුදලක් මහාචාර්ය තුමන් වෙත පිරිනමන ලද බැවින් ඒ සඳහා පුද්ගලිකවම මම මෙලෙස ඔබතුමන් වෙත මගේ ස්තුතිය පිරිනමමි.

අනෝමා ජනාදරී

සමාජවාදී/චරිතාංග නිළි

මහාචාර්යවරයාගේ දියණියගේ ප්‍රතිචාරය
Sharmila Gamlath Dahanayake අනෝමා ඔබගේ මෙම පිටුවේ තිබෙන ජනාධිපති තුමා මූලික කරෙගන ලියන ලද කතාව අවසානයේ මගේ පියා සම්බන්ධ්ව කරන ලද ප්‍රකාශය මම එකහෙලාම ප්‍රතික්ෂේප කරන අතර මේ ලිපිය නිසා ඔබ ගැන මගේ තිබු පැහැදීම සත්‍ය වශයෙන්ම ගිලිහී යාම පිලිබඳව මම පෞගලිකව දුක් වෙමි. මගේ පියා ජීවත්ව සිටිත්දී කිසිදිනෙක එකිනෙකා ළඟ වඳ වැටි මුදල් හෝ වෙනත් කිසිම උපකාරයක් ලබානොගත් බව ඔබ හොඳාකාරව දැනගෙන මෙවැනි ප්‍රකාශයක් කිරීම සැබැදිව මම මහත් කනගාටුවට පත් වන්නෙමි. මාගේ පියාට ආණ්ඩුවකින් ලැබුණ එකම දේ වන්නේ වසර දාහතරක් අසාධාරණව රැකියාවන් පහකර, දහදුක් විඳීමට සැලසීම පමණකි. මගේ පියා ඔහුගේ දරුවන්ටත් ඔහු සමග සිටි සැමටත් කොන්ද කෙලින් තබාගෙන ආදර්ශමත් දිවියක් ගත කිරීමේ වටිනාකම නිරතුරුවම පහදා දුන් බව ඔබ හොඳාකාරවම දාන්න බව මම දනිමි. පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීම සහ තමුන්ගේ ජනප්‍රියත්වය වැඩි කරගැනීම සඳහා ජීවිතෙන් සමුගත් මාගේ පියාගේ නම යොදා ගැනීම පිළිකුලෙන් හෙළාදකින බව සදහන් කරන අතර, ඔබ වැනි උගත් මනා බුද්ධියකින් පිරිපුන් යයි පිළිගැනෙන සහ සමාජවාදී යැයි සඳහන්කරගන්නා කාන්තාවක් මෙම සටහන ලිවිම හරහා දැනට පවතින දේශපාලන ප්‍රවාහයේ ඉත්තෙක් වීම ගැන දුක් වෙමි. මෙම ලිපිය මගේ පියාට කරන අපරාදයක්, අගෞරවයක් හෙයින් මාගේ පියාගේ නම මෙම ලිපියෙන් ඉවත් කරගන්න මේන් කාරුණිකව ඉල්ලමි. මගේ පියාට ජනාධිපති කාර්යාලයෙන් මල් වඩමක් හැර මුදල් හෝ වෙනත් කිසිම දෙයක් නොලැබුණු බව මම සහතික කරමි.


3 comments: Leave Your Comments

  1. pissu geniyakne anoma

    ReplyDelete
    Replies
    1. anomata pissuma thama ....aththa hoyanne balanne nathiwa a wage dewal karanne....

      Delete
  2. Anoma Janadaree kiyanne pissu lonthayak bava kala lowe siyalu denaama dannawa. Janaadaree janaadipathi upadesaka wariyak weida?

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive